IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වරාය හිටපු සභාපතිටත් ඇප

හිටපු වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රම සහ තවත් දෙදෙනකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවරා තිබූ නඩුව අද (27) විභාගයට ගත් අතර එහිදී එක් අයකුට රුපියල් ලක්ෂ 50 බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

එසේ ඇප නියම වූ අනෙක් දෙදෙනාවූයේ සංජය කුමාර හා මුදියන්සේලාගේ නිමල් යන අයය.

දේශපාලන කටයුතු සඳහා වරාය අධිකාරියේ සේවකයින් යොදාගෙන රජයට රුපියල් ලක්ෂ 650කට අධික මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව නඩු පවරා තිබිණි. පෙර නිකුත් කැර තිබූ නොතීසි අනුව ඔවුහු අද අධිකරණයේ පෙනී සිටියහ.

ඔවුන්ට විදෙස් ගතවීමද තහනම් කැරුණු අතර වැඩිදුර විභාගය සැප්තැම්බර් 28 වැනිදාට කල් තැබිණි.



අදහස් (0)

වරාය හිටපු සභාපතිටත් ඇප

සුදේශ් Friday, 27 May 2016 08:47 AM

ඔහොම තමයි මේ රටේ හැටි. ඔබ වගේ දක්ෂ නිලධාරීන්ගේ අතපය බැඳදැමූ එක රටේ අවාසනාව (නි)

:       0       0

ගම්පොළගෙදර Friday, 27 May 2016 08:58 AM

බත් පැකට් එක අතේ අරගෙන බස් එකෙන් වැඩට ආ සමහර මහත්වරු වෘත්තිය සමිති නායකයෝ වෙලා කඩේ ගිහිල්ලා අවුරුදු කීපකින් කෝටිපති ව්‍යාපාරිකයෝ වුණේ කොහොමද? ආයෙත් මොනවද ඔප්පු කරන්න තියෙන්නේ? (නි)

:       0       0

ෂෙල්ටන් Friday, 27 May 2016 09:39 AM

ලබන ඡන්දෙට මොනවා කියන්නද මන්දා! (නි)

:       0       0

යසපාල Saturday, 28 May 2016 12:06 AM

වරදක් කර කිසිදා සැඟවී සිටිය නොහැක (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 28 May 2016 01:05 AM

නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ වුණත් ඕනෑ එකක් කියලා අපි පාඩුවේ ඉඳිමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 788 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site