චීන ආධාර යටතේ කොළඹ ගාලු මුවදොර මුහුදේ කොටසක් ගොඩකර ඉදිකරන්නට ගිය වරාය නගරයේ වැඩ අත්හිටුවා තිබේ.
මහාමාර්ග හා අයෝජන ප්‍රවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පැවසූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති විශේෂ කමිටුවේ වාර්තාව එනතුරු එහි වැඩ අත්හිටවූ බවයි.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අවාසියට හේතුවී ඇතැයිද ගොඩකර තනන නගරයෙන් හෙක්ටයාර් 50ක් ගිය රජය චීන රජයට හිමිකරදී ඇතැයි ද හෂීම් මහතා පවසයි.
මේ නිසා චීන සබ්මැරීන් හා නැව් ශ්‍රී ලංකාවට පැමිණීමේ ඉඩකඩ ඉබේම ලැබෙන බවත් එය රටේ ආරක්ෂාවට තර්ජනයක් බවත් ඔහු පවසයි. නිසි නීතිමය අනුමැතියක් නොලැබ ගිවිසුම අත්සන් කර ඇති බව පෙනේ යැයිද ගිය රජය ශ්‍රී ලංකාවට අවාසි සහගත එවැනි ගිවිසුම් තවත් අත්සන් කර ඇතැයිද ඔහු පවසයි.
නීතිපති, පරිසර අධිකාරිය, ආයෝජන මණ්ඩලය, මුදල් අමාත්‍යංශය හා වරාය අධිකාරියේ නියෝජිතයෝද මේ කමිටුවට ඇතුළු වෙති.
කමිටු වාර්තාව නිකුත් වීමට සති කිහිපයක් ගතවිය හැකි බවද ඇමැතිවරයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හින්දා වෙන්නේ අපේ ආරක්ෂාව නෙවෙයි ඉන්දියාවේ ආරක්ෂාව නැති වෙන එකයි. (ර)
ඉන්දු- චීන සීතල යුද්දේ කොළඹ නාටක දර්ශනය (නදී)
අවසානයේදී අපි ඉන්දියාවේ උවමනාවට අපේ දියුණුව පාවා දුන්නා. (නදී)
මේක ඉන්දියානු උගුලක් ලංකාවේ සියලු දෙනාම එක්ව ඉන්දියානු උගුල පැරද විය යුතුයි. (නදී)
ලංකාවේ උතුරු මුහුදේ තෙල් හොයන්න ඉන්දියාවට දුන්නා. මේකත් ඉන්දියාවට ඕන වෙලද මේ එකක්වත් කිසිවෙකුට දියයුතු නැහැ. ඔය කියන මුහුද ගොඩ කිරීමෙන් වෙනත් පැතී මුහුදු කාදන ඇති කරයි අනාධිමත් කාලයක් පැවතුන රටේ හැඩය වෙනස් වෙනවා ගුගල් එක බලන්න. (අ)
ලංකාවට කෙසේ වෙතත් ඉන්දියාවේ ආරක්ෂාවටයි ඉන්දියාවෙයි ඇමරිකාවේයි ආර්ථිකයටයි නම් මේකෙන් තර්ජනයක් වෙයි කියලා මෙයාලා බය ඇති!(නදී)
සිරා, කියපු කතාවට මමත් එකගයි. එක තමයි ඇත්ත. රටේ පාලන බලය පක්ෂ අතර මාරු උනාට, මේ ආයතන වල සේවය කරපු සේවකයෝම තමයි තවමත් වැඩකරන්නේ. මේ වැරදි කලින් නොදැක්කේ ඇයි.? (ර)
මෙවැනි ප්‍රොජෙක්ට් වලින් රටට හොදක් මිසක් නරකක් වෙන්නේ නැහැ. අද සිංගප්පුරුව දියණු වෙලා තියෙන්නේ මේවගේ මෙගා ප්‍රොජෙක්ට් වලින් ලැබෙන අදායමෙන්. (ර)
රටේ දේශපාලන ප්‍රතිපත්ති තියෙන නිසා තමයි රටට මෙහෙම වෙන්නේ. රටට තියෙන්න ඕන රටේ ප්‍රතිපත්ති ආණ්ඩු පෙරලෙනකොට බිඳෙන ඒවා නෙමයි. මේකෙන් වෙන්නේ අර අපිට උදවු ඕන වෙලාවට උදවු දුන්න චීනේ ඈත් වෙන එක. අපිට උදවු ඕන වෙලාවට උදවු දුනේ නැති ඉන්දියාව දිනන එක. (ර)
