වාරියපොළ බස් නැවතුම් පොළේ දී පොල් කඩන්නකුට පහර දුන්නැයි කියන තිලිණි අමල්කා (22) රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හරින ලෙස වාරියපොළ වැඩ බලන මහේස්ත්‍රාත් ශ්‍රීමතී රාජපක්ෂ මහත්මිය අද (27) සවස නියෝග කළේය.
ඔහු තමාට නොහොබිනා ලෙස කතා කළ නිසා පසුගිය 16 වැනිදා පහර දුන් බව කියන තිලිණි අමල්කා මෙනෙවිය නීතීඥවරයකු සමඟ අද (27) වාරියපොළ පොලීසියට පැමිණියාය.
තමාට අසභ්‍ය වචනයෙන් බැන වැදීම නිසා ඔහුට පහර දුන් බව ඇය පොලීසියට කියා ඇත.
ඇය එම පුද්ගලයාට පහර දෙන වීඩීයෝවක් ෆේස්බුක් වෙබ් අඩවියේ පළ විමත් සමඟ මේ සිද්ධිය ලොව පුරාද පැතිර ගියේය.
තමා බස් නැවතුම්පොළේ සිටියදී සිදු වු දේ එහි සිටි සිය ගණනක් දුටු නමුත් කිසිවකුත් තම සහායට නොපැමිණි බව ඇය කියන්නීය.
‘මිනිසුන් ඔහේ බලාගෙන හිටියා.කිසිම මාධ්‍යකින් මට සාධාරණය ඉෂ්ට වුණේ නෑ. කාන්තාවක් දුෂණය කිරීමක් වුවත් වීඩියෝගත කිරීමට නම් මිනිසුන් ඉන්නවා .මගේ ආරක්ෂාව වෙනුවෙන් මම ඉදිරිපත් වීම වැරැදිදැ‘යි ඇය අසන්නීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනූ, නරක ගෑහැනුන්ට ජරා කතා කියනවා ඇති. අපිත් පිටකොටුවේ යනව. එහෙමනම් වෙලා නෑ තවම. ජනූට වෙලා තියෙනව වගේ. විනාඩි 30 කට වඩා පස්සෙන් පන්න පන්න ගහපු බවයි, ඒ කොල්ල අතක් ඉස්සුවේ නැති එකයි වීඩියෝ එක බලන ඕන මෝඩයෙක්ට තේරෙනවා. ජනූ දැක්කද කරපු අසික්කිත විහිළුව? අපිනම් නොදන්න නොදැක්ක දේවල්වලින් තීරණ ගන්න යන්නෙ නෑ. කොහොම වුණත් ඔහොම ඉවසගෙන ඉන්න කොල්ලොත් දැන් නෑ. හොඳට ඇදපු කොල්ලෙක් ඔය කරා කියන විහිළුව කරනම් ගහයිද ඔහොම? (අ)
මෙිවාගේ කෙල්ලන්ව එල්ලන්න ඕනෑ කොල්ලෙක්ගේ ආත්ම ගරුත්වයක් කවදාවක් කෙල්ලෙක්ට ගන්න බැහැ. (අ)
වරදක් වුණා නම් ඒ වරදට හියිය පාර්ට් අරන් පිරිමියෙකුට ගහන එක ලොකු කමක් කියල හිතාගෙන ඇති ඒ ගෑණි. වචනෙකට ඔය තරම් උඩ පැන්නේ ඒ පිරිමියා නිහඬ වුනු නිසා මිසක් එක අතක් උස්සල හරි ඒ මනුස්සයා හරි හමන් පාරක් ගැහුවා නං ඔය කෙල්ලට දුවන්න පාරත් මදි. වචනෙට වචනේ මිසක් අත උස්සපු එක මහා අවලන් වැඩක්. ඒ කෙල්ල දිහා බැලුවම පේනවා තත්ත්වය .ඇඳුමක්ද ඔය ඇඳන් ඇවිල්ල තියන්නේ. (අ)
ගෑනියෙක් ඇඳන් යන්න ඕන ගෑනියෙක් විදිහට, හැසිරෙන්න ඕන හොඳ අයෙක් විදිහට. මේ වගේ කැත විදිහට හැසිරෙන නරක ගෑනු නිසා වෛර, පළිගැනීම්, දුෂණ වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. වචනෙට වචනෙන් උත්තර න්දෙන්න බැරි නං නෑහුනා වගේ ගියා නං කිසි අවුලක් නැහැනේ. උපාසක වෙස් ගන්න ගත්තු උත්සහයක් වගෙයි පෙන්නේ. එක තැනකින් බේරුනත් තව තැනකදී ඔය ගෑනිවම ඉලක්ක කරලා ඉස්සරහට මීට වඩා දෙයක් වුනත් වෙන්න පුළුවන්. මොකද හැමෝම ඉවසන්නේ නැති නිසා. (අ)
එක පාරක් විතරක් ගහලා ගිහින් ලගම ඉන්න පොලිස් නිලදාරියට කිව්වා නම් නීතිය සහ සමාජ අනුකම්පාව දෙකම මේ ළමයාගේ පැත්තට හරවා ගන්න තිබුනා. පමණට වඩා ක්‍රියාත්මක වීම කව්රුවත් අනුමත කරන්නේ නැහැ (නදී)
අමිත, කොල්ලෙක් නොවෙයිද? (අ)
මේ වගේ දේවල් හැමතැනම වෙනවා. ගැහැණු ළමයින්ට කරදර වෙද්දී ඒ ගැන බලන්න කවුරුවත් නැහැ (නි)
හුඟක් ගැහැණු අය කරදර වල පැටලෙන්නේ තමන්ගේම වරදින්. අද සමාජය එදා අපේ ආච්චිලා සීයලාගේ සමාජයට වඩා හුඟක් වෙනස්. ගෑනියෙක් කියන්නේ ගෑනියෙකුට, පිරිමියෙක් කියන්නේ පිරිමියෙකුට. ඔය දෙක මාරු වුණාම කොයි කවුරුත් සමච්චලයට ලක්වෙනවා. වරදක් වුනා හෝ නොවුනා විය හැකියි. සීලාචාර විදිහකට නම් වචනයක් පස්සේ එල්ලෙන්නේ නැතුව පාඩුවේ නොගිහින් ඔය විදිහට පැටලෙන්න ගිය එක හුඟක් වැරදියි. එත් මේ කොල්ල කිසිම පියවරක් නොගත්ත එක ගැන සතුටුවිය හැකියි. වරද කාගේ වුණත් කෙනෙක් ඔහොම ගුටි කාගෙන ඉඳීද ? තමන් හරියට ඇඳ පැළඳ යන ගමනක් පාඩුවේ යන අය අද නැහැ. කාගේ හරි හැඟීම් අවුස්සන විදිහට තමයි හුඟක් අය හැසිරෙන්නේ.(අ)
මිනිහගේ පෞරුෂයේ කිසි වරදක් නැහැ . මෙයා පොල් කඩන කෙනෙක්ලු. පොල් කඩන මහත්තුරු නැහැනේ. මේ අය කරන්නේ ලොකු රස්සාවක්. මේ කියන කාටවත් පොල් ගස් 10 කට නගින්න පුලුවන්ද? නිහතමානී නිසා ඉවසුවට මිනිහ හොඳ ශක්තිමත් .. මේ වගේ ගෑනු සමාජයට පිළිලයක්.කොහොමද තව වයස 30 ක් 40 ක් උනාම..දැන්මම මෙහෙම නම් ???(අ)
මේ ගෑනු ළමය කිසිම සීලාචාර ගතිගුණ තියන කෙනෙක් කියන්න බහැ. එත් ගුටි කාගෙන හරි ඉවසීමෙන් හිටපු කොල්ලා කලේ ලොකු දෙයක්. වචනෙට වචනෙන් මිසක් අත පය දිග හරින එක අවලන් කමක්ම තමයි.අද කාලේ ගෑණු හැසිරෙන යන එන විදිහ අනුව පිරිමි මොනවා නොකියයිද? හුඟක් ගෑනු දරුවෝ වදාපු අම්මටත් නිගරු කරනවා. සේරම සෙල්ලන් නටල සමාජය ඉස්සරහ සුජාත වෙන්න හදනවා. එත් කවුරුත් කාටත් ගරු කරන්න ඕන. (අ)
මොනවට මෙහෙම ගුටිකෑවද මල්ලී? (නි)
මූට ගහල මදි. යකෝ කරන විහිළුවක් කරපියකෝ ටිකක් හරි ඇහැට කනට පේන කෙල්ලෙකුට. මේ අකුණු ගහන වෙලාවට දොට්ට දාන්න වටින අයට නැතුව. (අ)
ඔය තරුණිය ගැන අපි හොඳට දන්නවා (නි)
මෙහෙම පහරදුන් එක කැත වැඩක් (නි)
මෙහෙම මිනිස්සුන්ට ගහන්න නෙමෙයි තියෙන්නේ.... (නි)
මේකේ කොල්ලාගේ පැත්තට කතා කරන අයගේ පවුල් වල ගැණු කෙනෙකුට , කොහේදී හරි පිරිමි කෙනෙක් අයුතු දෙයක් කිව්වොත් හරි කරන්න කතා කරොත් හරි ,ඔබලා මොනවාද ඔහුට කරන්නේ, ඔහු විහිළුවට ඒ දේ කරන්න හැදුවේ එහෙම නැත්නම් කලේ කියල නිකන් ඉන්නවද ?(අ)
ගැහැනියකට මෙහි හිංසනයක් වී ඇතිනම් ඔහු ද කිසියම් විදියකට දඬුවමක් විදිය යුතුයි. මෙතන මොකක් නමුත් සිදුවීමක් ඇති වෙලා තියනවා. නැතිනම් ඒ පිරිමි ළමයා ගුටි කනකම් බලන් ඉන්න ඕනෙත් නැහැ නේ. ඒ වෙලාවේ ලැජ්ජාවට ගුටිකමින් හෙමින් මාරුවෙලා යන්නත් තිබුනා. එහෙම කරලත් නැහැ. ගුටි කමින් ඉන්නවා. ගැහැනියකුගෙන් ගුටි කෑම මිනිහට හරි සැප වගේ. එහෙම නැති නම් එයා තක්බිර් වෙලා කර කියා ගැනීමට දෙයක් සිතට එන්නේ නැතිව අකර්මන්‍ය වෙලා වගේ. ඒ මොක උනත් වැරද්දක් කරලා හෝ නොකර එම ගැහැණු ළමයට ගහන්නේ නැතිව සිටපු එක ගැන නම් පුදුම වියුතුයි. හැබැයි අපහස කරලා නම් හරි යට සමාජශීලීව හැදුනු ගැහැනියක් නම් කලයුතුව තිබුනේ මෙහෙම නොවෙයි කියා කාහටත් පැහැදිලියි. එහෙම නොවුණු නිසා එම තැනැත්තියගේ සමාජ තත්වයත් ලබා ඇති අධ්‍යාපනයත් පැහැදිලිව ප්‍රකට වෙනවා. (අ)
අද කාලේ ගෑනු පිරිමි හැසිරෙන විදිහ හුඟක් අප්‍රසන්නයි. ඒ අතින් මේ සිද්දීයෙදිත් මේ ගෑනු ළමයා හැසිරෙන විදිහ නම් අන්තිම අප්‍රසන්නයි. අසිලාචාරයි. යමෙකුගෙන් වචනෙක හෝ වරදක් වුනා නම් එකට පිළිතුරු දිය යුත්තේ මෙහෙමද? එත් පුස් චන්ඩි පාර්ට් දන්නේ එහෙමත් අයට තමයි. (අ)
මල්ලි, ඕවා ගණන් ගන්න එපා (නි)
මම නම් සාමාන්‍යයෙන් ශරීරය හොඳින් ආවරණය වෙන ලෙස තමයි ඇඳුම් පැළඳුම් තෝරාගන්නේ. එත් එහෙම කියලා ඊට වෙනස් ආකාරයට අඳින අයට අපහාස විහිලු තහළු කරන්න මට අයිතියක් නැහැ. කාන්තාවන්ට නොහොබිනා විහිලුතහලු කරන එක නම් පිරිමිකමට මදිකමක්. (නි)
මානසික රෝගයෙන් පෙලෙන්න කෙල්ලෙක් .ඉක්මනට අංගොඩ පිස්සන් කොටුවට ඇතුල් කරන්න (අ)
