කොළඹ වරාය නගරය ඉදිකිරීම සදහා කිසිදු ශක්‍යතා අධ්‍යන වාර්තා ගැන සැලකිල්ලක් නොදක්වා අදාල ඉදිකිරීම් වෙනුවෙන් රජය සතු ඉඩම් දීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තිය සංගමය අද (7) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය .
සංගමයේ සභාපති අරුණ රොෂාන්ත පුනාන්දු මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්,මධ්‍යම පරිසර අධිකාරිය, අයෝජන මණ්ඩලය, නාගරික සංවර්ධනය අධිකාරිය, කොළඹ නගර සභාව, මාර්ග සංවර්ධනය අධිකාරිය, චයිනා කොමියුනිකේෂන් කන්ස්ටුක්ෂන් සමාගම නම්කරනු ලැබ සිටිති..
වරාය නගරයේ අක්කර 20ක භූමි ප්‍රමාණයක් ඉදිකිරීම් කරන චීන සමාගමට දී ඇත්තේ කිසිදු විමසීමකින් තොරව බවත්, වරාය නගරයට වෙන් කර ඇති ඉඩම් ගොඩකිරීමේ දි කොළඹ සහ මීගමුව දක්වා මුහුදු කලාපයේ ධීවර කටයුතුවල නිරත පවුල් 30000 ක ගේ ජීවනෝපායට බලපෑම් එල්ලවන බවත් කියා සිටිති.
2025 දෙසැම්බර් මස 04
747
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
567
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වරාය පුරේට තව පෙත්සමක්
දොන් Thursday, 07 May 2015 10:26 PM
ලෝකයේ හැම රටක්ම නවීන තාක්ෂණයෙන් ප්‍රයෝජන ගනිද්දී අපේ රටේ අය "ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ " (නි)
විජිත Thursday, 07 May 2015 11:14 AM
මේවා මෙහෙම වෙන්නේ ඇයි? (නි)
සත්‍යයා Friday, 08 May 2015 10:12 PM
රජ කෙරුවා නොවෙයි තනිව රජවුණා. (නදී)