(අජන්ත කුමාර අගලකඩ)

වරායේ සිරවී ඇති අනවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් හෙට සිට නිදහස් කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීප ට පැවසීය.

ඒ සඳහා අවශ්‍ය ඩොලර් බැංකු වෙත වරින් වර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟතාව පළ කළ බව ද ඔහු සඳහන් කළේය.

මහ බැංකුව සමඟ එම කටයුතු සම්බන්ධීකරණය සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු යොමුකර ඇතැයි කී ඇමති ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් මා බැංකුවේ නිලධාරීන් සමඟ අද (06) සාකච්ඡා කළ බවද කීවේය.

අල ,ලූනු , පරිප්පු ,මිරිස්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් විශාල ප්‍රමාණයක් ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ සිරවී ඇතැයි කී ඇමැතිවරයා ඒවා අද සිට නිකුත් කිරීමත් සමඟ වෙළඳපොලේ භාණ්ඩ මිල ගණන් වල අඩුවීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද යැයි ද කීවේය.