මේ දෙන්නම හෙට වෙනකොට දේශපාලනයට එන්නත් බැරි නැහැ (නි)
මම නම් කියන්නේ මේ දෙන්නටම ඊළඟ ඡන්දෙට නාම යෝජනා දුන්නොත් සෑහෙන මනාප ගන්න පුළුවන්.. (නි)
හේමන්ත, ඔයා රූපයෙන් අගතැන්පත්ද? බලන්න ඔයා මෙතන අදහස් ලියන්න තෝරාගෙන තිබෙන භාෂාව.... මේ රණ්ඩුවුණ දෙන්නාටත් වඩා අන්තයි වගේ ඔයා. මේ කාන්තාව විවේචනය කළාට කමක් නැහැ. මෙතනත් කාන්තාවන් ඉන්නවා කියලා මතක තියාගෙන මෙතනට සුදුසු විදියට ලියන්න කියලා කාරුණිකව ඉල්ලනවා. (නි)
මට නම් පෙනෙන්නේ ඇය වැරදියි වගේ (නි)
අපි දෙපැත්තම සාධාරනව බලන්න ඕනේ. ..මේකේ සමහරක් ඔහේ කියවනවා. ..එකක් මේ වගේ අයට හොඳ පාඩම්. ..මිනිහ වරදක් නොකර නම් ඔලුව පහත් කරගෙන ඉඳියිද? ..මිනිහට ගෑනියෙක් ළමයෙක් ඉන්නව නම් වෙන ගෑනුන්ගේ ටෙලිෆෝන් අංක ඉල්ලන්නේ මොනවටද ? ඉතින් රට බල්ලට යන එක අහන්න දෙයක්ද? (ස)
මේ තරුණියගේ හැසිරීම සහ සිදුවුණ දේ විවේචනය කළාට කමක් නැහැ. ඒත් ඇගේ රූපය මේකට ඈඳාගැනීම එතරම් සුදුසු නැහැ නේද? අනුන්ගේ රූපයේ අඩුපාඩු කියමින් පරිභව කිරීම තමන්ගේ පෞරුෂයේ අඩුපාඩුවක් කියා මම අසා තිබෙනවා. (නි)
හේමන්ත, ටිකක් වචන තෝරා බේරාගෙන අදහස් ලිව්වොත් හොඳයි නේද ? බවලතුන් විවේචනය කළාට කමක් නැහැ, ටිකක් ශිෂ්ටසම්පන්න වචන යොදාගෙන. මේක ප්‍රසිද්ධ පාඨක සභාවක්නේ. (නි)
කවදාවත් හැදෙන කෙල්ලෙක් නෙවෙයි. (ස)
හැම කාන්තාවක්ම කොල්ලගේ පැත්තට තමයි කතා කරන්නේ. පිරිමි අය 30% කෙල්ලගේ පැත්තේ. කන්තාවන්ට මෙම සිද්දිය ගැන තක්සේරුවක් දෙන්න පුළුවන්. මොකද එයාලට අවබෝධයක් ඇති අද්දැකීමෙන්. කොල්ලා නඩු දැම්මොත් මෙම වීඩියෝ එකම ඇති ශාක්ෂි වලට. (ස)
පොලිසියේ අය මොකද කරන්නේ? (නි)
ඒ වගේ ගැහුව එක වැරදියි. ඊට වැඩිය සංවරව හැසිරෙන්න තිබුනා. (නි)
පෙන්නේ නැද්ද මෝඩ චුන් කෙල්ලෙක් ගෙන් ගුටි කාපු මෝඩ කොල්ලෙක්, දෙන්නටම හොඳ දඬුවම් දැනටත් ලැබිලනේ. (ස)
අනේ මන්ද...ලස්සන ගැහැණු ළමයෙක් නම් කමක් නැහැ කියමුකෝ.මේ...ගොරක කෙල්ලෙක්නේ. (ස)
අසේල ජයරත්න, ඔබේ යහපත් පැවැත්ම මේ ලියු දෙයින්ම පෙනෙනවා. ඔබ වැනි අයට කොහේගියත් කාන්තාවන්ගේ ගෞරවය හිමිවෙනවා. (නි)
මේ කෙල්ලව බඳින එකාට දෙයියන්ගෙම පිහිටයි. (ස)
මේක වීඩියෝ කලේ නැත්නම් සමහරවිට කොල්ලා හිරේ දාන්නත් තිබුනා. (අ)
කොහොමත් උසාවි දාපු එක වටිනවා.(අ)
රන්ජනී මමත් ඔයාගේ අදහසට එකඟයි., අහිංසක කම දැක්ක නිසාත්,අවට සිටිය අය වීඩියෝ කළ නිසාත් මෙයා අප් වෙලා, හොද ජැන්දියට අැදල සන්ග්ලාස් දෙකක් දාල උන් කොල්ලෙක් විහිළු කරානම් මෙයා ඔහොම ගහයිද...? සමාවෙන්න කියද්දීත් ගැහුවේ චණ්ඩිකම පෙන්නන්නද...?එකක් කියන්නම් මේ සිද්ධිය දන්නා කොල්ලෙක් මෙයාව මැරි කරන එකක් නැහැ,පන්න පන්න ගහපු එක වැරදියි..!! (අ)
හේමන්ත, කියන දේ, විවේචනය කරනදේ ටිකක් ශීලාචාර විදියට කිව්වොත් හොඳයි නේද? ඔබ පාවිච්චි කළ වචන මම නම් අනුමත කරන්නේ නැහැ. (නි)
ශිරන්ති සහෝදරිය කියන කතාවෙත් ඇත්තක් තිබුණත් සහෝදරියේ ,ඇත්ත ඇති සැටියෙන්ම කතා කරනවා නං අද සමාජේ හුඟක් ගෑණු ළමයි යන එන විදිහ අඳින පළඳින විදිහ, ආචාරශීලී ගුණධර්ම, වගේ යහපත් සාරධර්ම වලට කිසිම තැනක් දෙනවද ? ආගමක් දහමක් තියනවද? පිරිමි අය ගාව වුනත් නොයෙකුත් වැරදි අඩුපාඩුකම් අනේකවිද තියනවා. එත් ගැහැනියක් කියන චරිතය හුඟක් යහපත් විය යුත්තේ තමන්ව වැදූ මවව නියෝජනය කරන සමාජයේ පැවැත්මට දායක වන මුල් පුරුකක් නිසා. අද ගෑනුන්ට මොනවා වෙලාද දන්නේ නැහැ. හුඟක් යහපත් අයත් ඉන්නවා. එත් බහුතරයක් අන්ත ජරා ජීර්ණ ජීවිත ගත කරන්නේ ඒ අයගෙම වරදින්, මුරණ්ඩු කමින්. මේක සදාචාර සම්පන්න සංස්කෘතිකමය සමාජයක්, විදේශයක් නෙමෙයිනේ. (අ)
ලංකාවේ දැනට තියන ලොකුම ප්‍රශ්නය. මේක කිසිම වැඩකට නැති දෙයක්. ගෑනියෙකුට ගරුකරන්න අපේ රටේ මිනිසු තාම දන්නේ නෑ.(අ)
මේ සමාජය කොච්චර පිරිහිලා ද? කාට හරි කරදරයක් වෙනවා දැක්කම මුලින්ම කරන්නේ එක වීඩියෝ කරලා පහත් වින්දනයක් ලබන එක. එක පාරක් ස්වාමින්වහන්සේ නමක් ගිනිතිය ගන්න එකක් මුල්ම ප්‍රවූත්තිය වුණු. එකෙක් එදිරිපත් වුණද පිරිමියෙක් හැටියට? ඔතන වුනෙත් ඕකම තමයි. දැන් මෙතන කතා කරන පිරිමි ගෑනු වගේම එදා ඔතන සිය දහසක් මිනිස්සු හිටිය නේද ?අද රටට හෙන ගැහුවත් එකෙක්ටවත් ගානක් නෑ. ඔහේ බලන් ඉන්න්වා. මොනවා වුණත් මේ කොල්ලා ලොකු විහිළුවක් කරපු බවක් පෙනෙන්නේ නෑ. සමහරවිට මේ ගෑනු ළමයත් හිතේ ලොකු පීඩනයකින් ඉන්න ඇත්තේ පිරිමි එක්ක. දැන් වුණා දේ වුණා. මිනිස්සුන්ගේ අධ්‍යාපනික තත්ත්වය සමාජ තත්ත්වය අනුව එයාලගේ භාෂාව වචන වෙනස් වෙනවා. මේ වෙලාවේ පුළුවන් කෙනෙක් ඉන්න්වා නම් මේ පිරිමි ළමයටත් ජිවත් වෙන්න රස්සවක් හොයල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්න්වා නම් පින්. මේ ගෑනු ළමයගෙත් පවුල් පසුබිම හොයාලා බලාලා සමාජයේ හොදින් ජිවත් වෙන්න කරන්න පුළුවන් දෙයක් කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්න්වා නම් තමා පින්. අනික මුහුණු පොතට එකට බැනල වැඩක් නෑ. නරක දේවල් විතරක්ම නෙමේ කොච්චර හොද දේවල් මුහුණු පොතේ තියෙනවද ? හොද දේ අරගෙන නරක දේ බැහැර කරන්න අපිට ඔලුවක් තියෙන්න ඕන. අනික අපි අපිම හැදුනොත් තමා රටම හැදෙන්නේ...එංගලන්තයේ සිට (අ)
මේ කෙල්ල ඕනවට වැඩියි. පෙන්නේ නැද්ද මිනිහ මෝඩ කොල්ලෙක් බව. එක පාරක් තරහට ගහල යන්න ගියානම් ඉවරයිනේ. මම හිතන්නේ එයා එහෙම මෝඩ රඟපෑමක් කරන්න හැදුව වෙන්නැති. ලකුණු දාගන්න ගිහින් ලකුණු කපාගත්ත වගේ. (අ)
මේ ප්‍රසිද්ධ කතාවේ කොල්ල හොඳට ඇඳගත් ලස්සන පොරක් උනානම් මේ කතාව අවසන් වෙන්නේ අප්‍රසිද්ධවම කෙල්ල පරාජය වීමෙනි.(අ)
චන්දි, ඔයාගේ මිම්මෙන් හැම කෙනෙක්ම මනින්න එපා. ජැන්ඩි පහට ඇඳපු පිරිමි කියන නොහොබිනා කතා සතුටින් ඉවසන්න තරම් පහත් මට්ටමකට වැටෙන්න සූදානම් උදවිය මේ සභාවේ නම් නැහැ. (නි)
මේ වීඩියෝ එක දිහා බලාගෙන ඉන්නකෝ ටෙලිනාට්‍යයක ස්වරූපයක් ගන්නවා සැබැවින්ම එය එහෙමමවෙන්න බැරිද,,,, ප්‍රසිද්ධියකට වගේ හිතාමතා .... කිරීමක්,,,,මොකද ඒ වගේ ලෙඩ්ඩු අපේ රටේ ඕන තරම් ඉන්න වානේ,,,,(අ)
ඒ කියන්නේ චන්දිත් කැමතියි ජැන්ඩියට ඇඳගත් කොල්ලෙක් ඔයා පාරේ යනකොට විහිළුවක් තහළුවක් කරනවට. ඔයාගේ අදහසේ හැටියට ඔක්කොම බවලතුන් එකම මිම්මට දාලානේ. ඒකයි මම එහෙම කිව්වේ. (නි)
කෙල්ලෙක් පාරේ යද්දී කොල්ලෙක් මොනවා හරි නරක දේවල් කියනවනම් නෑහුනා වගේ යන්න ඕනේ ප්‍රති උත්තර දෙන්න ගියාම වැඩියෙන් කියවනවා., ලඟට ඇවිත් අතින් අල්ලලා වගේ අරියාදුවක් කරන්න වගේ නම් හැරුණු ගමන් ගුටියක් දුන්නනම් කමක් නැහැ, මේක වීඩියෝ කරන බව දැක දැක ගහන්නේ ප්‍රසිද්ධ වෙන්න වෙන්නැති, මං දැකල තියෙනවා සමහර කෙල්ලෝ (පාසල් යන) කොල්ලෝ දැක්කම මොකක් හරි ලඟ ඉන්න යාලුවට කියල අපහාසේට වගේ හිනා වෙනවා., මේක අනුමත කරන්න බැහැ කවුරු කොහොම කිවත්...!!(අ)
