කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම්දීම සඳහා අභියාචනාධිකරණය ලබන ජූනි 15 තෙක් කල් දීමට අද (29) තීන්දු කළේය.
වරාය නගර ව්‍යාපාතියෙන් පරිසරයට බලපෑම් එල්ලවන බව කියමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා හමුවේ අද කැඳවිණි.
නීතිපති ඉල්ලා සිටියේ එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන අධිකරණයට කරුණු දැක්වීමට කල් දෙන ලෙසය.
පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා, වරාය අධිකාරිය හා නීතිපතිවරයා නම් කරනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු හැම තැන -රට/වැඩ එක තැන (බ)