IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වරාය පුරයට ෆයිල් ගහයි

කොළඹ වරාය පුරයේ වැඩ නතරකර ඇතත් ගොඩකළ පෙදෙස් මෝසම් සමයේ මුහුදු කෑම වැළැක්වීම සඳහා චීන සමාගමේ ඉල්ලීම අනුව ෆයිල් ගැසීමට ඉඩ දී ඇතැයි වරාට ඇමැති අර්ජුන රණතුංග මහතා කියයි.

පසුගිය රජයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හිතුමතේට ආරම්භ කළ මෙය මුළුමනින්ම යළි මුල සිටම සොයා බලා අවශ්‍ය වුවහොත් සැලසුම් යළි සකසා ඇතැයිද ඇමැති කීවේය.

මත්තල ගුවන්තොට ගැන සඳහන් කළ ඇමැති පැවසූයේ එම ගුවන්තොටට ආයෝජකයකු සොයා ගැනීමට රජය අපොහොසත් වුවහොත් එහි නඩත්තුව වෙනුවෙන් මාස්පතා සොයා ගත යුතු රුපියල් විසිපන් කෝටිය සම්බන්ධයෙන් අමාත්‍යංශය අවුලකට පත්වනු ඇතැයිද එහෙයින් එම ගුවන්තොටට දේශීය හෝ විදේශීය ආයෝජකයකු සොයන බවත් එහෙත් එය වසා නොදමන බවත් ඔහු කියයි.

මත්තල ගුවන්තොටේ 400 ක් පමණ වූ සේවකයන්ගෙන් 250 දෙනකු කටුනායකට මාරු කර ඇතැයිද ඔහු කියයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය හා පාඩු ලබන මිහින් ලංකා ගුවන් සේවය ඒකාබද්ධ කළ යුතුද නැද්ද යන්න ජේ.සී.වැලිඅමුණ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරන බවත් ඔහු කියයි. එම වාර්තාව ලබන 31 වැනිදා ලැබීමට නියමිතය.

 

 



අදහස් (0)

වරාය පුරයට ෆයිල් ගහයි

දුමින්ද Thursday, 19 March 2015 06:30 AM

මහා සංවර්ධනයක් බලාපොරොත්තු වියහැක්කේ අදට නොව හෙටටය (නි)

:       0       0

අසංක Wednesday, 18 March 2015 06:43 PM

මට කලින් අර්ජුන ගැන ගෞරවයක් තිබුණා. දැන් නම් දැක්කත් අප්‍රසන්නයි (නි)

:       0       0

මාලි Thursday, 19 March 2015 06:44 AM

බූරුවො ටික එකතුවෙලා පත්කලා දැන් විදවපල්ලා (බ)

:       0       0

නඩරාජා Wednesday, 18 March 2015 07:02 PM

අයියෝ! නැඟූ ඝෝෂාව දැන් සැර බාලවෙලා වගෙයි (නි)

:       0       0

නිමල්ක Thursday, 19 March 2015 06:52 AM

වැඩේ නම් කැතයි හො‍ඳේ (නි)

:       0       0

නිමල් Wednesday, 18 March 2015 08:10 PM

මොන අපරාධයක්ද අනේ මේ කළේ මිනිසුන්ගේ සල්ලි වලින්? (නි)

:       0       0

දයාන් Thursday, 19 March 2015 07:23 AM

මේ ව්‍යාපෘතියට අපි ණය අරගෙන නැ. බොරුවට දේශපාලන වාසි වලට වැඩ නවත් වනවා. හැබැයි නවත්තපු පාඩුව නම් ගෙවන්න වෙයි. (අ)

:       0       0

පතිරණ Thursday, 19 March 2015 07:53 AM

පසුගිය රජය වැඩ කරලා තියෙන්නේ කිසිම අරමුණක් නැතිව මෙවැනි ගුවන් තොටුපළක් හදනකොට හරි නිරීක්ෂණයක් කෙරුවේ නැහැ හිතුමතේට තමයි හැම දේම කළේ (දිල්)