අහිංසකයෙකුට ගහන්නේ, අහිංසක කියන්නේ මෙච්චර ගුටි කලාත් අතක් උස්සන්නේ නැති නිසා,මුනේ රුවුල වවල තිබුනට මදාවියෙක් වෙන්නේ කොහොමද,මේ ගෑනිට කිසිම දවසක කොල්ලෙක් විහිළුවක් කරලා නැතිව ඇති, එකයි මේ.(අ)
වැදගත් විදියට ඇඳ පැළඳගෙන සංවර විදියට පාරේ යන ගැහැණු ළමයින්ට කිසි කෙනෙක් විහිලු කරන්නේ නැහැ (නි)
ඇත්තටම චන්දි ඔයාත් කාන්තාවක් නේද? මේ විදියට කාන්තාවන් පහතට දාන්න යන්නේ ඇයි? මේ තරුණියගේ හැසිරීම නම් අපිත් අනුමත කරන්නේ නැහැ. ඒත් හැම ගැහැණු කෙනෙක්ම ජැන්ඩියට ඇඳපු පිරිමින්ගේ කැත විහිලු වලට කැමතියි කියා ඔයා කොහොමද තීරණය කළේ? (නි)
විහිළුවක් උනත් කරන්න ඕන යාලු කරගන්න උනත් ගැලපෙන ලස්සන කෙල්ලෙකුට. (නදී)
කොල්ලට ගහපු එක හරි ? මේ වගේ නොසන්ඩාල වැඩ කරන කතා කියන කොල්ලන්ට මෙහෙම වෙලා මදි , තමාගේ සහෝදරියකට , අම්මට මෙහෙම දෙයක් උනානම් කියල හිතන්න මහා මග රස්තියාදු ගහන කොල්ලන් දැන ගන්නට ඕනේ , ගුටි කන වෙලාවේ කවුරුත් බලන් සිටියේ මෙම කොල්ලා කියපු ඒවා අනික් අයට අැසුන නිසා.(අ)
මෙවැනි දේවල් පිරිමින්ගෙන් ඉදිරියට නොවන්නට වග බලාගත යුතුයි (නි)
සෙවුවන්දි සහෝදරියත් සමාජෙට යහපත් අදහසක් ඉදිරිපත් කරලා තියනවා. ඇත්ත සමාජයට අපි යහපතක් කරන්න උත්සහ ගන්නවානම්, ඒක හුඟක් වටිනවා. සමාජයේ අපි හැමෝම මනුෂ්‍යත්වය තුල එකයි කියන අදහස අද නැතිකරලා සමාජයට විස පතුරන අයට නං ඕවට වන්දි ගෙවන්නම වෙනවා. සති අග පුවත්පතක පියවි ඇසින් ඔබ්බට කියන අත්බුත විශේෂාංගය කියවල බැලුවහම අසුචි වලවල් වල ජරාව කකා ජීවත් වන පෙරේත ආත්ම වෙලා වසර දහස් ගණනින් නරා දුක් විඳවන්නේත් සමාජෙට මනුස්සයාට වින කරපු උදවියම තමයි. යහපත් ගුණයෙන් පවතින්නට නම් ඒ පුද්ගලයා ගාව ආත්ම විමසීමත්, යහපත් සාරධර්මත්, ආගමක් දහමක් තියන්නම ඕන. සුරා සුදුව ගාවගන්නවත් හොඳ නැහැ. උස් පහත් කම, ඇති නැති කම සලකන, ජාති ජන්ම, නුහුගුන වගේ දුර්ගුණ වලින් ඈත්වෙන්නම ඕන. (අ)
ඒකනේ ප්‍රසාද්. මුහුණේ රැවුල වැව්වා කියල ඒ කොල්ලගේ මදාවි පාටක් පේන්න නැහැ. හැබැයි මදාවියෙක් උනානම් තත්වය මිට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා. බලන්නකෝ වමතින් ගහන හැටි, මෝඩ චුන් එකක් ගත්ත කෙල්ලෙක්, එකක් ගහල ටවුමේ ඉන්න පොලිස් නිලදාරියෙකුට අල්ලලා දුන්නා නම් නංගි., අපි හැමෝම ඔයාගේ පැත්තේ (නදී)
කෙල්ලෝ කට්ටියක් එකතු වුණාම තනියම ඉන්න කොල්ලෙකුට කොච්චර විහිළු කරනවද. මමත් එහෙම විහිළු විඳලා තියනවා. ඒ වෙලාවට උපේක්ෂාවෙන් එකට පොඩි පිළිතුරක් දීල මාරු වෙලා යනවා. එහෙමෙ නැතිව මුළු සමාජයම මට හදන්න පුළුවන් වගේ නිතිය අතට අරගෙන චන්ඩි පාට් දැම්මම ලකුණුත් කපාගෙන දඬුවමුත් ලැබෙනවා. (අ)
විවාහකයෙක්, ඒ වගේම තාත්තා කෙනෙක්. මිනිහා බැලුවේ පොඩි විහිළුවක් කරලා අනියම් සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න. නමුත්, කෙටුවේ කෙහෙල් ගහට. හොට පැටලුණා. දැන් අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැහැ. හැමදාම ලැබෙන සම්බෝලයි බතුයි නොකා බුරියානි වල රස බලන්න දඟලන සමහර පිරිමින්ට හොඳ පාඩම් මේවා. නමුත්, තරුණියගේ පහරදීම කිසිසේත් අනුමත නොකරමි. ()
හේමන්ත, ඔබේ මව සහෝදරිය බිරිඳ නැත්නම් දුව ටිකක් පෙනුමෙන් පැහැයෙන් අඩු වුණා නම් අමතන්නේ ඔය වචනය පාවිච්චි කරලාද ? ලැජ්ජයි ඔබේ වචන මාලාව නම්. (නි)
මේනක රාජපක්ෂ , ප්‍රතිමල්, මේරියන් ආදී නම් වලින් එක්කෙනෙක් තමයි මට හිතෙන හැටියට ලියලා තියෙන්නේ. හැම අදහසේම එකම දෙය ලියමින් කාන්තාව පහත් කරලා ලියලා. (අ)
අැත්තටම මම එතන ඒ වෙලාවේ හිටිය ඒ ගැනු ළමයට ගහනවා තියා හිටගෙන එන්නත් බැරුව ගංජා හෝ අරක්කු බීල මිනිහ හිටියේ ගුටි කකා ඒ ගැනු ළමයාගේ පපුව දියා බලාගෙන හිටිය (අ)
බම්බලපිටි ගියොත් අඹු නසී, වාරියපොළ ගියොත් තෝ නසී! (අ)
පිරිමියෙක් කාන්තාවකට පහර දෙනවා වගේම කාන්තාවක් පිරිමියෙකුට පහර දීමත් වැරදි ක්‍රියාවක්. කෙසේ වෙතත් කාන්තාවන්ට අසභ්‍ය ලෙස විහිළු කරන නරුම පුද්ගලයනුත් අප සමාජයේ සිටිනවා. (නදී)
ගෑහැණු ළමයින්ට නිදහසේ පාරෙ යන්න අයිතියක් තියෙන්න ඕනෑ. අසභ්‍ය විහිළු කිරීම් වලට දඩුවම් ලැබෙන්න ඕනෑ. ඔහු ගුටිකද්දිත් නිහඩව හිටියෙ තමන් වරදක් කළ බව පිළිගත් නිසා නෙමෙයිද? සම්පූර්ණ සිද්ධිය නොදැන මේ කෙල්ලට විතරක් බනින එක සාධාරණද? හැමෝම හිතලා බලන්න, තමන්ගෙ අක්කාට, නංගිට, පෙම්වතියට, මේ වගේ දෙයක් වුණොත් තමන්ට ඇතිවෙන හැඟීම මොන වගේද? එතකොටත් අපි ගන්නෙ අසභ්‍ය වචන කියපු මිනිහගෙ පැත්තද? (නි)
සමහර පිරිමි, කාන්තාවන්ට මෙතන බණ දේශනා කරලා තියන්නේ ඒගොල්ල හතර පෝයට සිල් ගන්නවා වගේ නේ. කාන්තාවන් විතරද යහ පැවැත්මෙන් ඉන්න ඕන ? (අ)
මෙම පුද්ගලයා කරන වරදක් මෙතනින් නම් පෙනෙන්නේ නැහැ. තරුණිය මොකුත් නොකිය ඉන්න කෙනෙකුට අසාමාන්‍ය විදියට පහර දෙන බවක් නම් පෙනෙනවා. (නදී)
කොල්ලෙක් කෙල්ලෙක්ට ගැහුවා නම් අපිට පොලිස්යෙන් මොනවා කරයි ද (අ)
ජොනතන්.ඔබගේ කටට මසුරන් දාන්න වටිනා කතාව.(අ)
මේ ගැහැනු ළමය විසාල "මානසික ලෙඩකින්" පෙළෙනවා වගේ මටනම් පෙන්නේ. (අ)
මේ දවස්වල මම පරාන බයෙන් ඉන්නේ. ගෙදර කචල් එකක් වෙච්චි ගමන් අපේ ගෙදර උන්දැ කියන්නේ " වැඩිය කට ගහගෙන අවොත් මම තමුසෙව අර වාරියපොළ කෙල්ලට බන්දලා දෙනවා " කියලා. (අ)
මෙම ලිපිය ලියු මාධ්‍යවේදී පුෂ්පා මහත්මිය සහ සංජීව මහතාණෙනි. මෙම සිදුවිමෙි සමිපුර්න විස්තරයක් අපි නොදන්නවා වෙන්නට පුළුවන්. මට කරුණාකර කියා දෙන්න (නදී)
ඇත්ටම කොල්ලට ගහල මදි මැස්සෝ බීපු පතෝල කරලක් වගේ එලොවටත් මෙලොවතත් නැතී ගොරක ලෙල්ලක චුන් කරාට. අදහස් එවපු කන්තා පාර්ශ්වය දන්නවා තමන්ගේ ගෞවරය රැකගතතෙ කොහොමද කියල .(අ)
වරද කාගේද කියල මතුපිටින් බලල තීරණය කිරීමට හැකියාවක් අපට නැ. මිනිසුන් හැටියට හැමදේම ඉවසීමෙන් කල්පනාවෙන් කරනවානම් මීට වඩා හොඳ අයුරින් විසඳගන්න පුළුවන්, (අ)
ඒකෙන්ම තේරෙනවා ඔය කාන්තාව කියන්නේ අමූලික බොරු කියලා. ඔය කීවයි කියන අසභ්‍ය වචන ඇයි කලින් කීවේ නැත්තේ. එදා අසභ්‍ය වචන කීවනම් ඔය කියන කාන්තාව ඔයිට වඩා පෙරලීයක් කරල ඔතන දෙවනත් කරයි නේද. අද කියන්න දෙයක් නැතුව බොරු ගොතනවා නේද. එයා ගෑනු කම අමතක කරලයි එදා ඔය තරම් නැටුවේ. කට්ටිය බලන් ඉන්න නිසා මෙයාට ලොකු කමක් ඔලුවට ගත්තා. (නදී)
කොහොම වුණත් අන්තිමේදී යුද්ධය දිනුවනේ ! (නි)
නීතිය අතට ගන්නේ නීතියෙන් සදරනයක් නොවන නිසා. කාමතුරයන්ට හොද පාඩමක්. කොන්ද පණ නැත්තෝ දහසක් බලා සිටිති (නදී)
මේ ගැහැනු ළමය දිහා කොල්ලෙක් ඇහැක් ඇරලා බැලුවම වෙන්න ඇති.දැකපු ගමන් කියන්න පුළුවන් මේ ළමයාගේ ඉතිහාසයම.ඔබ ගුටි කාල මදි කොල්ලෝ මේ වගේ 2.50 කෙල්ලෙක්ට විහිලු කලාට. (අ)
කොන්ඩේ වවල,රැවුල වවල හිටියට හරිම අසරණ කොල්ලෙක්. (අ)
අනර්කලී , ඔයා උඩ පනින විදියට නම් මම හිතනේ ඔයා ගැහැණු නමකින් ලියන පිරිමි කෙනෙක්. තවත් නම් කිහිපයකින්ම ඔය බවලතුන් කෙරේ ලොකු වයිරයකින් ලියල තියන බව පේනවා. ඔයා කලබල වෙලා තියෙන්නේ මුළු රටේම කාන්තාවන් පිරිමින්ට තඩි බෑවා වගේනේ. (අ)
