IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘වරාය නගරයේ පළමු අදියරට පරිසර වාර්තාවක් ගත්තා‘

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු  අදියර සඳහා පාරිසරික අැගයීම් වාර්තාවක් ලබාගෙන ඇති අතර දෙවැනි අදියර සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද(15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය .

එම ව්‍යාපෘතිය අත්හිටුවන  ලෙස ඉල්ලා  පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර  මහතා මේ බව අධිකරණයට දැන්වීය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඉදිරියෙහි  පෙත්සම කැදවිණි. වරාය අධිකාරිය ,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය , චයිනා හාබර් ඉංජිනේරු සමාගම  සහ නීතිපතිවරයා පෙත්සම මඟින් වගඋත්තරකරුවන් ලෙස නම්කරනු ලැබ ඇත.

 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා  රජයේ ස්ථාවරය වැඩිදුරටත් පැහැදිලි කරමින් කියා සිටියේ එම ව්‍යාපෘතියේ පළමු අදියර  ලෙස දියකඩනය සිදුකර හෙක්ටයාර  200 ක ප්‍රමාණයක්  පිරවීමට සිදුකරන  අතර ඒ සඳහ‍ා  පරිසර ඇගයීම් වාර්තාවක් ලබා ගෙන තිබෙන බවය.



අදහස් (0)

‘වරාය නගරයේ පළමු අදියරට පරිසර වාර්තාවක් ගත්තා‘

අශෝක් Monday, 15 June 2015 10:23 AM

බොහොම හොඳියි.....(ම)

:       0       0

ප්‍රනාන්දු Monday, 15 June 2015 11:15 PM

ඔබගේ වටිනා ඡන්දය රටේ සුරක්ෂිත අනාගතයක් උදෙසා යොමුකරන්න (නි)

:       0       0

අබේසිංහ - අනුරාධපුර Monday, 15 June 2015 11:39 PM

මොනවද මේ කියන්නේ? ඇයි අපිව ගොනාට ඇන්දුවේ? (නි)

:       0       0

එච්. ජගත්දේව Monday, 15 June 2015 10:46 AM

ලෝකයේ පරිසරවාදී ව්‍යාපාර ඇරඹුණේ නව අධිරාජ්‍යවාදී රටවල කාර්මික දියුණුව ඇති වූවාට පසුව ය. තමන්ගේ පරිසරය විනාශ කොට ආර්ථික දියුණුව සලසා ගෙන දැන් අපට වැදී බණ දෙසන්නට පටන් අර ගෙන තිබේ. අප රටවල සංවර්ධනය ගැන මේ රටවල් බලන්නේ එයින් ඔවුනට ලැබෙන දේශපාලන හා ආර්ථික වාසි ගැන සලකා ය. මහින්ද රාජපක්ෂ වැනි නායකයන් කරන සංවර්ධන වැඩට අධිරාජ්‍යවාදීන් විරුද්ධ වන අතර ඔවුන්ගේ ගෝලයන් කරන සංවර්ධන වැඩට ඔවුන් ගේ සහයෝගය මැනවින් ලැබේ. මේ කටයුතු සඳහා අධිරාජ්‍යවාදීන් යොදා ගන්නේ මෙරට සිටින ඔවුන් ගේ නියෝජිතයන් ය. මේ නිසා කොළඹ වරාය නගරය ගැන සිදු කරන විවේචන ගැන ලාංකීය ජනතාව සිහි බුද්ධියෙන් කල්පනා කොට බැලිය යුතු ය. එජාපය ද බටහිර අධිරාජ්‍යවාදීන් ගේ නියෝජිතයකු බව අමතක නො කළ යුතු ය. (බ)

:       0       0

හේමන්ත Monday, 15 June 2015 10:59 AM

මෙයා නැවැත්තුවේ අනවශ්‍ය දෙයක් නිසා නොවේ. පටන්ගත් අයට අපහාස කිරීම උදෙසයි.. මෙයින් සිදුවුනේ පොම්ප කරනලද පස් [සිල්ට්] විශාල වශයෙන් නැවත මුහුදට ගලායාම පමණයි (ම) .

:       0       0

කනිෂ්ක Monday, 15 June 2015 11:29 AM

පහුගිය කාලේ නිර්දය ලෙස මෙය විවේචනය කළේ කලින් ආණ්ඩුව නොව තමන් මෙය කළා යයි අනාගතයට පෙන්වීමට අවශ්‍ය පහත් පිරිසක් බව අපේ රටේ මිනිස්සුන්ට දැන්වත් වටහෙනවද දන්නේ න??? (ම)

:       0       0

නිමල් Tuesday, 16 June 2015 03:23 AM

මේ කියලා තියෙන්නේ පළමු අදියරට විතරක් ගත්තා කියලා.අනික් ඒවාට ගන්න හදන්නේ දැන් කියලා. (ම)

:       0       0

මෝර සුනිල් Tuesday, 16 June 2015 03:55 AM

ජගත්දේව නිකන් දන්න මිනිහ වගේ කියන්නේ...ජගත්දේව දන්න අධිරාජ්‍යවාදේ (ම)

:       0       0

නිමාශා Monday, 15 June 2015 02:05 PM

එතකොට ඔය පරිසර වාර්තාව අරගෙන තියෙන්නේ දින 100 තුළද?එයට පෙරද? අපිව මුලින් දැනුවත් කළේ මේවා හිතුමතයට කළ දේවල් කියලනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site