සියලු ආයතන වල නිලදාරීන්, ඉන්ජෙන්රුවරුන්, ආදී සියලුම නිලදාරීන්ට මේවා නොපෙනුනේ ඇයි කියන එකයි තියෙන ප්‍රශ්නය. (ර)
30 අවුරුදු යුද්ධය චීනය නැති නම් ඉවර නොවෙනවා. (ර)
කියක් ඔට්ටුද ? මේක කීයටවත් නවත්තන්නේ නැහැ. (ර)
මේ සියලුම වියපෘති නවතනවා වන්දි දෙනවා, නැවතත් වෙනත් අයට දෙන්න බලනවා. (ර)
මහින්ද අබරලා තියපු ගුලිය ගිලින්න උනේ රනිල්ට. මේ ප්‍රශ්නෙට සම්පුර්ණ වග කියන්න ඕන මහින්ද. පොර්ට් සිට් එක හැදුවත් රනිල්ට බනිනවා. නැවතුවත් රනිල්ට බනිනවා.(නදී)
අනේ මන්දා මේවා! (නි)
මේකෙන් ලංකාවට හොඳක් මිසක් නරකක් නැහැ. චීන සබ්මැරින් ආවාට ලංකාවේ ආරක්ෂාවට වෙන බලපෑම මොකක්ද? (නි)
මම කියන්නේ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න ඕනි. මේ තුලින් රටට ලොකු අාදායමක් ගන්න පුළුවන්. ලෝකේ ගොඩක් රටවල් වල මෙවැනි ව්‍යාපෘති කරලා තියෙනවා. ඒ තුලින් විශාල දියුණුවක් වෙලා තියෙනවා. ලිදේ ඉන්න ගෙම්බන්ට මේකේ අගේ තේරෙන්නේ නැහැ. අපි හිතන්න ඕනි ඉදිරිය ගැන. වර්තමාන රජය නැවත හිතන්න ඕනි පතින විෂමතා වෙනස් කර මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න. ඉදිරිය දකින්න බුද්දියෙන් (නදී)
මහේෂ්ගේ කතාව ඇත්ත. තව අවරුදු 10ක් රට ඒ විදිහට ගියානම් අපිට රටක් ඉතුරු වෙන්නේ නෑ. පෝර්ට් සිටි නවත්තන්න බෑ දැන්. එ්ත් වැරදි අඩු කරලා වෙනස් කරන්න පුළුවන්. එ්ක තමා විය යුත්තේ. හැම දේටම විදෙස් බලවේග අැදලා ගන්න එක අපේ සිංහලයාගේ කරුමේ. (නදී)
අපේ අය හෑමදාම බලන්නේ දේශපාලන කෝණයෙන්නේ. (නි)
ඔට්ටුව දාන්න වෙන්නේ මෙහෙමයි...ජෝන් (ජෝන් 2015-03-05 07:44:45) ව්‍යාපෘති යෝජනාවේ දැන් තියෙන අයුරින් 100% ක් නොකෙරන බවටයි මේක රැවුලත් කැඳත් බේරාගත යුතු ප්‍රශ්නයක්.... සුළුවෙන් හිතලා කොමෙන්ට් කරන එක වැරදියි.(නදී)
අපි මැදි ආදායම් ලබන රටක් වුණේ චීන උදව් මත බව අමතක කරන්න එපා. නැගිටපු අපේ දෙපයින් ඇද බිමදමනවා හැර ඉන්දියාව හෝ ඇමරිකාව හෝ බටහිර වෙනත් රටවල් හෝ අපට නැගිටින්න උදව් දෙන්නේ නැහැ. (නි)
මම නම් කියන්නේ මේ වෙලාවේ අපි හිතන්න ඕනෑ අපේ රට ගැන මිසක් අනෙක් රටවල් ගැන නොවේ. (නි)
දැනට මෙම වරාය නගරයේ වැඩ නැවැත්වුවත් පසුව එය ආරම්භ කරනු ඇතැයි සිතමු. (නි)
රාවණා යුගයක වැඩ කිඩ අකා මකා දැමීම විභීෂණ යුගයක ආරම්භක මෙහෙවර වී තිබේ. එදා රාවණාටද එරෙහිව සිටියේද ඉන්දියාවයි. අදත් එම ඉතිහාසය නැවත පැමිණ තිබේ. මේ විදියටම හම්බන්තොට වරායද වසා දැමෙනු ඇත. (නදී)
එදා රාවණාටද එරෙහිව සිටියේ ඉන්දියාවයි. අදත් එම ඉතිහාසය නැවත පැමිණ තිබේ. මේ විදියටම හම්බන්තොට වරායද වසාදමයිද? (නි)