ඇති යන්තම් නයි කෙල්ලගේ තැන ගන්න කෙනෙක් අවා. දැන් ඉතින් මාස ගානක් මේ කතාව අහමු (අ)
අද කාලේ කෙල්ලෝ පාරේ ඇඳගෙන යන අඳුම් දැක්කහම සංසාරේ එපා වෙනවා.ඒවා ඉතින් එයාලගේ දෙමාපියන් හදන්න ඕනෑ දේවල්. රටේ ලෝකේ මිනිස්සුන්ට ඕවා හදන්න බැහැ. පිරිමින්ගේ අවධානය ගන්න සමහර අවලස්සන කෙල්ලන් වැඩිපුර ඇඟ පෙන්වන විදියේ ඇඳුම් ඇඳගෙන යනවා . ඒ වගේම කොල්ලෝ වගේ හැසිරෙන, කතා කරන, අඳින පළඳින අසාමාන්‍ය ගති පෙන්වන කෙල්ලොත් අද සමාජයේ ඉන්නවා. (නි)
කොල්ලට දැන් රස්සාව කරන්නත් බැරිලු ,ගැනිත් දාල ගිහින්ලු. දැන් පොල් කඩන්න බැරිලු .කන ඇහෙන්නේ නැතිලු .ඊයේ නිව්ස් වලට කිව්වේ , කොල්ලට හොදට කට පාඩම් කරවලා කියවන වගක් දැනුනා,පොඩ්ඩක් ඊයේ නිව්ස් බලන්න,කොල්ලට රස්සාවක් තමයිලු ඕන, මේක පිටි පස්සේ කව්රු හරි ඉන්නවා ,කොල්ලට ජොබ් එකකුත් හොයාදීල , කෙල්ලගේ පැත්තෙන් වන්දියක් අරගෙන එකට විදින්න බලාගෙන ,දබුලුත් ගිහින් තලගොයෙකුත් මරගත්තොත් කාටද ? (අ)
දැන් මෙතන පිරිමියෙකුට ගැහැණු කෙනෙක් අත උස්සපු එකට බහුතරයකට හිතට අමාරුයි. හැමදාම හවසට ගෙදර බීමතින් ආපු සැමියාගෙන් ගුටි කන කාන්තාවන් ගැන මොකද කියන්නේ ? එතනත් ඉවසා වදාරන්න එපායා නේද ? (අ)
දෙපැත්තෙන් කියන්නේ කතා දෙකක්. කොල්ලා කියන්නේ පොඩි විහිළුවක් කලා කියලා. කෙල්ල කියන්නේ මහා කැත විදියට කතා කරා කියලා. මැදිහත්ව බලනවා නම් මෙතන මොකක් හරි බරපතල වචනයක් කියන්න ඇති. නැත්නම් මේක මෙච්චර දුර යන්නේ නැහැ. අපිත් දැකල තියෙනවා සමහර කොල්ලෝ ගැහැනු ළමයන්ට අනවශ්‍ය බරපතල දේවල් කියනවා. එහෙම දෙයක් මෙතන උනා වෙන්න පුළුවන්. කව්රු හෝ ඔබගේ කෙනෙකු දිහා බැලුවත් මරන්න කේන්ති යන පුද්ගලයන් ඉන්න සමාජයක මේ කෙල්ල තමන්ට උන අසාදාරණයට තමන්ම මුහණ දුන්නා. එ්කේ වරදක් මා දකින්නේ නැහැ. මේවට විරුද්ද වීම වැදගත්, නැත්නම් හෙට මීට වැඩිය අපරාදයක් කරාම එ්කත් හොඳයි කියලා. අපේ සමහරක් කියාවී. කොල්ලෝ උනාම කෙල්ලෙක්ට පොඩි ටෝකක් දැම්මට කිසිම අවුලක් නැහැ. එ්ත් අනවශ්‍ය විදියට දේවල් කියන එක කොලු කමට එච්චර හොඳ නැහැ. දන්නවනේ අපේ රට ස්ත්‍රී දුෂණ වලටත් ප්‍රසිද්දියක් උසුලනවා. ගැහැණිය (අප කාගේත් අම්මා ) තිරිසනුන්ගෙන් ආරක්ෂා කිරීම අපගේ යුතුකමක්. (නදී)
අශේන් හිතන්නේ ආත්ම ගරුත්වය තියෙන්නේ පිරිමින්ට විතරයි කියලද ? ඔයා කොයි නැකතින්ද උපන්නේ ? (අ)
තරුණියක් අපහසුතාවයන්ට ලැජ්ජාවට ලක්කරන විට නිහඩවන මිනිස්සු අද මේ ළමයාට විරුද්ධව අවි අතට අරන්. පිරිමි හිතන්නේ ගැහැණු කියන්නේ කාමාශ්වාදය සපයන කෙලිබඩු ලෙස. එයට එරෙහිව නැගී සිතන්නට ආත්ම ශක්තිය තිබු ඔබ නම් සැබවින්ම වීර වරියකි නොසැලී කටයුතු කරන්න. බුදු සරණයි. (නදී)
ලංකාවේ අපිට තිබෙන ලොකුම ප්‍රශ්නය මේ ළමයා කොල්ලෙකුට කනේ පහරවල් ගහපු එකද? (නි)
අහමඩ්, ගෑනුන්ට ගහන්නේ ඔයාල තමා! (අ)
කාන්තාව තම ආත්ම ගරුත්වය සදහා සටන් කල යුතුමයි. නමුත් මේ කාන්තාව කරන්නේ එහෙම එකක් නෙවෙයි නිකන්ම නිකන් චන්ඩි කමක්. (නදී)
වීඩියෝ දසුනේ පෙළ ගැසී ඇත්තේ කිසිසේත් ඇගයීමට සුදුසු නොවෙන වීරකමකි. (නදී)
තව ටික කලකින් සමහරු කියාවිද දන්නේ නැහැ ස්ත්‍රී දුෂණයක් සිදු වුණත් කාන්තා භාවය රැකෙන පරිදි ගරු කටයුතු සංවර විදියට නිහඬව ඉන්න කියලා. (අ)
නංගි ඔයා ඒ මනුස්සයට තනියෙන් ගේම දීපු නිසා කව්රුත් අත දැම්මේ නැහැ. නමුත් ඒ මනුස්සය ඔයාට අත ඉස්සුවනම් කව්රු හෝ ඔබේ තනියට එන්න තිබුණා. මොකද ගැහැණියෙකුට ප්‍රසිද්දියේ එහෙම දෙයක් වෙනවට අපි කව්රුත් අකමැති නිසා. නමුත් මීට පස්සෙවත් පොඩි දේවල් දුර ගෙනියන විදියට වැඩ කරන්න එපා. සොරි මම හරියටම දන්නේ නැහැ මොන වගේ විහිලුවක්ද සෙල්වා කරේ කියන්න. එ්ක දන්නේ ඔබත් සෙල්වත් පමණයි. සෙල්වා ඔබත් අම්මෙක් ගැහැනියෙක් දරුවෙක් ඉන්න කෙනෙක් නේද ? අද ඔබගේ පැත්තට කතා කරන එකෙක් හෙට ඔබගේ කෙනෙකුට මේ වගේ හෝ මීටත් වඩා බරපතල දුෂණයක් කලොත් ? (නදී)
සමහරු හිතන්නේ පාරේ යන බවලතුන්ට විහිලු කිරීමට ලංකාවේ පිරිමින්ට උත්පත්තියෙන් එන බලපත්‍රයක් තියනවා කියලා. (අ)
මාධ්‍යයට හා පොලිසියට මගේ ප්‍රණාමය! අර අහිංසක කොල්ලට කවුරුහරි හරිහමන් රස්සාවක් හොයා දෙනවා නම් තමා හොඳ. (නි)
මේ කොල්ලා දේශපාලකයෙකුගේ පුතෙක් වුනා නම් නංගිට අබ සරණයි (නදී)
මෙම සිදුවීමට අදාළ තරුණිය සහ තරුණයා ගැන ලොව පුරා වැඩි දෙනෙක් පසුගිය දිනවල කතා කළා. එය උසාවියට යන තැනට දැන් කටයුතු යෙදිලා. මේ දර්ශනය නරඹන කාට වුවත් තරුණියගේ දෙබස් වලින්ම වැටහෙන්නේ තරුණයා අසභ්‍ය දෙයක් පවසා පහර කෑමටලක් වූ බවයි. එමෙන්ම ඇගේ වචනයෙන්ම පහර දෙන විට තරුණයා සමාව ඉල්ලා සිටි බවත් වැටහෙනවා. එහෙත් සමාව ඉල්ලද්දී තරුණිය ඔහුට නෙලන්නේ හිතලාම ඇඟට ගත් චන්ඩිකමක් නිසා බව පෙනෙනවා. එ් වගේම ඇය ඉවත් වෙන්නට සැරසී නැවත නිහඬ තරුණයා වෙත පැමිණ එකම කතාව කියමින් පහර දෙන්නේ තමා කෙබඳු කෙනෙක්දැයි තේරෙනවාද අසමිනි. මෙහිදී මා කියන්නට යන්නේ නංගිගේ චණ්ඩිකම පුජනිය ස්ත්‍රිත්වයට හානියක් කළ බවය. එමෙන්ම නිතිය පසෙක ලා ඔබ නිතිය අතට ගැනීම වැරදි බවය. ගැහැනියකට පාරේ බැහැලා යන්න බැහැ යනාදී වශයෙන් ඔබ කියන දේ ඇත්තක් තිබුණත් හිතේ අමාරුවට එකක් ගසා පොලිසියට ඉතිරිය භාර කළා නම් ඔබ යමක් කළා යයි අපටද සතුටු වෙන්නට පුළුවන්කම තිබුණි. (නදී)
ගහන්න අයිතියක් නැහැ කාටවත්..වැරැද්දට දඩුවම් ලැබිය යුතුයි..(නදී)
පිරිමියාගේ පැත්තට කතා කළා නෙවෙයි සිල්වා.., ඕනෑම දෙයක සීමාවක් තියෙනවානේ, එක කම්මුල් පහරක් දීල කෙල්ල එයාගේ ගමන ගියානම් කොල්ලත් පාඩමක් ඉගෙන ගන්නවා දැන් බලන්න කෙල්ලගේ නමත් පොලිස් පොතේ ලියවුනා නේද ...?කොල්ලගේ කන ඇහෙන්නේ නැති වුණොත් වන්දියක් ගෙවන්නත් වෙයි, (අ)
කෙල්ලන්ට අනවශ්‍ය විහිළු කරා මදිවට දැන් අනුන්ගේ ලනු කාල; කළු කෝට් මහත්තුරුන්ගේ මල්ල පුරවන්න තව ටිකක් වැඩියෙන් පොල් කඩන්න වෙයි නේද මල්ලි? (අ)
දරුවෙකුත් ඉන්න මිනිහෙක් නම් මෙහෙම කෙල්ලන්ගේ ටෙලිෆෝන් නොම්මර ඉල්ලන්නේ වනචරකමට මිසක් වෙන මොකටද? ගෙදර ගියාම ගෑණිත් මේ විදියටම ගැහුවා නම් තමයි හොද! (අ)
උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන දැක පුප්පන්නේ. අසරණ කොල්ලට තමයි කියන්න වෙන්නේ මම මටම ගහ ගත්තා කියලා. (නදී)
කෙල්ලන්ට අනවශ්‍ය විහිළු කරන එක නරකි.නමුත් මේ කෙල්ල නම් යහපත් කෙනෙක් වෙන්න නම් බැහැ (අ)
කෙල්ලෙක්ට විහිළුවක් කල පමණින් පිරිමියෙක් කාමාතුරයෙක් වෙනවද? (නදී)
''අමිත නංගි '' ඇයි ඔයා එහෙම කියන්නේ වරදක් වුණා නම් එක පාරක් කම්බුලට ගැහුව නම් හොදටම ඇති නේද? . මෙතන මේ එළදෙනක් සිංහ දේණුවක් වෙන්න ගිය එක තමයි මම දකින වැරැද්ද .(අ)
අපිටත් සහෝදරියෝ ඉන්නවා ඒ අයත් පාරතොටේ යනවා නමුත් අපට මෙවැනි පැමිණිලි ඇවිත් නැහැ .මේ ගැහැණියට මානසික අසනීපයක් නැහැ .දරුණු මෝඩකමක් තිබෙන්නේ .කැමරාවට මුණ පෙන්නලා වීරවරියක් වෙන්න ගියාට එයාටත් නොදැනම රෙදි ගලවගත්ත එක තමයි සිදු වුණේ (අ)
