කොළඹ වරායපුර යෝජනා ක්‍රමය චීන සමාගමෙන් දිගමට ක්‍රියාත්මක කරන්නේද නැතහොත් ශ්‍රී ලංකාව විසින්ම ක්‍රියාත්මක කරයිද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව විදේශ නියෝජ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කියයි.
ප්‍රශ්න සහගත ව්‍යාපෘතියක් වන මෙම යෝජනා ක්‍රමය අත්හිටුවා ඇත.
ආර්ථික ,පාරිසරික ආදී සියලු කරුණු සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවද කී නියෝජ්‍ය අමාත්‍ය ඇමැති මේ ව්‍යාපෘතියේ තත්ත්වය කෙසේ වුවද චීනය සමඟ ශ්‍රී ලංකාව ඉතා හොඳ සබඳතා පවතින බවද සිහිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට ඇමරිකන් ඩොලර් බිලියන 15 ක් වියදම් වෙනවලු? බුදු අම්මෝ! ඒ කියන්නේ රුපියල් බිලියන 1950ක්? දෙයියෝ සාක්කි! මෙච්චර ණයක් අපේ අහිංසක මිනිස්සු ගෙවන්නේ කොහොමද? (නි)
ප්‍රශ්න කල යුත්තේ පුද්ගලයන් ගැන නොව අවස්ථා සහ අදහස් ගැන (ම)
මොවුන්ගෙන් බලාපොරොත්තු වියහැක්කේ අත්හිටුවීම් හා නැවැත්වීම් පමණද? නැවත සංවර්ධනයක් ගැන බලාපොරොත්තුවීමට නොහැක්කේ මේ වැනි ක්‍රියා හරහා පලුදු වන ආයෝජන විශ්වාසය යළි ඇතිකිරීම දුෂ්කර හෙයිනි. මෙසේ සිතීම රටේ අවාසනාවකි. සියලු ඉදිකිරීම් මෙන්ම සංවර්ධනයද රටට බව නොසිතන්නේද? අවසානයේදී තීරණාත්මක අවස්ථාවකදී අවස්ථාවාදී ඉන්දියාව හා ඇමරිකාව අපට පිටුපා යනු ඇති අතර එවිට චීන මිත්‍රයාද අහිමි කරගෙන හමාරය (නි)
මේක මේ කලාපයට තර්ජනයක් ... වහාම නවත්වා දැමීම නුවනට හුරුයි ...කොමිස් වලට යට වෙලා හිටපු හැත්ත රටට කරපු දේ .....(ම)
අනේ මන්දා! හැමතැනම ප්‍රශ්න ප්‍රශ්න (නි)
කඩාකප්පල්කාරී වැඩ කරලා රටක සංවර්ධනය බලාපොරොත්තු වෙන්න බැහැ (නි)
ඉදිරි වසර කිහිපයේදී ලෝක බලවතා වන චීනය ශ්‍රී ලංකාවේ ප්‍රබලව පෙනීසිටීම ඇමරිකාව,යුරෝපය,ඉන්දියාව ඇතුළු ලංකාවේ කළු සුද්දොත් අනුමත නොකරනු ඇත (නි)
ඕවා පටන් ගන්නකොට මොන ප්‍රශ්නයක්වත් තිබුනේ නැහැ. දැන් තමයි සේරම ප්‍රශ්න ඇතිවෙන්නේ. (නි)