:       0       0

ඉෂාන් Thursday, 19 March 2015 02:28 AM

කිසිම දැක්මක් නැතුව වැඩ කලාම අන්තිමට ඔහොම වෙනවා. කරපු වැරදි නිසා දැන් පේනවා නේද වෙලා තියන දේවල්. (නදී)

:       0       0

දීන් Thursday, 19 March 2015 02:33 AM

අරුණ රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රාහී ශ්‍රී ලංකාව කෙසේ වෙතත් ලෝකයේ හොදම ණය බර රට ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රාහී ලෙස ඉදිරියට යනු ඇත (නදී)

:       0       0

අශාන් Thursday, 19 March 2015 02:49 AM

අරුණ ඔයාලා වගේ අය ගැන කනගාටුයි. කෝටි 25 ක් කියන්නේ සේලලමක්ද ? ගුවන් යානා නැති ගුවන්තොටුපොළක රැකියා බිහිවෙන්නේ නැහැ (නදී)

:       0       0

හේමන්ත Thursday, 19 March 2015 04:07 AM

මේක ලංකාවට පිළිකාවක් වගේ. පැතිරෙන්න කලින් අයින් කරන්න වෙනවා . දැන්මම ආණ්ඩුවේ දත් ගලවන්න ලෑස්තියි. (නදී)

:       0       0

ගැමුණු Wednesday, 18 March 2015 03:39 PM

මත්තල ජාත්‍යන්තර ගුවන් පුහුණු පාසලක් ආරම්භ කරන්න. (හේ) \

:       0       0

සෙනෙවි Friday, 20 March 2015 12:00 AM

ඔය කයිවාරු ගහන අය පුළුවන් නම් මත්තලට ගුවන් යානාත් ගෙනෙන්නකො. එතකොටනෙ ගුවන්තොටක් වෙන්නේ! අපේ බදු සල්ලි කන්න එපා අනවශ්‍ය ඒවාට (නි)

:       0       0

රොහාන් Wednesday, 18 March 2015 04:03 PM

ගැමුණුගේ අදහස නියමයි (නි)

:       0       0

අරුණ Wednesday, 18 March 2015 04:04 PM

අනේ රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රාහී ශ්‍රී ලංකාවට අද අත්වෙන්න යන ඉරණම? ඔබතුමා මේ සංවර්ධන කටයුතු අවසන් වී අලුත් රැකියා අවස්ථා උදවෙනතුරුවත් සිටියා නම්! (නි)

:       0       0

ප්‍රශාන්ත Wednesday, 18 March 2015 04:07 PM

නිකන් ජනතාව මුලානොකර ඡන්දය වෙනතුරු ඉන්නේ නැතුව වරායේ වැඩ පටන්ගන්න. (නි)

:       0       0

සෙනුර Wednesday, 18 March 2015 04:19 PM

අනේ මන්දා! දැන් තියෙන්නේ අපිට වෙනදෙයක් බලාගෙන ඉන්න තමයි (නි)

:       0       0

තිස්ස Wednesday, 18 March 2015 04:29 PM

අවසානයේ මේවායේ පාඩුව ගෙවන්න වෙන්නෙත් අහිංසක මහජනතාවටම තමයි (නි)

:       0       0

කුමුදු ද වාස් ගුණසේකර Thursday, 19 March 2015 05:36 AM

ඉක්මනින්ම මේ අයව ගෙදර යවන්න ඕනේ. නැතිනම් ගිය රජය පටන් ගත්තු කිසි දෙයක් මේ යහපාලන ආණඩුව කරන්නේ නැහැ (නදී)

:       0       0

නන්දලාල් Wednesday, 18 March 2015 04:53 PM

පැවති පාලනය, නව රජයට බාරදීලා තියෙන්නේ අච්චාරු බෝතලයක් නොව, හොඳට පිරවූ කල්දේරමකි. මේ "අයථා සංවර්ධන" වල ණය පොළී වාරික ආදිය දුප්පත් බදුගෙවන්නන් පිට පැටවීම සාධාරණ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 31 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 827 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site