පිරිමියා කියපු දේවල් හරි කියන මහත්වරුන්ගේ අක්කලා නගාලා ට මොනවා හරි මෙහෙම දෙයක් කිව්වා නම් නිකම් ඉඳීද ? ඔන්න එතකොට ඔක්කොම අය්යලා මල්ලිලා සහෝදරිවත් ඉස්සර කරගෙන අර විහිලු කල කෙනාව සම්බෝලයක් කරාවි. (අ)
හේමන්ත ඔබේ සහෝදරියන් පාර තොටේදී බස් එකේදී පිරිමි නිසා වෙන හැම කරදරයක්ම ගෙදර ඇවිත් කියනවා කියලා මම හිතන්නේ නැහැ. බහුතරයක් කාන්තාවන් මේ දේවල් විඳ ගන්නවා මිසක් ගෙදර ඇවිත් කියලා පිරිමි සහෝදරයන් මේවාට මැදිහත් කරගෙන නැති ප්‍රශ්න ඇති කර ගන්න කැමති නැහැ. (අ)
මෙම සිද්ධිය තරයේ හෙලා දකිමි අවශ්‍ය නිතිමය කටයුතු කරගන්න. (නදී)
නුඹ නාඩන් අපිට පිස්සු (නදී)
මම හිතන්නේ පිරිමිකමට හොඳයි පාඩුවේ කෙල්ලන්ට පාරේ බැහැලා යන්න දෙනවා නම්. (නි)
කෙල්ලත් හරි ,කෙල්ලගේ කතාවත් හරි ,කල වැඩෙත් හරියටම හරි. රූපගත කළ කෙනාවත් පොලිසියට ගෙන්වා කට උත්තර ගතයුතුයි. (නදී)
විකාර ටෙලිවිෂන් නාලිකාවලින්, බලන එවුන්ට සල්ලි දීල බලෙන් කරේ ගහන අසික්කිත ටෙලි විකාර බලන පරපුරේ ගැහැනු ළමයෙක්ද කොහෙද. තව හොද හොද විකාර ඉස්සරහට තියේවි. (අ)
මේ තරුණියගේ රූපය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති උදවිය ලෝක රූ රැජින හෝ මිස්ටර් වර්ල්ඩ් තරඟ දිනපු උදවිය විය යුතුයි. සිදුවුන වැඩේ ගැන මිසක් කෙනෙකුගේ රූප සොභාව ගැන ඇද කුද කීම හරි මදි නේද ? (නදී)
පොදු ස්ථානයක අශෝබන ලෙස හැසිරීම වෙනුවෙන් දෙදෙනාටම දඩුවම් කල යුතුය. (නදී)
මෙර්වින් සිල්වා පොරක්ව ගස් බැන්දම නඩු දැම්මද ? (නදී)
හොඳ වැඩේ හිරේ දාන්නයි ඕනේ (නදී)
මෙයා සමස්ත කාන්තා සංහතියටම නිගා කළා (නදී)
රන්ජනී ඔබ හරි. අද ලංකාවේ තරුණියගේ ඇදුම් රටාව ඔවුන්ගේ දෙමාපියන්ටත් පාලනය නැති බව පැහැදිලි කරුණක්. මේ කෙල්ල වීඩීයෝ කරනවා දැක දැක නේ මේ කොල්ලට ගහන්නේ? එතන දේශපාලන අදාර කරුවෙක් සිටි බවත් ඒ හයිය ගෙන අර කොල්ල සමාව ඉල්ලද්දීත් ගහපු එක ඉතා පහත් ක්‍රියාවක්. ඉතින් දැන් උසාවියේදී වීඩීයෝ කතා කිව්වනම් ඒ අවස්ථාවේදී ඒ වීඩීයෝ කරපු කෙනාටත් ඇයි මෙය නොගැහුවේ? කිසි කමකට නැති කෙල්ලෙක් මෙය. (අ)
මේ කොන්ද පන තියෙන තරුණිය පරිස්සම් වෙන එක හොඳයි. ලංකාවේ සමහර පිරිමින්ගේ "පිරිමිකම්" ගැන කවුද නොදන්නේ. (නදී)
අපි රූප පටිය බැලුවා. කිසිම අසභ්‍ය වචනයක් නැහැ. දේශපාලනය ඔලුවට වැදිලා එයාට (නදී)
කාමාතුරයෙක් කියන්න කොහොම කෙනකුටද? (නදී)
දිනාලි ඔබේ අදහසට මම එකගයි. මම අදහස් කලේ විහිලුවට ලක්වෙන හැසිරීම් සහ නොගැලපෙන විලාසිතා නිසා බහුතරයක් කාන්තාවන් අපහසුතාවන්ට ලක්වන බවයි. සහෝදරියන් ගැන පවුලේ සෙසු සාමාජිකයන් අවබෝදයෙන් ඉන්නවනම් මෙවැනි දේ ටිකක් හෝ අඩුවෙනවා (නදී)
බලන්න මැය දෙස හිතන්න, ඇය සිටිනියේ මානසික ආතතියකින් සහ අනෙකුත් අයගේ අවධානය ලබා ගැනීමේ අරමුණින්, මැයට නිතිය ක්‍රියාමත්මක විය යුතුය (අ)
හප්පේ , යන්තම් ඇති. මම 2015 අපායේ කැලැන්ඩරේට දාන්න සුදුසු නිලියෙක්ව හොයහොයා හිටියේ. දෙන දෙයියෝ දෙනකොට ටොකු ඇන ඇන දෙනවා කියන්නේ මේකට තමයි. (අ)
කරුණාකරලා මෙම තරුණයාට සාධාරණය ඉටු කරන්න. මොන ජාතියකට මොන ආගමකට අයිතිවුනත් මේ තරුණයාට හොද ඉවසිමක් තිබිලා තියෙනවා. ඉතාමත් කණගාටුයි තරුණයා ඔබ ගැන. පිරිමියෙක්වත් සමාවෙන්න කියනකොට තව කෙනෙකුට පහර දෙන්නේ නෑ. මම මේ ගහපු අයට මොකුත් ලියන්නෑ. ඒ ඇය ගැන ලියන්න තරම් දෙයක් අවශ්‍ය නැති නිසා. මුළු පිරිමි සංහතිය වෙනුවෙන්ම ඇයව හෙලා දැකිය යුතුය. මම කාන්තාවන්ට අපහාස කරන්නේ නෑ. ලස්සන හැදිච්ච ළමයෙක් නම් මෙහෙම කරන්නේ නෑ. (නදී)
අදහස් දාපු හේමන්ත කෙනෙක් (එක්කෙනාමද දන්නේ නැහැ ) බලන්නකෝ පාවිච්චි කරන භාෂාව. ඔය ගොරක ලෙල්ල කියන වර්ගයේ උදවිය තමන්ගේ පවුලේත් ඇති නේද ? අදහස් ප්‍රකාශ කරන්න විවේචනය කරන්න ටිකක් ශිෂ්ට විදියට. ඔබේ ගෙදර බවලතෙකුට කවුරු හරි ගොරක ලෙල්ල කීවා නම් මොකද වෙන්නේ ? (නදී)
ඔය කොල්ලා ලස්සන වෙලා හොදට ඇදලා කරලා හිටියනම් ඔහොම ගහනවද (අ)
කාමාතුරයා කියලා නමක් ඒ පුද්ගලයට පටබදින්න එපා (නදී)
සමහරු මේ කාන්තාවගේ ක්‍රියාව හෝ සිදුවීම වෙනුවට ඇගේ රූපය විවේචනය කරමින් රූප සුන්දරී තරඟයක විනිශ්චයකාර තත්වයකට පත් වෙලා. (නදී)
කොල්ලෙක් කෙල්ලෙක්ට ගැහුවා නම් මෙලහකට කූඩුවේ. (නදී)
කේ.කේ. සහ රංජනීට මම මේ කියන්නේ. මම මේක දැක්කද නැත්ද නෙමේ ඔයාල හිතන්න ඕනේ ඔයාලටත් ගැහැණු සහෝදරියන්, අම්මල, ගැණු දරුවෝ ඇති නේද. එයාලට මේ විදියට දෙයක් උනොත් ඔයාල හිනාවෙවී ඉන්නවද. මේ ළමය මෙච්චර ගහපු එක වැරදි තමයි. එ්ත් ආවේගය පාලනය කර ගන්න බැරි විදියට යමක් කියන්න ඇති. රංජනී පිටකොටුවේ යන හැම කෙනාටම එක නරක මිනිහ ගානේ දාල නැහැ. අහම්බෙන් ඉන්නවා නරක මිනිස්සු ටික දෙනෙක්. මොකද මටත් මෙහෙම දෙයක් උනා මම වැඩිහිටි කාන්තාවක් ලගට ගිහිල්ල විස්තරේ කියල එයාල ලගට වෙලා ඉදල තමයි මේ මිනිහගෙන් බේරුනේ. මමනම් ගහන්න ගියේ නැහැ. හැබැයි මම ඔසරියක් ඇදල වැදගත් විදියටයි හිටියේ . මිනිස්සු හැමෝම නරක නැහැ මේ වගේ අසික්කිත මිනිස්සු ටික දෙනෙක් ඉන්නවා. ගොඩක් කාන්තාවන් මේ වෙන හිංසන බොහොම අමාරුවෙන් ඉවසගෙන ඉන්නවා. රංජනී වගේ අයටනම් මේවා ගානක් නැතුව ඇති. මේ පිරිමියාගේ නෝනා එයාව දාල ගියේ අැයි? එයාගේ පැත්තට කතා කරලා එයාව බේරගන්න පුළුවන්නේ. එහෙම කලේ මේ මනුස්සයා ඔයවගේ නරක මනුස්සයෙක් වෙන්න ඇති. අනික ගැහැණු දරුවෙකුත් ඉන්නවා මේ මනුස්සයට. ගෙදර දුවෙක් සහ නෝනා කෙනෙක් කියල ගැහැණු දෙන්නෙක්ම ගෙදර ඉන්නවා. ගෑනුන්ට විහිලු නෙමේ ගෞව්රව කරන්න ඉගෙනගන්න ඕනේ. ඒ වගේම ගැහැණු අයත් හරි පිරිමින්ට ගෞව්රව කරන්න ඕනේ. මේ වගේ අසික්කිත පිරිමින්ට දෙන්න ඕනේ හොද දඩුවම්. (නදී)
තැලෙන යකඩේ දැක්කම උඩ දම දමා තලනවලු (නදී)
මේ කොල්ල මොකට මේ වගේ අයෙක්ට විහිළු කරන්න ගියාද ? (නදී)
මේ ළමයගෙ කථාව සහතික ඇත්ත. මේ බස්පොලවල ඉන්න කාළකණ්ණි වයසක අම්මලාටත් නොහොබිනා කථා විහිලු කරනවා. පස්සෙ හොදට ගුටි කනකොට ලෝකෙ ඉන්න අන්තිම අහිංසකයො. මේවා බල බලා අහක බලාගෙන යන උන් තමයි දැන් මේ තරැණියව උසාවි ගෙනියන්න කියන්නේ. තමන්ගෙ අම්මට සහෝදරියකට මේ වගේ අසභ්‍ය කථා කීවොත් මේ කට්ටිය කියනවද අනේ හොදයි කියලා. (නදී)
එ්කෙන් මේකෙන් අන්තිමට වාරියපොළ පැත්තේ තරුණියන්ගෙන් විවාහ යෝජනා ආවාම මනමාලයෝ කකුල් දෙකට වැඳලා දුවන්න පටන් ගනීද දන්නේ නැහැ. (නදී)
මේ සිද්ධියේ දෙපැත්තේම කරුණු කාරනා හරියටම දන්නේ නැතිව අදහස් පල කරන්න අමාරුයි. එහෙම කරන එක සුදුසු නැහැ කියලා හිතෙනවා (නදී)
කොල්ලා කරපු දේ සාධාරණයි කියන්නෙ නෑ. එ්ත් මේ කෙල්ලගෙ පන්ඩිත කමට ඔහොම වෙලා මදි. වවාගෙන කන්න ගිහින් තමා මෙහෙම වුනේත අනික මීඩීයා වලට පන්ඩිත කතා නොකියා කට වහගෙන හිටියානම් හරිනේ. (නදී)
එම තීරණයට මගෙත් උණුසුම් සුබ පැතුම්. මොනවා කරල හරි කොල්ලට සාධාරණයක් ඉෂ්ට වෙනවනම් ලොකු දෙයක් (නදී)
නියම චණ්ඩි රැජිණක් (නි)
ඔහු අහිංසකයි. ඇයට දේශපාලන බලයක් තියෙනවා වගේ. දඩුවම් කරන්න (නදී)