මහේෂ් බනින්නේ නිකන් නෙවෙයි හේතු ඇතිව. මතක තියාගන්න එකම කෙනා නෙවේ බනින්නේ දෙපිරිසක් කියලා. (ර)
ඉන්දියාව එක්ක තිබුණ ගිවිසුම් තමා මේ. මහේෂ් බනින්නේ නිකන් නෙවේ හේතු ඇතිව. මතක තියාගන්න එකම කෙනා නෙවේ බනින්නේ දෙපිරිසක් කියලා (දිල්)
අපි ඉතින් මොනවා කියලා කියන්නද? (නි)
මේවා කරන්න කලිනුයි හිතන්න තිබුණේ (නි)
අපරාදේ මේවට යටකළ සල්ලි කන්දරාව (නි)
මහේෂ් ,බනින්නේ නිකන් නෙමෙයි හේතු ඇතුව. මතක තියාගන්න එකම කෙනා නෙමෙයි බනින්නේ කියලත් (නි)
ඒ වුණාට අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද? (නි)
කලින් අය හිතුවේ කොමිස් ගැන මිස රට ගැන නෙමෙයිනේ (නි)
මෙවැනි ව්‍යාපෘති රට කාබාසිනියා කරන වැඩ ලෙසයි මම නම් දකින්නේ (නි)
99 අවුරුදු බදු ක්‍රමයට දෙන්න හදන මේ ප්‍රොජෙක්ට් එකෙන් ලංකාවට සෙත මොකක්ද ආදායමෙන් 50%? කමක් නෑ සෞදි අරාබිය ගිවිසුම් අත්සන් කළේ අැමෙරිකාවත් එක්ක අවුරුදු 25 - 50??% අාදායමට මහින්ද,ගෝටා කොමිස් ටික සාක්කුවේ දාගන්න හදිසි වෙලා ගහපු ගිවිසුම් ,ඒවා නිවැරදී කරලා නැවත රටට හොඳක් වෙනවට 50%: අාදායම අවුරුදු 25,30 කට පසුව සම්පුර්ණ යතිය ලංකාවට ,තවද ,සබ්මැරීන් නැව් පැමිණීම හෝ ,නවතා තැබීම රටේ ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක් ඒවා අඩංගු නොවිය යුතුයි (බ)
සමහරු මැරිල ඉපදිල වගෙ කතා කරන්නෙ..නිලධාරීන්ට නිදහසේ හරි දේ කරන්න වටපිටාවක් තිබුනද.? ඒ වගෙම මේ ව්‍යාපෘතියෙන් චීනයට සින්නක්කර අයිතිවෙන ඉඩම් අක්කර ගාන ගැන මොකද කියන්නෙ..එහෙම දෙන එක හරිද.? මේක සොයන්නෙවත් නැතුව දිගටම කරනව කිවුවනම් අනිත් පැත්තට බනින හැටි බලන්න තිබුන.. අපේ අසල් වැසිය ඉන්දියාවෙ ආරක්ෂාව ගැනත් අපිට වගකීමක් තියෙනව..(බ)
99 අවුරුදු බද්දට කොමිස් ටික සාක්කුවේ දාගන්න කරනලද ගිවිසුම් මේවා අපේ රටේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි (බ)
මේක නවත්වන්න කියලා මෙතන කෑගහලා අදහස් එවපු අය දැන් මොකද කියන්නේ? සතුටුද? (නි)
මේකෙන් වෙන හොඳක් නැහැ. එක අතකින් පරිසරය විනාශ වෙනවා. අනෙක් අතින් කලාපයේ අරාක්ෂාවේ සමබරතාවයට තර්ජනයක් වෙනවා. ඊටත් වැඩිය බලපාන ප්‍රධානම කාරණාව, කවුරු මොනවා කිව්වත් අපි තවම හරියටම දන්නේ නැහැ මේක හදන අරමුණ මොකක්ද කියලා. චීන රජය මේතරම් විශාල මුදලක් ආයෝජනය කරලා බලාපොරොත්තුවෙන්නේ මොනවද කියන කාරණය අපි දන්නෙ නැහැ (නි)
අපි අපේ ඒකීය රට ආරක්ෂා කරගත යුතුයි. (නි)
මම නම් කියන්නේ මේක කවදාවත් නවත්වන්න බැහැ කියලයි (නි)
මේ ගැන තවටිකක් සොයාබලන එක ගොඩක් වටිනවා (නි)