හම්බන්තොට මාගම්පුර වරායේ උපවාසයේ යෙදී සිටින්නන්ට මාගම්පුර වරායේ මෙහෙයුම් කටයුතු වලට බාධා නොකරන ලෙසට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද නියෝග කළේය.
එම නියෝගය හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස් මහතා වර්ජනයේ නියැලී සිටින වරාය සේවකයින්ට බාර දුන්නේය.
අධිකරණ නියෝග අනුව වරායේ පිවිසුම් දොරටුව අසල ඇති අට්ටාලය ඉවත් කරගෙන වරායේ කටයුතු වලට බාධාවක් නොවන ලෙස වෙනත් ස්ථානයක අට්ටාලය ඉදි කර උපවාසය යළි අරඹන බව වරාය සේවක සංගමයේ සභාපති සුරංග ලක්මාල් මහතා කීවේය.
හම්බන්තොට වරායේ දොරටු අවහිර නොකිරීම,වරායට ඇතුල් වන හා පිටවන ජාත්‍යන්තර නැව් වලට හා වෙනත් යාත්‍රා වලට හානි නොකිරීම, වරායට පැමිණෙන නිත්‍යනූකුල පොලිස් හා නාවික හමුදා සේවාවන්වලට තර්ජනය නොකිරීම, වරායේ මෙහෙයුම් කටයුතු වලට අවශ්‍ය යම් උපකරණ හා යතුරු වේනම් ඒවා යම් වගකිව යුතු නිළධාරියෙක් ඉල්ලා සිටින අවස්ථාවක දි ප්‍රමාදයෙන් තොරව ලබා දීමට කටයුතු කිරිම, වරායේ කිසිදු චංචල හෝ නිෂ්චල දේපලකට හානි සිදු නොකිරීම, වරාය අධිකාරියේ යම් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන්ට බාධා නොකිරීම, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා වරායේ චංචල හා නිෂ්චල දේපල භාවිතා නොකිරීම යන කරුනු අධිකරණ නියෝගයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා තවම බැරිවුණාද මේ ප්‍රශ්නය විසඳාගන්න? (නි)
මම දන්නා විදිහට නැව් එහාට මෙහාට කරන්නේ හාබර් මාස්ටර්. වරායේ විතරක් නොවෙයි සෑම වැඩ කරන ස්ථානයකම වෘත්තීය අරගල තිබෙනවා (නි)
ඉතාමත් අත්‍යවශ්‍ය නියෝගයක් (නි)
රටට මොනවාවෙලා හරි අරයව බලයට ගේන්න සමහරු බලන්නේ (නි)
ඔයාල දන්නවද, ඒ කොට කලිසමයි ටී ෂර්ට් එකයි නේවි සී යුනිෆෝම් එක (නි)
නාවික හමුදාපතිතුමාගේ ඇඳුම ගැන කරදරවෙන අය දන්නෙ නැහැ හමුදාවල ඉන්න අය විවිධ අවස්ථා වලදී විවිධ ඇඳුම් අඳින බව. කොට කලිසම සහ ටී ෂර්ට් එක එයින් එකක් බව. පහුගිය කාලේ ඒ අය වැලිපාක් වගේ ඉදිකිරීම් කරන විටත් ඇන්දේ එවැනි ඇඳුමක්. (නි)
දැන් උසාවියත් වටකරයිද? සවස 2.00 පස්සේ සිල් පවාරණය කරයිද? (නි)
අනේ ඇත්තට ප්‍රශ්නයක් විසඳාගන්න යන කාලයක තරම! (නි)
හොඳයි (බ)
හාබර් මාස්ටර් නෙමේ. ඕන මාස්ටර් කෙනකුට කරන්න බැරි දේ කරන්න තමා හමුදාව ඉන්නේ.(බ)
අනේ පව් මෙයා; ගහන්න එපා නාවික හමුදපති උතුමාණන්ට. රාජකාරියේ ඉන්නකොට (දැන් නාවික හමුදා අලුත්ම යුනිෆෝර්ම් එක කොට කලිසම, ටී ෂර්ට් එක, දෙක සපත්තු මෙයා - හරි ලස්සනයී මෙයා. හරි ගාම්බීරයී මෙයා) කවුද පත්තර කාරෙයෙක් හමුදාපති උතුමාණන්ට බාධා කරලා මෙයා. දැන් ජහා පාලනයෙන් නඩු දාලා මෙයා. හොද වැඩේ මෙයා. (බ)
මේ හැමදෙයකම යටින් ඉන්නේ අර කෙනා.....අතුල ඔබ හරි. මේ රටේ ඉන්නේ පුදුම මෝඩයෝ රැලක් .. පුද්ගලයින්ට වඩා රට ලොකුයි කියල හිතෙන්නේ නැ.....(බ)