උඩරට ගිවිසුමට වසර 200 ක් සපිරුණු මාර්තු 2 වැනිදා ස්වර්ණහංස පදනම මහනුවර දළඳා මාළිගාවේ මගුල් මඩුවේ ප්‍රදර්ශනය කළ ජාතික කොඩිය ඉවත් කර 1815 වාරියපොළ සුමංගල හිමියන් එසවූ සිංහලේ කොඩිය ඔසවන්නට ගොස් පොලිසිය සමග ගැටුමක් ඇති කර ගත්තේය.
එම පදනම කොළඹ නිදහස් චතුරස්‍රයේ සිට රිය පෙරහරකින් මහනුවරට ගිය බවත් පවතින ජාතික කොඩිය වෙනුවට සිංහලේ කොඩිය භාවිතයට ගෙන ටොරින්ටන් චතුරශ්‍රයේ නම නිදහස් චතුරස්‍රය යනුවෙන් නම් කරන ලෙසද එම පදනම රජයෙන් ඉල්ලයි.
සංවිධායකයන් හා පොලිසිය අතර එහිදී ගැටුමක්ද හටගත්තේය.
ඡායාරූප - නෙත් නිව්ස් අනුග්‍රහයෙනි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයන් ගැන ඇත්තටම කැක්කුමක් තිබෙනවා නම් කරුණාකර අසරණවෙලා ඉන්න සිංහල දරුවන් හොයලා ඒ අය වෙනුවෙන් මේ කාලය, ධනය ශ්‍රමය වැයකරන්න. (නි)
සුමුදුට, නැවත රජ කාලෙට යන්න ඕන වෙලා. (ර)
සුමුදු, මෙවැනි දේවලින් වෙන්නේ අනවශ්‍ය ගැටළු ඇතිකිරීමකි (නි)
අන්තිමට අපේ ඇත්තම කොඩිය එල්ලීමත් දඬුවම් ලැබියහැකි වරදක් වෙලා. ඔන්න අපි ලැබූ නිදහස! (නි)
කවුරුන් කළද, ජාතිවාදී ක්‍රියා අපි නම් හෙළාදකිනවා (නි)
නැති ලෙඩ අදින්න අවශ්‍ය නැහැනේ මේ වෙලාවේ. නුතන සිංහ කොඩිය පිළිබඳව මොවුන් නොදන්නා බවයි පෙනෙන්නේ (නි).