කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා පාරිසරික අැගයීම් වාර්තාවක් ලබාගෙන ඇති අතර දෙවැනි අදියර සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද(15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය .
එම ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා මේ බව අධිකරණයට දැන්වීය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඉදිරියෙහි පෙත්සම කැදවිණි. වරාය අධිකාරිය ,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය , චයිනා හාබර් ඉංජිනේරු සමාගම සහ නීතිපතිවරයා පෙත්සම මඟින් වගඋත්තරකරුවන් ලෙස නම්කරනු ලැබ ඇත.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා රජයේ ස්ථාවරය වැඩිදුරටත් පැහැදිලි කරමින් කියා සිටියේ එම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස දියකඩනය සිදුකර හෙක්ටයාර 200 ක ප්‍රමාණයක් පිරවීමට සිදුකරන අතර ඒ සඳහා පරිසර ඇගයීම් වාර්තාවක් ලබා ගෙන තිබෙන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳියි.....(ම)
ඔබගේ වටිනා ඡන්දය රටේ සුරක්ෂිත අනාගතයක් උදෙසා යොමුකරන්න (නි)
මොනවද මේ කියන්නේ? ඇයි අපිව ගොනාට ඇන්දුවේ? (නි)
ලෝකයේ පරිසරවාදී ව්‍යාපාර ඇරඹුණේ නව අධිරාජ්‍යවාදී රටවල කාර්මික දියුණුව ඇති වූවාට පසුව ය. තමන්ගේ පරිසරය විනාශ කොට ආර්ථික දියුණුව සලසා ගෙන දැන් අපට වැදී බණ දෙසන්නට පටන් අර ගෙන තිබේ. අප රටවල සංවර්ධනය ගැන මේ රටවල් බලන්නේ එයින් ඔවුනට ලැබෙන දේශපාලන හා ආර්ථික වාසි ගැන සලකා ය. මහින්ද රාජපක්ෂ වැනි නායකයන් කරන සංවර්ධන වැඩට අධිරාජ්‍යවාදීන් විරුද්ධ වන අතර ඔවුන්ගේ ගෝලයන් කරන සංවර්ධන වැඩට ඔවුන් ගේ සහයෝගය මැනවින් ලැබේ. මේ කටයුතු සඳහා අධිරාජ්‍යවාදීන් යොදා ගන්නේ මෙරට සිටින ඔවුන් ගේ නියෝජිතයන් ය. මේ නිසා කොළඹ වරාය නගරය ගැන සිදු කරන විවේචන ගැන ලාංකීය ජනතාව සිහි බුද්ධියෙන් කල්පනා කොට බැලිය යුතු ය. එජාපය ද බටහිර අධිරාජ්‍යවාදීන් ගේ නියෝජිතයකු බව අමතක නො කළ යුතු ය. (බ)
මෙයා නැවැත්තුවේ අනවශ්‍ය දෙයක් නිසා නොවේ. පටන්ගත් අයට අපහාස කිරීම උදෙසයි.. මෙයින් සිදුවුනේ පොම්ප කරනලද පස් [සිල්ට්] විශාල වශයෙන් නැවත මුහුදට ගලායාම පමණයි (ම) .
පහුගිය කාලේ නිර්දය ලෙස මෙය විවේචනය කළේ කලින් ආණ්ඩුව නොව තමන් මෙය කළා යයි අනාගතයට පෙන්වීමට අවශ්‍ය පහත් පිරිසක් බව අපේ රටේ මිනිස්සුන්ට දැන්වත් වටහෙනවද දන්නේ න??? (ම)
මේ කියලා තියෙන්නේ පළමු අදියරට විතරක් ගත්තා කියලා.අනික් ඒවාට ගන්න හදන්නේ දැන් කියලා. (ම)
ජගත්දේව නිකන් දන්න මිනිහ වගේ කියන්නේ...ජගත්දේව දන්න අධිරාජ්‍යවාදේ (ම)
එතකොට ඔය පරිසර වාර්තාව අරගෙන තියෙන්නේ දින 100 තුළද?එයට පෙරද? අපිව මුලින් දැනුවත් කළේ මේවා හිතුමතයට කළ දේවල් කියලනේ. (නි)