මෙතන කොමෙන්ට් කරලා තියන කාන්තාවෝ 80% කාන්තාවගේ ක්‍රියාව හෙළා දකින අතර මෙතන සමහරු නමින් පිරිමි උනාට සමහරු නපුන්සක පිරිමි කියලා පේනවා දාල තියන කොමෙන්ට් වලින්ම. එයාල ටික අරින්න ඕනේ අර කිව්වා වගේ කාන්තා එන්.ජී.ඕ එකක බෝඩ් ලෑලි උස්සන්න. (නදී)
ඔය වීඩියෝව බැලුවා . කාන්තාවගේ අහිංසක බවක් නම් දැක්කේ නැහැ . රස්තියාදු කාර ගණිකාවක් වගෙයි හැසිරුනේ . ගැහැණු කෙනෙකුට වරදක් වුණානම් ඒ සම්බන්ද නීතියක් තියනවා . ලංකාවේ පොලිසිවල කාන්තා හා ළමා කාර්යාංශය කියල එකක් තියනවා . කවුරු වුණත් නීතිය අතට ගන්න හදනවනම් ඒක වැරදියි . හරිහමන් පිරිමියෙක් ඔතන හිටියනම් ඔය ගෑනිගේ කලිසම ඔලුවෙන් ගලවන්නේ . (අ)
සෙල්වා ජැන්ඩියට ඇඳලා හොඳ පෝන් එකක් අතේ තියාගෙන ඔය විහිළුව කලා නම් මීට වැඩිය වෙනස් වෙන්න තිබුනා (නදී)
හසන්ති ඔයාට හුඟක් රිදිලා වගේ, පිරිමි අයට අගෞරව කරනවට අපි අකමැතියි වගේම ගෑණු කෙනෙකුගේ ගෞරවයත් අපිට වටිනවා. කෙනෙක් ඉදිරිපත් කරන අදහසට ප්‍රති විරුද්ධව හරි එකඟව හරි ඕනෑම අදහසක් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. හසන්ති ඔයා කාගේ වින්නඹු කම කරත් යමක් තේරුම් ගන්න ඔයාගේ දැනුම හුඟක් මදියි. ඕනෑම තැනක ගෑනියෙක් බොරුවට කඳුළු හැලුවත් එතැනදී වැඩි සැලකිල්ලක් ලැබෙන්නේ ගෑණු කෙනාටයි. එත් පිරිමියෙක් එහෙම තමන්ගේ හිතේ තියන මොන වේදනාවවත් ලෝකෙට පෙන්නන්නේ නැහැ. වරදක් වුණත් අතක් උස්සල එහෙමට හොඳ පිරිමියෙක් ගහන්න උත්සහ කරන්නෙත් නැහැ. ඔයාට වෙන වැඩක් නැහැ වගේ අදහස් සන්සන්ධනය කර කර ඉන්න. අනුන්ගේ ඕපාදුප හොයන ඔයා පලක් ඇති වැඩක් කරා නම් රටට සමාජයට ඔයාට පලක් වෙයි හසන්ති. කන්නාඩියක් ඉස්සරහට ගිහින් මුණ ටිකක් බලන්න. දැන්වත් හැදෙන්න අනුන්ගේ දේවල් හොය හොය කාලේ කන්නේපා. (අ)
කොහොමද කෑම,අති විශිෂ්ටයි සර්. නංගි ජයවේවා (නදී)
අනෙ දිනාලි ඔයා දන්න ඉටිගෙඩියක් නැහැ (නදී)
කාලයක් නයි නලගන අල්ලගෙන හිටියා දැන් මේ කේස් එක, කනගාටුදායක පුවතක් ඇසෙන්න කලින් මේක ඉවරයක් දකිතිවා. (නදී)
මීට වඩා ටිකක් ඉවසීමෙන් වැඩ කලානම් දෙපාර්ශවයේම ගරුත්වය ආරක්ෂා වෙනවා (නදී)
මෙයා ඒ ගැන බොරුත් කියනවා නේද? (නදී)
දුව ඔබ හරියට හරි. ඔවැනි වනචාරින්ට ඔබ දුන්නේ හොද පණිවිඩයක්. කණගාටුවට කරුණ නම් අර වනචරයව තවත් වනාචරින් වීරයෙක් කරන්න හදනවා. අන්න එවැනි එකෙකුට ඔය දේ උනානම් මොකද කරන්නේ (නදී)
මම කව්රු හරිද වැරදිද කියා කියනවා නොවේ. මම දකින එකම වරද අපේ රටේ නගරයක කාන්තාවකට කඩයකට බසයකට යන්න බැහැ, රස්තියාදු පිරිමින් ඕනෑ නැති වචන කියනවා. ඒවාට උත්තර දෙන්න ගියොත් වෙන්නේ අපිට පිහි ඇනුම් පාරකට ලක්වෙන්න. එහෙම නැත්නම් අනෙකුත් සියයක් දෙනාගේම දෝෂරෝපණයට ලක්වෙන්න. සේරම කෙල්ලන් ටික වටවෙලා කොහු ළණුවක් ගෙන, බස් නැවතුමේ කණුවක ඔලුවෙන් හිටවලා බැඳලා ගියානම්... ඒක තමයි මෙවන් පිරිමින්ට දෙන්න පුලුවන් හොඳම දඩුවම (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා? (නි)
වැරැද්ද මොකක්ද නිවෙරෙද්ද මොකක්ද කියල මේ ක්ලිප් එක බලපුහම අපිට තේරෙනවා. මොනවා උනත් සමාවට වඩා ලොකු දෙයක් මේ ලෝකේ කෙහේවත් නැහැ. යම්කිසි පුද්ගලයෙක් වැරැද්දෙක් කරලා මම වැරැද්දක් කර සමාවෙන්න කියලා එයාට තේරුණාම සමාව දෙන එක දේවගතියක්. (නදී)
මම වගේ කොල්ලෙක් නම් දන්නවා කරන දේ (නි)
චන්ඩි නංගියෙක්නේ. (නදී)
කොහොම වුනත් බොහොම සීලාචාර විදිහට හැදිච්ච බබෙක්. උසාවියේදී හරිහමන් නීතිඥයෙක්ට අහුවුනා නම් හරි. (නදී)
මෙයත් නිතිය අතට අරන් (නදී)
මේ තරුණියගේ පැත්ත ගෙන අදහස් දැක්වූ පිරිමි, තමන්ගේ ජීවිතයේ එක පාරක්වත් කෙල්ලෙකුට විහිළුවක් කරලා නැද්ද? (නි)
මේක ෆේස් බුක් එකට දාපු අයට සහෝදරියක් හෝ දියණියක් නැතිව ඇති. අද කාලේ සමහර අය කෙල්ලෙකුට පාරේ බැහැල යන්න බැරි විදිය විහිළු කරනවා. ඒ අයටත් ඒ කරපු විහිළුව අසභ්‍ය එකක් වෙන්න ඇති. මේක මේ දෙන්නගෙම ඕනේ කමට නෙමෙයි අනුන්ගේ උසි ගැන්වීමට මේ ළමයි පොලිසි ගියා කියලයි මටනම් දැන ගන්න ලැබුනේ! මොනවා වෙතත් නුබලා දෙන්නම පරාදයි දරුවනේ! අර කළු කොට් කට්ටිය තමයි දිනන්නේ: නුබලට ඔය දිරච්ච ලනුව දුන් අය එයිද නඩුවට වියදම් කරන්න? (නදී)
ජොනතන්ගේ කතාව නම් නියමයි (නි)
නියම පිරිමි ගැහැනුන්ට අත උස්සන්නේ නැහැ. සෙල්වා නියම පිරිමියෙක්. (නදී)
මෙම ගැහැණු ළමයා සීමාව ඉක්මවා කටයුතු කිරීම නිසා අමාරුවේ වැටුනා. (නි)
අපිටත් සහෝදරයෝ ඉන්නවා, සහෝදරයෙකුගෙන් වැරදි වචනයක් පිටවුණත් අපි එයාලට හයිය පාර්ට් දාන්න යන්නේ නැහැ. පිරිමියෙකුට ගෞරව නොකර ගෑනු අපිට ගෞරවයක් ලැබෙයිද උදාරි. අපි අදටත් අපේ සහෝදරයින්ට ආදරෙයි එයාලත් අපිට ආදරෙයි. මන් උඩ පැන්නේ නැහැ. ඉන්නේ මහපොලවෙමයි උදාරි. (අ)
පහර දුන් පසු පොලිසියට ගිහින් දැන් කියන දේවල් කියල පැමිණිල්ලක් කලා නම් ගොඩ. දැන්නම් ටිකක් අමාරු වෙයි. මුළු ලෝකයම සිද්දිය දැක්කා. නීතිය නොදැනීම නිදහසට කාරණයක් නොවේ. කෝ මේ කාන්තා විමුක්ති සංවිදාන වහාම ක්‍රියාත්මක වෙන්න (නදී)
රටේ නීතියක් කියල තියනවා. ගැහැණු ළමයෙක් උනාම සංවරයක් විනයක් තියෙන්න ඕනෑ. (නදී)
මාධ්‍ය විසින් මෙයාවත් දැන් නයි නළගන වගේ ප්‍රසිද්ධ කරලා. (නදී)
ජීවන්ති,ඉසුරු,දේවිකා, ඔයාල තුන් දෙනාම ඇයි චන්දිට විතරක් දොස් කියන්නේ, තව කි දෙනෙක් ඒ කතාව කියල තියෙනවද...?අනෙක ඔයාල තුන් දෙනාම එක සමාන වෙලාවක ලියල තියෙන්නේ, චන්දිට මඩ ගහන්නම වගේ, ඔයා ඕව ගණන් ගන්න එපා චන්දි, දිගටම ලියන්න (අ)
මට මොහුව කාමාතුරයා කියල හැදින්වපු එක වැරදි කියලා. මොහු ඒ අවස්තාවේ ඒ කෙනාගේ ඇදුමට තමයි මොනවා හරි කියල තියෙන්නේ. එ්කත් අතේ එක් තැනක් ඇරුනු තැනකට පොඩි විහිළුවක් කරලා තියෙන්නේ්. ඒක මම හිතන්නේ කාමාතුරයෙක් කියල අදුන්නන්න තරම් බරපතලයි කියලා හිතන්න බැහැ. මොනා වුනත් එතරම් තද පහරදීමක් කරපු එක නම් බරපතල වරදක් වගේම ඒ ගැහැණු කෙනා එයාගේ හැදිච්චකම ප්‍රදර්ශනය කිරීමක්. ඒ වගේම ඒ පිරිමි කෙනත් ඒ වගේ ප්‍රසිද්ද ස්ථානයක නන්නාදුනන ගැහැණු කෙනෙකුට විහිළු කරපු එකත් වැරදියි (නදී)
මෙයාගේ කන් ඇහෙන්නේ නැතුව ඇති. ගහකින් වැටිලද කොහෙද? (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා. මෙපමණ ප්‍රශ්න තියන රටේ දවසකට කී දෙනෙක් මහ පාරෙම මැරෙනවාද? මේවා මහ ලොකු ප්‍රවෘත්ති කරපු අය මේ සිද්ධියෙන් ඇති වූ අතුරුඵලවලටත් වග කිව යුතුයි. (නදී)
කොහෙවත් තියෙන ප්‍රශ්නෙකට අපි මොකටද කාලය නාස්ති කරන්නේ? (නි)
බොහොම හොඳයි. ජයවේවා! (නි)
මගේ නම් මතයේ හැටියට මේ ගැහැනු ළමයා මානසික රෝගයකින් පෙළෙනවා වගෙයි (නි)
තැන තැන කපලා ඇඟ පේන්න ඇඳුම් ඇඳගෙන හරි ඇඳුම් නැතුව හරි කාගෙන්වත් කතා අහන්නේ නැතුව ඉන්න කාන්තාවන්ට අයිතිය තියනවා. තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නේ නැතිව නොහොබිනා කතා කියන්න යනවට මේවා හොඳ පාඩම්. නමුත් මේ තරුණිය ටිකක් ලොකු ඔලුවෙන් ඉන්න කෙනෙක් බව පේනවා. කව්රුහරි කට කැඩිච්ච කතාවක් කිව්වාම ඒකට දොස් කියනවා මිසක් මේ වගේ මෝඩ උද්ධච්ච වැඩ මීට පස්සේ නොකර ඉන්න එයාටත් හොඳ පාඩම්. දැන් ඉතින් කළු කෝට් කාරයින්ට ගිනි ගෙවා ගෙවා උසාවි ගානේ රස්තියාදු වෙනකොට තේරේවි. (නදී)
