ඩයනා උදයංගනී
හම්බන්තොට වරාය ප්‍රතිව්‍යුහකරණය කිරීමට අදාළ අනුග්‍රාහක ගිවිසුම සකස් කොට ක්‍රියාවට නැංවීම සඳහා පත්කර ඇති අනුකමිටු සාමාජිකත්වයෙන් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉවත්වීමට යතියි රජයේ ආරංචි මාර්ග කිවයයි.
ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් පත්කර ඇති මෙම අනුකමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස මලික් සමරවික්‍රම, අර්ජුන රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර සහ සාගල රත්නායක අමාත්‍යවරු සිටිති.
මේ ගැන කළ විමසීමක දී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීවේ එම කමිටුවේ සේවය කිරීමේ අදහසක් තමන්ට නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකීමක් දැරීමට අපහසුයි වගේ.
ඇඟ බේරගන්න වගේ, දැනටම කුජිත වෙලා ඉන්න එකේ ඕවයින් අයින් වෙලා ඉන්න එක හොඳයි තමයි එතකොට ඡන්දෙ ලං වෙද්දී 'මෙගා ඩිල් 2' කියල පොතක් ගහල අනික් පැත්තට කරණමක් ගහන එකනේ තියෙන්නේ!
ඕකෙන් අයින් වුනා කියල ඊලග ආණ්ඩුවේ FCID එකට යන්නේ වෙන්නේ නැහැ කියල හිතන් ඇති. ගල් අගුරු කේස් එකට කොහොමත් යන්න වෙනවා. මේකේ හිටියොත් කේස් දෙකක් වෙනවා.
මෙයාගේ තියෙන්නේ කැපී පෙනෙන බොරු වැඩ. හරියට රත්න හිමි ස්වාධින වුනා වගේ. ඇත්ත විරෝධයක් නම් අයින් වෙන්න ඕනේ ආණ්ඩුවෙන්. විල්ෆ්‍රඩ් සිරිවර්ධන - මෙල්බර්න්
කහ ඉරි සුදු කරලා, තියන පාරවල්වල බස් තීරු ඇඳලා හරි මහන්සි ඇති!
ඔයාල කරගෙන යන්න. අපි විරුද්ද වෙන්නම් නේද මහත්තයෝ
මේ වරාය විකිණීම මහා අපරාදයකි. තව අවුරුදු 100ක් අප පරම්පරාවටවත් අපගේ දරුවන්ගේ පරම්පරාවටත් මෙහි වටිනාවක ප්‍රයෝජනයක් ගත නොහැකිවනු ඇත. අප මැරෙනතාක් වෙනකවුරුන් හෝ මෙහි සියලු දේ සුරාකනු ඇත.
බොරු සෝබන. කාටද ඕව පෙන්නන්නේ.
දැන් කවුද වරාය බේරාගන්නේ