කොළඹ වරාය වැඩ නතරවීමෙන් දිනකට රුපියල් කෝටි 5ක අලාබයක් සිදුවී ඇතැයි චීන ඉදිකිරීම් සමාගම කියයි.
මාර්තු 6 වැනිදා සිට එය නතර කළ බවත් සමාගම ඉදිකිරීම් සඳහා ගත් ණය වෙනුවෙන් පොළී ගෙවන බවත් ශ්‍රී ලාංකිකයන් 1000කට පමණ ඍජු රැකියාද 3000කට පමණ වක්‍ර රැකියාද අහිමිවී ඇති බව සමාගම කියයි.
මේ අතර ඉන්දියන් සාගර කලාපයේ චීන බලපෑම් ගැන ඉන්දියාව දැඩි සෝදිසියෙන් සිටින බවත් අගමැති නරේන්ද්‍ර මෝදි සිකුරාදා ශ්‍රී ලංකාවට පැමිණි විට මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් එරට ආරක්ෂක උපදේශක කනර් අද්හා කියයි.
චීනයේ උත්සාහය ඉන්දියානු සාගරයේ ආරක්ෂක කඳවුරු ඉදිකර ඉන්දියාව වට කිරීම බව ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් අපරාධයක්ද මේ සිද්ධ වෙන්නේ.(හේ)
රට යන අත හරි නෑ..අමාරුවක වැටෙයි වගේ.(හේ)
කමක් නෑ කන්නනේ ඉල්ලුවේ. (බ)
කමක් නෑ කන්නනේ ඉල්ලුවේ. (හේ)
එතකොට චීන කොලනියක් වෙන එකට කැමති ඈති කට්ටිය රටට හෙන ගැහුවුත් කමක් නැහැ තමන්ගේ දේශපාලන කැමැත්ත දිනනවානම් (බ)
ඉල්ලුවේ වෙනසක් නේ ?(දිල්)
කොත්තමල්ලි කමු නේ..... රට ඉන්දියාවට දුන්නම අමාරුව අඩු වෙන්න...(අ)
රොෂාන්, එතකොට ඉන්දියාවේ රූකඩයක් වෙන එක ඊට වඩා හොඳද.? (ර)
චිනේටත් ඉන්දියාවටත් යට නොවිය යුතුයි. (ර)
කවුරු කවුරුත් රට ගැන හිතුවොත් නරකද? (නි)
ගෙදර ගියොත් අඹු නසී, මඟ හිටියොත් තෝ නසී (නි)
දැනුයි බළලා මල්ලෙන් එළියට පනින්නේ. කෙසේවෙතත් මේ ඉදිකිරීම් සමාගම අපට උහුලන්න බැරි වන්දියක් ඉල්ලන එක නම් වලක්වන්න බැහැ. (ර)
ඔන්න ඕක තමයි හේතුව. ඉන්දියාවේ බලපෑමට යටවෙලා තමයි පොර්ට් සිටි එක නවත්වන්න හදන්නේ..නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි.(හේ)
බයේ බැහැ නේද ?? (හේ)
දැන් හිතනවා මහින්ද හිටියානම් හොදයි කියලා. (ර)
ඉන්දු-චීන නොනිමි ගැටුමට, ලංකාවේ අපි කට ගැස්මද.? (ර)
මේ වගේ තීරණ නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. (ර)