ඒ මනුස්සයා සමාව ඉල්ලද්දී වැදලත් කියද්දී කාගෙ හයියක් අරන්ද ඒ මනුස්සයට ගැහුවේ. සිංහල හෝ දෙමල හෝ මුස්ලිම් වේවා. මිනිස්සුන්ට පේන්න එදා බොරුවට රැගුවා. දැන් පොලිසියට ඒ මනුස්සයා කියපු නැති බොරුත් කියනවා. (නදී)
මේ තරුණිය හිතන් ඇති මහා ලොකු වැඩක් කල කියලා. සේයාරු හා වීඩියෝ පටයට අනුව කොල්ලා මහත් වූ ඉවසීමකින් ඉන්නවා සමාවෙන්න කියා කියා. නමුත් ඒ අසරණ කමින් කාන්තාව අනවශය ලෙස පහර දෙනවා. කොල්ලා ජරා කෙනෙක් නම් පිරිසක් මැද මෙහෙම පහරදෙනකම් බලා ඉදීවිද? බලන අපිට හිතෙනවා තරුණිය රට ගොනෙක් කියල තේරෙනවා (නදී)
වාරියපොළ කවුරුත් අදහස් දාලා නැද්ද? (නි)
කියනවා නම් දන්නා චවන මදි. මොනවා කරන්නද? (නි)
කෙනෙකුගේ හැදියාව ගමන බිමන තම ක්‍රියාවෙන් තේරෙනවා. (නදී)
කාගේ කාගේත් අදහස් වලින් පිරිමින්ගේ ස්වභාවය පෙනෙනවා (නි)
චන්දි,රන්ජනී මමත් ඔයාලා සමඟ එකඟයි. (නි)
මගේ ආරක්ෂාව වෙනුවෙන් මම ඉදිරිපත් වීම වැරැදිදැ‘යි ඇය අසන්නීය. හරියට නංගිව දූෂණය කරන්න ආවා වගේ. (නදී)
කොල්ල ඉවසපු හින්ද හොදයි නංගි. මම වගේ එකෙක් නම් ඔය තරම් ඉවසන්නේ නැහැ. (නදී)
මේ පොඩි දෙයක් දැන්වත් ප්‍රසිද්ද නොකර හිටියොත් හොඳයි (නදී)
වාරියපොළ පිරිමි නැද්ද මේක වෙනකම් බලාගෙන හිටියේ? (නි)
මේ සහෝදරියට මාද්‍ය තුලින් දඩුවම් දුන්නා ඇති. සමාව දෙමු (නදී)
අන්තර්ජාතික සම්මත නීතිය අනුව කිසියම් කෙනෙකු විසින් තවත් කෙනෙකුට පහර දිය නොහැක. එමනිසා මෙම පහර දීම මම තරයේ හෙළ දකිනවා. නමුත් මෙම කාන්තාව මෙම පුද්ගලයට පහර දුන්නේ කිසියම් හේතුවක් නිසයි. එම නිසා ඇය කළයුතුව තිබුනේ ලගම පොලීසියට මේ පිලිබදව පැමිණිලි කිරීමයි. ඇය නීතිය අතට ගැනීම නිසා ඇයට නීතිය මගින් දඩුවම් ලැබිය හැක. මෙම පුද්ගලයාටද සුළු දඩුවමක් ලැබීමේ හැකියාවක් ඇත. හේතුව ඔහු කාන්තාවක් අපහසු තාවයට පත්කිරීම සම්බන්දයෙන්. මෙම පුද්ගලයා දෙමල කෙනෙකු වන නිසා සියලුම ශ්‍රිලාංකකිකයන්ගේ අනුකම්පාව දිනාගෙන ඇත. නමුත් මෙම කාන්තාව පුද්ගලයට පහරදෙන තදබල ආකාරය දැක්කාම ඇය විසින් යම්කිසි දේශපාලන හයියාක් ඇගට අරගෙන බවක් වැටහෙනවා. මේ දවස් වල ලංකාවේ තිබෙන ලොකු ලොකු ප්‍රශ්න යට ගැසීමට මෙම ප්‍රශ්නය ගොඩක් උදව් කරන බවයි පෙනෙන්නේ. මගේ මතය නම් මෙම කාන්තාවට දැඩි දඩුවම් ලැබී මෙම පුද්ගලයට සුළු දඩුවමක් ලැබිය යුතුයි. එලෙසම මෙම පුද්ගලයාගේ ඉවසීමේ ගුණය සම්මානයක් පුද කල යුතුයි. ඔහු එලෙස අසරණ උෟයේ ඔහු දෙමල අහිංසක කොල්ලෙකු නිසයි. (නදී)
හය මාසෙකට යවන්ඩයි තියෙන්නේ (නදී)
කොල්ලත් මොකක් හරි හොඳ එකක් කියලා ඇතිනේ.නැත්නම් මෙච්චර ගහන්නේ නැහැනේ. (නි)
හේමන්තගේ නංගිලාට අක්කලාට මේවා පුරුදු ඇති (නි)
හික්මුණු දැහැමි දිවි පෙවතක් ගත කරන තැනැත්තාගේ කිර්තිය වැඩේ .(දිල්)
සෙල්වා අනිවාර්යන් වැරදයි. නමුත් නංගි වැඩ පෙන්නන්න ගිහින් නොන්ඩි උනාද කියලත් හිතෙනවා, නමුත් ගැහැණිය (අප කාගේත් අම්මා) ආරක්ෂා කිරීම අප කල යුතුයි (නදී)
ගොඩාක් පිරිමි සිතාගෙන ඉන්නේ ගැහැණුන් ඉන්නේ ඒ අයගේ විනෝදයට කියලයි (නි)
නීතිය අතට ගැනීමේ අයිතිය කාටවත් නැහැ (නදී)
දැන් ලැජ්ජාව වහ ගන්න මොනවා හරි කරන්නත් එපෑ. (නදී)
මේ සිදුවීම වුනේ මීට වසර ගනනාවකට පෙර. මා රැකියාවට යනවිට තරුන වියේ කෙනෙක් බයිසිකලය පාර අයිනේ නතරකර කලිසම පහත් කර සිටියා. මේ පුද්ගලයා කිහිප ස්ථානයකදීම මේ ආකාරයට සිටියා. අවසානයේදී මා පාර මැදට ගොස් වාහන වලට මේ පුද්ගලයා පෙන්වමින් උදවු ඉල්ලුවා. කිසිවෙක් මා හට උදව්වකට ආවේ නැහැ. මේ සිදුවීම අතරේ ඒ මනුස්සයා බයිසිකලේ නැගලා යන්න ගියා. බයිසිකල් කරුවන් කීපදෙනෙක් යාන්තම් ගමන අඩු කරමින් කීවේ " ඒ මනුස්සයා ලඟ ආයුද තියෙන්ද පුලුවන්' කියා. මා ඒ විට පෙරලා ඇසුවේ" ඔයාලාගෙ අම්මට හරි, නංගිට හරි මේ වගේ දෙයක් උනානම් ඔය කතාවම කියල උදවු නොකර ඉන්නවද ? 'කියල. අද වෙන කොට මේ තත්වය වෙනස් වෙලා හැමෝම වීඩියේ කරන්ඩ ගනියි. උදවු කරන එක වෙනුවට. (නදී)
යම් කිසි හේතූන් නිසා සකස් වී ඇති දෙයක් මිස ආත්මයක් හැටියට ගත යුක්තක් මෙහි නැත (නදී)
කෙසේ වෙතත් ඔබ පමණ ඉක්මවා ගොස් ඇත. ඔබගේ ආරක්ෂාවට තර්ජනයක් මෙම පුද්ගලයා කර හෝ ඔබට අතපය උස්සා පහර දීමට ඔහු පෙලඹුනේ නැත. එවැනි අවස්ථාවක ඔබ විසින් එකවරක් නොව කිහිප වරක් ඔහුගේ කම්මුලට ගැසීම අපි කිසි සේත් අනුමත නොකරමු වැරදිලාවත් මෙම පුද්ගලයා ඔහුගේ ආරක්ෂාවට අතපය ඉස්සුවේ නම් කුමක් සිදුවන්නට තිබුනේද මහජන ආරක්ෂාවට හැම නගරයකම පොලිස් නිලදාරීන් සිටිනවා ඔවුන්ගේ අවදානය ඔබට ගන්න හැකියාව තිබුනා (නදී)
මමත් මෙය පේස් බුක් එකෙන් දුටුවා සිද්දිය කෙසේ වෙතත් මේ ගෑනු ළමයාගේ හැසිරීම නම් ඉතාම පහත් මීට වැඩිය වැදගත් විදියට හසුරුනා නම් ඉතා වැදගත් හරි කෙනෙකුට කලානම් මෙය මේ විදියට අහන්න වෙන එකක් නෑ මොනවා වුනත් මේ වගේ දේවල් දුටුවම කාන්තා පක්ෂය කෙරෙහි තියෙන ගරුත්වයත් අප තුලින් ගිලිහෙනවා (නදී)
තමන්ට වුන දෙයකට එරෙහිවීමට ඇති අයිතිය අපි පිලි ගන්නවා. එනමුත් මිනිසුන් සිය ගණනක් ඉදිරිපිට තමනට අනතුරක් නැත බව දැන දැන වුවද තම කාලකන්නි වෛරය, මානසික වියවුල සංසිදුවා ගැනීම සදහා වීරයෙකු සේ හැසිරෙන අප්‍රසන්න ගැහැණු චරිතයක් දැකීමට ලැබීම අජුවකි. ඇය සමග සිටින නැගණිය ඇමතුමක් දෙමින් තව කෙනෙකුට කියනු ඇසෙන්නේ මෙය නැවතීමට පැමිණෙන ලෙසය. එනම් ඇයට හෝ මේ වියරු සහෝදරිය කීකරු නොවන චරිතයක් බවය. (නදී)
අනේ අමිතට විතරයි කෙල්ල ගැන දුක. අනේ කෙල්ලොත් අනුමත නොකරන මේ කෙල්ලගේ වැඩේ මේ අමිතට අනුමත කරන්ඩ හිතුනේ කොහොමද? (නදී)
මෙම තරුණයා අහිංසකයෙකු බව දැන සිටි නිසා ඔහුට ඇති වෙනතුරු පහර දෙන්නට පෙලඹුන බවත් කිසිවෙකු උදව්වට ඉදිරිපත්ව නැති බවත් මෙහි ඇති සැගවුන සත්‍ය වේ.1983 ජුලි කලබල සමයේ දහස් ගණන් බලා සිටියදී පන පිටින් මිනිසුන් පිලිස්සු විට නිහඩව බලා සතුටු වුන අතීතය සිහි ගන්වයි. (නදී)
අනාගත නයි නලගන (නදී)
කොල්ලෙකුට ඔය විධියට ගහන වෙලාවේ ගුටිකන කොල්ලගෙ උදව්වට මිනිස්සු ඉදිරිපත් නොවුන එක තමයි පුදුමය. එහෙම වුණා නම් මෙයාට මොනව වෙයිද දන්නෙ නැහැ. දූෂනය කරලාවත් අතින්වත් අල්ලලා නෙවෙයි නෙ.හැබැයි පාරට වෙලා ඉදගෙන ගෑණු ලමයින්ට අසභ්‍ය විහිළු කරන අයටත් යම්කිසි දඬුවමක් තියෙන්න ඕන. (අ)
මේ ගැහැණු ළමයාටත් දඩුවමක් දෙන්න ඕනෑ ඔහොම ගැහුවට (නි)
සමහරු මොකද්දෝ මානසික ව්‍යාකූලතාවයකින් අදහස් ලියන බව පෙනෙනවා. (නි)
කාගෙන්වත් උදව් මොකටද පොඩි එකෙක් වගේ ගුටි කෑව මිසක් අතක් ඉස්සුවද මේ කොල්ල.පාරක් දෙකක් ගහල් නිකම් හිටියා නම් ඉවරනේ.වටේ කට්ටිය වීඩියෝ කරන කොට මෝඩ චුන් එක නිසා දිගටම කොල්ලට ගැහැව්වා.කොල්ලගේ කන් ඇහෙන එක නැති වුණොත් ලොකු වන්දියක් ගෙවන්ට වෙයි.කොල්ල එක අතක් ඉස්සුවා නම් කෙල්ලගේ කෑලිත් හොයන්ට බැරී වෙනවා. (අ)
