හිටපු වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රම සහ තවත් දෙදෙනකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවරා තිබූ නඩුව අද (27) විභාගයට ගත් අතර එහිදී එක් අයකුට රුපියල් ලක්ෂ 50 බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
එසේ ඇප නියම වූ අනෙක් දෙදෙනාවූයේ සංජය කුමාර හා මුදියන්සේලාගේ නිමල් යන අයය.
දේශපාලන කටයුතු සඳහා වරාය අධිකාරියේ සේවකයින් යොදාගෙන රජයට රුපියල් ලක්ෂ 650කට අධික මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව නඩු පවරා තිබිණි. පෙර නිකුත් කැර තිබූ නොතීසි අනුව ඔවුහු අද අධිකරණයේ පෙනී සිටියහ.
ඔවුන්ට විදෙස් ගතවීමද තහනම් කැරුණු අතර වැඩිදුර විභාගය සැප්තැම්බර් 28 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම තමයි මේ රටේ හැටි. ඔබ වගේ දක්ෂ නිලධාරීන්ගේ අතපය බැඳදැමූ එක රටේ අවාසනාව (නි)
බත් පැකට් එක අතේ අරගෙන බස් එකෙන් වැඩට ආ සමහර මහත්වරු වෘත්තිය සමිති නායකයෝ වෙලා කඩේ ගිහිල්ලා අවුරුදු කීපකින් කෝටිපති ව්‍යාපාරිකයෝ වුණේ කොහොමද? ආයෙත් මොනවද ඔප්පු කරන්න තියෙන්නේ? (නි)
ලබන ඡන්දෙට මොනවා කියන්නද මන්දා! (නි)
වරදක් කර කිසිදා සැඟවී සිටිය නොහැක (නි)
නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ වුණත් ඕනෑ එකක් කියලා අපි පාඩුවේ ඉඳිමු (නි)