හම්බන්තොට වරාය ගොඩනගා ගැනිම ඉතා බැරැරුම් කාර්යයක් බවත් දෙවන අදියරේ වරාය සෑදිමට ඩොලර් බිලියන 1.2 වැය කර ඇති බවත් චීන රජය සමග එය පියවන ආකාරය ගැන සාකච්ඡා කරමින් යන බවත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී පැවසීය.
ජනපති හා අගමැති කළ විදෙස් සංචාරයේදි ආයෝජකයන් ඉදිරිපත් විම හරහා වරාය දියුණු කළ හැකි බවත් චීන රජයෙන් හම්බන්තොට කර්මාන්ත පුරයක් ඇති කිරිමට ඉල්ලා ඇති බවත් කී ඇමැතිවරයා ආයෝජකයින් ගේ කර්මාන්ත ගැන සොයා බලා අගමැතිතුමාගේ මුලිකත්වයෙන් ඇති ආර්ථික උපදේශක කමිටුව මගින් සාකච්ඡා කර සියලුම තීරණ ගන්නා බව ද කීවේය.
අමාත්‍යවරයා වරකාගොඩ ඥානරතන අස්ගිරි මහනාහිමියන්ද බැහැ දැකීමට ගියේය.
එහිදී මාධ්‍ය හමුවේ ඇමැතිවරයා කියා සිටියේ ‘වරාය කියන්නේ හොරකම මුලිකව තියෙන තැනක්. ජනපතිතුමා හා අගමැති මට වරාය භාර දුන්නේ එහි හොරකම නැති කරල සුද්ද කරන්න.හොරකම නවත්තනකොට ඒවයින යැපුන දායකත්වය දුන්නු අය ප්‍රශ්න ඇති කරනවා. ඒක මට වෙච්ච දෙයක් නෙමෙයි හැම ඇමැති කෙනකුටම වුණා. අපි තීරණයක් අරන් තියෙනව මොන දේ වුණත් හොරකම නවත්තනවා. සේවකයන්ගෙ කිසිම දෙයක් කප්පාදු කරන්නෙ නෑ‘ යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගැන මුළු රටම දැනගත්තා (ම)
මේවා ගොඩ ගන්න නම් සුදුසු තැන සුදුසු අයට දෙන්න , පාඩුව අවම කරන්න පුළුවන්. (ර)
රණතුංග නම කෑවා. පොර්ට් සිටි එක ගැන මෙයාල කියපුව. දිව දෙකේ , දෙකේ කොලේ මිනිහෙක් මෙයා (බ)
ශ්‍රී ලන්කන් එයා ලයින් එක පුද්ගලික අංශයත් එක්ක එකතුවෙලා ගොඩ ගත්තාම, එහි ආර්ථික ප්‍රතිලාභ වලින් කොටසක් අඩු ආදායම් ලාභී ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් වෙන්කරනවලු (ම)
සුදුසුකමක් නැති අය්යාවයි හිතවතුන් හිතවතියන් කීපදෙනෙකුයි වරායට හා අදාළ ආයතනවලට දාගෙනනේ මෙතුමා එ්ක කරන්න හදන්නේ. (බ)
අපිටත් පේනවා උඩ ඉඳන්ම හොරකම මුලිකව තිබෙන තැනක් බව! (බ)
කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැතිලු... (ර)
ලංකාවේ ඉන්න සියලු කම්බ හොරු වැඩේ පත්තු වී ගෙන එනකොට පිට පොට ගහගෙන අවසානයේදී ඉස්සෙල්ලාම දුවන්නේ මහානායක දෙන්නා ලගට ඉස්තරම් පලතුරු සහ හොද වටිනා කියන තෑගි බෝග එහෙමත් අරගෙන. එකම ප්‍රාර්ථනාව මහනායක දෙන්නා ලවා ජනාධිපතිට හෝ අගමැතිට කෝල් එකක් දී ගෙන තමුන්ට අහිමිවීමට නියමිත දේවල් තවදුරටත් තබාගැනීමට බලපෑම් කරවා ගැනීම.(බ)
මෙයා පොර්ට් සිටි එකට කිව්වේ මොනවද ? අනේ මෙහෙමත් දෙපිට කාට්ටු මිනිස්සු (බ)
එදත් රැවටුණා.අදත් රැවටෙනවා. හෙටත් අපි රැවටෙන්නෙමුද?පොරකාලා ඉල්ලමක් අරගත්ත කොයි ඇමති කීවෙත් ඔය ටිකමය. ජනතා අභිලාෂ තවමත් උඩුගුවනේද? (බ)
හොරාගේ අම්ම පේන බලනවා. (බ)
දන්නා කෙනෙක් ලියනවද මේ ඇමතිගෙයි, සභාපති අයියගෙයි තියන අධ්‍යාපන සුදුසු කම රටේ හදවත වගේ තියන මේ වරාය පාලනය කරන්න. (බ)
අනේ එහෙම කියන්නේ එපා අර අහිංසක චන්ඩි සහෝදරයා වාරයේ හොරකම අඩු කරයි (බ)
ලජ්ජා නැතිව බොරුත් වමාරනවානේ...කවදාහරි වෙනත් ආණ්ඩුවක් යටතේ එෆ් සි අයි ඩී එකට යන්න ලැහැස්තිවෙලා ඉන්න. (බ)