මෙතන එක්කෙනෙකුට නම් මොකද්දෝ ප්‍රශ්නයක් තිබෙන හැඩයි. ඔය ලියලා තියෙන දීර්ඝ කන්කෙඳිරිය අනුව මට නම් හිතෙන්නේ ඔබ පිරිමි නමකින් ලියන ගැහැණු කෙනෙක් කියලා. (නි)
ඕවා පිරිමින්ට හොඳ පාඩම් (නි)
මේනක, මටත් පුළුවන් මට කැමති අදහස් මෙතන පළකරන්න. පළකරන්න සුදුසු නම් පළවේවි. එය ඔබ ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. (නි)
පුදුමාකාර අදහස් තොගයක්. මේ තරම් අනුන්ගෙ ප්‍රශ්න ගැන හිතන, ඒ ගැන හොයන, පරාර්ථකාමී සමාජයක ඉන්න ලැබීමත් මොනතරම් වාසනාවක්ද? (නි)
සමහරු නම් කතා කරන්නේ මාර්ගඵල ලැබුවා වගෙයි (නි)
හසන්ති තමුන්ට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වුනාට පිරිමි අයට මඩ ගහන්න ඉඩ තියන්න බැහැ. සායක් දැක්කම ඇඹරෙන අයත් ඇති. නමුත් එක දාගන්න ගෑණුන්ගේ පදේට නටන පිරිමි නෙමෙයි දැන් හුඟක් ඉන්නේ. තමන්ගේ කට වාචාල කමට එක එක්කෙනාගේ අදහස් ගැන ඔප දූප හොය හොය කාලේ කන්නේ නැතුව අම්මට තාත්තට රටට සමාජෙට වගේම තමන්ටත් වැඩක් ඇති දෙයක් කලානම් නේද හොඳ? වැඩක් ඇත්තෙම නැත්තන් කසාදයක් වත් බැඳගෙන ජීවිතතේ ගත කරන්න. මෙතන ඉන්න කොලන්ගේ ලින්ගබේදය හොයන්නේ නැතුව. අපේ සමහරක් සායක් ඉස්සරහ පුදුම වීරයෝ වෙන්න හදන්නේ. වැරැද්ද වැරද්දමයි. එත් සමාජ සොදකයෙක් විදිහට රන්ගපාන්නේපා හසන්ති. (දී)
පාරේ යන ගැහැණු යට අපහස කරලා තව පොලිසි ගිහින්....මේ ගැහැනු ළමය කරපු වැරද්දෙ හරි...ගැහැණු අයට පාරක බැහැල යන්න බැහැ මේ වගේ රස්තියාදු අය නිසා...නැඟී ඔයාට ජයෙන් ජය
මේ ගැහැණු ළමයා වරදක්ද කළේ? එයාට කරදර කළ අර කොල්ලාට පහරක් දීපු එක වරදක්ද..? (නි)
ඔයා යන්නකෝ නංගී ලංකාවේ හොඳම බවලතිය තෝරන තරඟයට. (නි)
මෙයා ජනප්‍රිය වෙන්න කරපු වැඩක් (අ)
කොහොමත් ගැහැණියක් දෙනෝදාහක් මැද පාරේ දූෂණය කළත් බලාඉන්න හරි වීඩියෝ කරන අය හරි තමයි මේ රටේ දැන් ඉන්නේ....... (නි)
අනේ කාලේ වනේ වාසේ (දී)
අනුර පනාගොඩ මොන ජාතියේ කෙනෙක්ද මන්දා? (නි)
අපේ මිනිස්සුන්ගේ ආකල්ප වල තමා ප්‍රශ්නේ තියෙන්නේ. කෙල්ලෙක් කොල්ලෙක්ට ගහපු එක ගැන මෙච්චර වද වෙනවා. එත් කෙල්ලොන්ට කොල්ලන්ගෙන් වෙන ප්‍රශ්න වලට කතා කරන්න කව්රුත් නෑ. තමන්ගේ කෙනෙක්ට උනා නම් තමා කාටත් තේරෙන්නේ . (ස)
මෙම පහර දීම අනුමත නොකරමි, වැරද්දක් කරන්න ඇති නමුත්, එකක් දෙකක් ගැහුවා ඒ ඇති, මේ ගැහැණු ළමයට මොකක් හෝ (දේශපාලන) බලයක් ඇති එකයි මෙච්චරම හයි පාට් එකක්.....!!(අ)
අහෝ ශ්‍රී ලංකාවටත් ගිය කලක්! ගැහැණුන් පිරිමින්ට එහා ගිහින් වගේ. මෙහෙම ගියොත් රටට දෙවියන්ගේම පිහිටයි.කෙසේවෙතත් මේ ගැහැණු ළමයාට එසේ කිරීමට ඇති අයිතිය මොකක්ද?ගැහැණුන්ට වෙන අසාධාරණ අන්න්තයි. ඒ අතින් බැලුවහම දුන් දඬුවම නම් හොඳයි. කොහොම වෙතත් ඒ ගැහැණු ළමයාගේ හැසිරීම නම් අනුමත කරන්න බැහැ (නි)
දැන් මේ මේනක කියන එක්කෙනා මොකද මෙතන බණ දේශනාවක් පටන්ගෙන තියෙන්නේ? (නි)
අපෝ මේනක, මොකද්ද මේ අඬවැඩියාව? මොකද මේ බවලතෙක් කියපු දෙයකට මෙහෙම කුලප්පු වෙලා? (නි)
කියන්න දේවල් තියනවා ඒවා මේකේ දාන්න බෑ (අ)
බලාගෙන ගියාම දැන් ඉස්සරහට කෙල්ලොත් පොල්ගස් නගී වගෙයි (නි)
මෙම පොඩි වීඩියෝ ක්ලිප්එක බලල කව්දහරි කියල කියන්න අමාරුයි.කෙල්ලෙක් නිකන් පිරිමියෙකුට ගහන්නෙත් නැහැ, කොල්ලත් බේරීමටවත් අතකවත් උස්සන්නේ නැහැ, කොල්ලගේ බාහිර පෙනුම නම් මදාවියෙක් වගේ. නමුත් ගුටිකන විදිහටනම් අහිංසකයෙක් වගේ. (අ)
නුතන සමාජයේ කාන්තාවගේ හැසිරිමේ තවත් එක් පැතිකඩක්. (නි)
මොකද මේ සමහරු කලබල වෙලා? (නි)
මට හිතෙන්නේ මේනක රාජපක්ෂ නම් කිහිපයකින් ලියනවා. කමක් නැහැ තමාගේ හිතේ තියන දේවල් නේ. බවලතුන්ට හැදෙන හැටි ගැන දීපු උපදෙස් නම් හැබැයි ටිකක් වැඩියි වගේ. අපිට බැහැනේ කොහෙවත් ඉන්න කාන්තාවන් හදන්න යන්න. (අ)
වැරදි නැහැ හැබැයි ඔයා හැසිරිණු ආකාරය වැරදි නංගි (අ)
සිංහල භෂාවෙන් කියනවනම් හොදට පදම් කෙල්ලෙක් (අ)
මුඩුක්කු ජීවිතයක් ගත කරන කෙල්ලෙක් වගේ..කොල්ල අත ඉස්සුවා නම් මේයාට දුවන්න පාර මදි (අ)
කොල්ල කරපු වෙඩේ වැරදී නමුත් නිතිය අතට ගැනීම වැරදි (අ)
පාරේ යන ගැහැණු අයට අපහාස කරලා තව පොලිසිත් ගිහින්....? මේ ගැහැණු ළමයා කළ දේ හරි. ගැහැණු අයට පාරක බැහැලා යන්න බැහැ මේ වගේ අය නිසා. නංගී, ඔයාට ජයෙන් ජය! (නි)
තමන්ගේ ආත්මය වෙනුවෙන් නැඟීසිටි ගැහැණු ළමයාට මෙහෙම කරන එක මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
හප්පච්චියේ මොකැයි මේ කාලගෝට්ටිය. බවලතුන් එලි බැහැල හැඩයි. යසයි යසයි කිසිම සීලාචාර කමක් නැතුව දොඩන අපූරුව. බොල ගැහැණු ලමිස්සියෝ වුනහම සංවර කමක් තියන්න එපැයි නේද? පිරිමි උදවියත් එක්ක ඔහොම හරි හරියට එකට එක කියාගෙන යනවද සංවරයක් නැතුවා වගේ. අපේ කාලේ නම් යස දඬුවමක් දෙනවා එහෙනන්. පිරිමියෙකුගේ ගරුත්වය කෙලෙසන විදිහට අරුමෝසම් විච්චුරණ කොරන්නෙත් මෙහෙවූ ගෑණු ලමිස්සියෝම නේද? ඉතින් පහුවුනාම කනෝ කනෝ කියල කෑ මොර දුන්නට පලක් වෙයිද? හනේ අම්මපා දැන් හැදෙන උන් නන්. (දී)
මේ.ගෙනු ළමය පිරිමි ළමයට ගොඩක් ගහල අපහස කරනවා ඒ පිරිමි ළමයාගේ බිරිද එයාව ඇත ඇරලා ගිහින් එයට ලජ්ජාවත් එක්කම දරුවා බිරිය නැති වුණා. ඒ වෙනුවෙන් වන්දියක් ලැබෙන්න ඕන (අ)
කෝ මේ කාන්තා සංවිධාන. මේ ගෑනු දරුවට අසාධාරණයක්. හරි දෙය නොදැක නොදැන මහා බොරු මඩ ප්‍රචාර දැම්මා. ඇත්තටම ගැනුදරුවෙක් දුෂණය වෙනකොටත් මේ මිනිස්සු වීඩියෝ කර කර ඉදි කිසිම උදව්වක් නොකර . හැබැයි වෙන අසධරණයට කතා කරන්න බල්ලෙක්වත් නැහැ. පොඩ්ඩක් මේ පිටකොටුවට ගිහින් බලන්න මේ වනචර මිනිස්සු ගැණු කෙනෙකුට යන්න දෙනවද කියල හරියට. පස්සෙන්ම එනවා මහා ජරා කුණුහරුප කියා කියා අනික් අයට ඇහෙන්නේ නැතිවෙන්න. මේවට දෙන්න උදව්වක් ගෑනුන්ට වෙන මේ අසධාරණකම් වලට. මේ තිලිනි ගෑනුදරුවත් ඇත උඩින් ඇරපු ඇදුමක් ඇන්දට මේ ළමයාගේ නරකවිදියට ඇඳලා නැහැ. මේ විහිලුකරපු අසික්කිත මිනිහට මිනිහට මොකක් හරි මානසික ලෙඩක් ඇති මේ වගේ දේවල් ගෑනුන්ට කියන්න. ඒක තමයි මේ මිනිහව දාලා ගියේ .(අ)
කවද හරි මේ කෙල්ලට කොල්ලෙක් බඳින්න ලැබුනොත් අනේ ඒ කොල්ලට දෙවියන්ගේ පිහිටම තමා (අ)
කිසිම කමකට නැති රස්තියාදුකාර නගර සොබනියක් ...පව් අර කොල්ල දෙන්න තිබ්බේ බිම පෙරලගෙන ගෑනුන්ගෙන් ගුටි කන්නේ නැතිව (අ)
මෙයාට උදව් කරන්න !!! වටේ ඉන්න කොල්ලෝ ටික දුවන්න බලන් ඉන්නේ කොයි වෙලේ කන්න වෙයිද කියල බයේ (අ)
ජනු ඔයටයි මානසික ලෙඩක් තියෙන්නේ (අ)
සිරී ඔයාගේ කතාව හරියටම හරි සිරී, ඔය කෙල්ල හැසිරෙන විදිහට ඊටත් එහා ගිය කෙනෙක් විදිහට තමයි පෙන්නේ. එත් මේ සමහර කොලු කෙල්ලන් එක එක විදිහට එයාව සුද්ද කරන්න හදනවනේ. රටේ නීතිය අතට අරන් ඔය විදිහට වෙනකාට හරි පාර්ට් එකක් දැම්මනම් සම්බුව එතනදීම හම්බෙනවා. (ස)
දැන් අන්තිමේදී මොකක්ද මේකෙන් ලැබුණු සෙතේ? තමන්ට පාරේ බැහැලා යන්නත් බැරිවුණා නේද? (නි)