හම්බන්තොට වරාය ගොඩනගා ගැනිම ඉතා බැරැරුම් කාර්යයක් බවත් දෙවන අදියරේ වරාය සෑදිමට ඩොලර් බිලියන 1.2 වැය කර ඇති බවත් චීන රජය සමග එය පියවන ආකාරය ගැන සාකච්ඡා කරමින් යන බවත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී පැවසීය.
ජනපති හා අගමැති කළ විදෙස් සංචාරයේදි ආයෝජකයන් ඉදිරිපත් විම හරහා වරාය දියුණු කළ හැකි බවත් චීන රජයෙන් හම්බන්තොට කර්මාන්ත පුරයක් ඇති කිරිමට ඉල්ලා ඇති බවත් කී ඇමැතිවරයා ආයෝජකයින් ගේ කර්මාන්ත ගැන සොයා බලා අගමැතිතුමාගේ මුලිකත්වයෙන් ඇති ආර්ථික උපදේශක කමිටුව මගින් සාකච්ඡා කර සියලුම තීරණ ගන්නා බව ද කීවේය.
අමාත්‍යවරයා වරකාගොඩ ඥානරතන අස්ගිරි මහනාහිමියන්ද බැහැ දැකීමට ගියේය.
එහිදී මාධ්‍ය හමුවේ ඇමැතිවරයා කියා සිටියේ ‘වරාය කියන්නේ හොරකම මුලිකව තියෙන තැනක්. ජනපතිතුමා හා අගමැති මට වරාය භාර දුන්නේ එහි හොරකම නැති කරල සුද්ද කරන්න.හොරකම නවත්තනකොට ඒවයින යැපුන දායකත්වය දුන්නු අය ප්‍රශ්න ඇති කරනවා. ඒක මට වෙච්ච දෙයක් නෙමෙයි හැම ඇමැති කෙනකුටම වුණා. අපි තීරණයක් අරන් තියෙනව මොන දේ වුණත් හොරකම නවත්තනවා. සේවකයන්ගෙ කිසිම දෙයක් කප්පාදු කරන්නෙ නෑ‘ යනුවෙනි.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘වරාය හොරකම මූලිකව තිබෙන තැනක්‘
පුබුදු Friday, 29 April 2016 03:13 AM
මේවා ගැන මුළු රටම දැනගත්තා (ම)
ආනන්ද දොඩන්ගොඩ Thursday, 28 April 2016 01:56 PM
මේවා ගොඩ ගන්න නම් සුදුසු තැන සුදුසු අයට දෙන්න , පාඩුව අවම කරන්න පුළුවන්. (ර)
සම්පත් Friday, 29 April 2016 04:18 AM
රණතුංග නම කෑවා. පොර්ට් සිටි එක ගැන මෙයාල කියපුව. දිව දෙකේ , දෙකේ කොලේ මිනිහෙක් මෙයා (බ)
චන්දා Friday, 29 April 2016 05:35 AM
ශ්‍රී ලන්කන් එයා ලයින් එක පුද්ගලික අංශයත් එක්ක එකතුවෙලා ගොඩ ගත්තාම, එහි ආර්ථික ප්‍රතිලාභ වලින් කොටසක් අඩු ආදායම් ලාභී ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් වෙන්කරනවලු (ම)
කුමාර Thursday, 28 April 2016 03:34 PM
සුදුසුකමක් නැති අය්යාවයි හිතවතුන් හිතවතියන් කීපදෙනෙකුයි වරායට හා අදාළ ආයතනවලට දාගෙනනේ මෙතුමා එ්ක කරන්න හදන්නේ. (බ)
සුසන්ත Thursday, 28 April 2016 03:35 PM
අපිටත් පේනවා උඩ ඉඳන්ම හොරකම මුලිකව තිබෙන තැනක් බව! (බ)
ජනහිත Thursday, 28 April 2016 05:57 PM
කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැතිලු... (ර)
අරවින්ද Thursday, 28 April 2016 06:19 PM
ලංකාවේ ඉන්න සියලු කම්බ හොරු වැඩේ පත්තු වී ගෙන එනකොට පිට පොට ගහගෙන අවසානයේදී ඉස්සෙල්ලාම දුවන්නේ මහානායක දෙන්නා ලගට ඉස්තරම් පලතුරු සහ හොද වටිනා කියන තෑගි බෝග එහෙමත් අරගෙන. එකම ප්‍රාර්ථනාව මහනායක දෙන්නා ලවා ජනාධිපතිට හෝ අගමැතිට කෝල් එකක් දී ගෙන තමුන්ට අහිමිවීමට නියමිත දේවල් තවදුරටත් තබාගැනීමට බලපෑම් කරවා ගැනීම.(බ)
සමිත් Thursday, 28 April 2016 09:33 PM
මෙයා පොර්ට් සිටි එකට කිව්වේ මොනවද ? අනේ මෙහෙමත් දෙපිට කාට්ටු මිනිස්සු (බ)
වින්සන්ට් Thursday, 28 April 2016 10:02 PM
එදත් රැවටුණා.අදත් රැවටෙනවා. හෙටත් අපි රැවටෙන්නෙමුද?පොරකාලා ඉල්ලමක් අරගත්ත කොයි ඇමති කීවෙත් ඔය ටිකමය. ජනතා අභිලාෂ තවමත් උඩුගුවනේද? (බ)
මැගිලින් Thursday, 28 April 2016 11:21 PM
හොරාගේ අම්ම පේන බලනවා. (බ)
ඇසළ Friday, 29 April 2016 12:11 AM
දන්නා කෙනෙක් ලියනවද මේ ඇමතිගෙයි, සභාපති අයියගෙයි තියන අධ්‍යාපන සුදුසු කම රටේ හදවත වගේ තියන මේ වරාය පාලනය කරන්න. (බ)
ශානක Friday, 29 April 2016 12:39 AM
අනේ එහෙම කියන්නේ එපා අර අහිංසක චන්ඩි සහෝදරයා වාරයේ හොරකම අඩු කරයි (බ)
රොහාන් දයාදර Friday, 29 April 2016 12:47 AM
ලජ්ජා නැතිව බොරුත් වමාරනවානේ...කවදාහරි වෙනත් ආණ්ඩුවක් යටතේ එෆ් සි අයි ඩී එකට යන්න ලැහැස්තිවෙලා ඉන්න. (බ)