කොළඹ වරාය පුරයේ වැඩ නතරකර ඇතත් ගොඩකළ පෙදෙස් මෝසම් සමයේ මුහුදු කෑම වැළැක්වීම සඳහා චීන සමාගමේ ඉල්ලීම අනුව ෆයිල් ගැසීමට ඉඩ දී ඇතැයි වරාට ඇමැති අර්ජුන රණතුංග මහතා කියයි.
පසුගිය රජයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හිතුමතේට ආරම්භ කළ මෙය මුළුමනින්ම යළි මුල සිටම සොයා බලා අවශ්‍ය වුවහොත් සැලසුම් යළි සකසා ඇතැයිද ඇමැති කීවේය.
මත්තල ගුවන්තොට ගැන සඳහන් කළ ඇමැති පැවසූයේ එම ගුවන්තොටට ආයෝජකයකු සොයා ගැනීමට රජය අපොහොසත් වුවහොත් එහි නඩත්තුව වෙනුවෙන් මාස්පතා සොයා ගත යුතු රුපියල් විසිපන් කෝටිය සම්බන්ධයෙන් අමාත්‍යංශය අවුලකට පත්වනු ඇතැයිද එහෙයින් එම ගුවන්තොටට දේශීය හෝ විදේශීය ආයෝජකයකු සොයන බවත් එහෙත් එය වසා නොදමන බවත් ඔහු කියයි.
මත්තල ගුවන්තොටේ 400 ක් පමණ වූ සේවකයන්ගෙන් 250 දෙනකු කටුනායකට මාරු කර ඇතැයිද ඔහු කියයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය හා පාඩු ලබන මිහින් ලංකා ගුවන් සේවය ඒකාබද්ධ කළ යුතුද නැද්ද යන්න ජේ.සී.වැලිඅමුණ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරන බවත් ඔහු කියයි. එම වාර්තාව ලබන 31 වැනිදා ලැබීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා සංවර්ධනයක් බලාපොරොත්තු වියහැක්කේ අදට නොව හෙටටය (නි)
මට කලින් අර්ජුන ගැන ගෞරවයක් තිබුණා. දැන් නම් දැක්කත් අප්‍රසන්නයි (නි)
බූරුවො ටික එකතුවෙලා පත්කලා දැන් විදවපල්ලා (බ)
අයියෝ! නැඟූ ඝෝෂාව දැන් සැර බාලවෙලා වගෙයි (නි)
වැඩේ නම් කැතයි හොඳේ (නි)
මොන අපරාධයක්ද අනේ මේ කළේ මිනිසුන්ගේ සල්ලි වලින්? (නි)
මේ ව්‍යාපෘතියට අපි ණය අරගෙන නැ. බොරුවට දේශපාලන වාසි වලට වැඩ නවත් වනවා. හැබැයි නවත්තපු පාඩුව නම් ගෙවන්න වෙයි. (අ)
පසුගිය රජය වැඩ කරලා තියෙන්නේ කිසිම අරමුණක් නැතිව මෙවැනි ගුවන් තොටුපළක් හදනකොට හරි නිරීක්ෂණයක් කෙරුවේ නැහැ හිතුමතේට තමයි හැම දේම කළේ (දිල්)
කිසිම දැක්මක් නැතුව වැඩ කලාම අන්තිමට ඔහොම වෙනවා. කරපු වැරදි නිසා දැන් පේනවා නේද වෙලා තියන දේවල්. (නදී)
අරුණ රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රාහී ශ්‍රී ලංකාව කෙසේ වෙතත් ලෝකයේ හොදම ණය බර රට ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රාහී ලෙස ඉදිරියට යනු ඇත (නදී)
අරුණ ඔයාලා වගේ අය ගැන කනගාටුයි. කෝටි 25 ක් කියන්නේ සේලලමක්ද ? ගුවන් යානා නැති ගුවන්තොටුපොළක රැකියා බිහිවෙන්නේ නැහැ (නදී)
මේක ලංකාවට පිළිකාවක් වගේ. පැතිරෙන්න කලින් අයින් කරන්න වෙනවා . දැන්මම ආණ්ඩුවේ දත් ගලවන්න ලෑස්තියි. (නදී)
මත්තල ජාත්‍යන්තර ගුවන් පුහුණු පාසලක් ආරම්භ කරන්න. (හේ) \
ඔය කයිවාරු ගහන අය පුළුවන් නම් මත්තලට ගුවන් යානාත් ගෙනෙන්නකො. එතකොටනෙ ගුවන්තොටක් වෙන්නේ! අපේ බදු සල්ලි කන්න එපා අනවශ්‍ය ඒවාට (නි)
ගැමුණුගේ අදහස නියමයි (නි)
අනේ රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රාහී ශ්‍රී ලංකාවට අද අත්වෙන්න යන ඉරණම? ඔබතුමා මේ සංවර්ධන කටයුතු අවසන් වී අලුත් රැකියා අවස්ථා උදවෙනතුරුවත් සිටියා නම්! (නි)
නිකන් ජනතාව මුලානොකර ඡන්දය වෙනතුරු ඉන්නේ නැතුව වරායේ වැඩ පටන්ගන්න. (නි)
අනේ මන්දා! දැන් තියෙන්නේ අපිට වෙනදෙයක් බලාගෙන ඉන්න තමයි (නි)
අවසානයේ මේවායේ පාඩුව ගෙවන්න වෙන්නෙත් අහිංසක මහජනතාවටම තමයි (නි)
ඉක්මනින්ම මේ අයව ගෙදර යවන්න ඕනේ. නැතිනම් ගිය රජය පටන් ගත්තු කිසි දෙයක් මේ යහපාලන ආණඩුව කරන්නේ නැහැ (නදී)
පැවති පාලනය, නව රජයට බාරදීලා තියෙන්නේ අච්චාරු බෝතලයක් නොව, හොඳට පිරවූ කල්දේරමකි. මේ "අයථා සංවර්ධන" වල ණය පොළී වාරික ආදිය දුප්පත් බදුගෙවන්නන් පිට පැටවීම සාධාරණ නැහැ. (නි)