බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව බුදුන් වහන්සේගෙන් පවා ප්‍රශ්න අසා කරුණු දැනගැනීමේ නිදහස ඇතත් අද ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදුනොවන බවත් සිදුවනුයේ වෛරයෙන් දුෂ්ට චේතනාවෙන් හා මෝඩකමින් මඩගැසීමක් බවත් එය සැබෑ බුද්ධ දර්ශනය නොව ජෛන ආගමට සමාන දෙයක් බවත් සිරි සමන්තභද්‍ර හිමියෝ එසැණ සමග පැවැත්වූ සාකච්ඡාවකදී පැවසූහ.
සමන්තභද්‍ර හිමියන් කියනුයේ ඕනෑම කෙනකුට ඕනෑම ප්‍රශ්නයක් ඇසීමේ ඉඩකඩ බුද්ධ දර්ශනයේ ඇති හෙයින් තමාගෙන්ද ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට නිදහස ඇති බවයි.
නොයෙක් හේතු නිසා කිළිටි වී ඇති බුද්ධ ශාසනය පවිත්‍ර කිරීමට වර්තමානයේ පහළවී සිටින්නේ තමන් බවද බුදු සසුන කාලානුරූපව වෙනස්කරගත හැකි බව පරිනිර්වාණයට පෙර බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට උපදෙස් දුන් බවද උන්වහන්සේ කීහ.
වීඩියෝ - සනත් ඩෙස්මන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූර්ව තීරණයකට එළැඹීමට පෙර මනස විවෘත කර හොඳින් අසන්න (බ)
මහා නායක හාමුදුරුවන් වහන්සේලා මුකුත් කරන්නේ නැත්තේ මොකද ? (බ)
ධර්මයේ මුල, මැද අග කාලෙන් කාලෙට නෙවෙනස් දහමකි (නදී)
උන්වහන්සේ දේශනා කරන සැබෑ බුද්ධ දේශනය වැටහෙන්නේ සැබෑ ඥානවන්ත මිනිසුන්ට පමණයි. උන්වහන්සේ කරන ආර්ය මාර්ගය පිලිබඳ නොතේරෙන මිනිසුන් උන්වහන්සේට බනිමින්, අපහාස කරමින් ගියාට උන්වහන්සේ දේශනා කරන්නා වූ පරම සත්‍ය කිසි දිනක වෙනස් නොවනු ඇත. උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. (නදී)
රහත්විම සත්‍ය නම් ප්‍රසිද්ධියේ ප්‍රාතිහාර්ය කර පෙන්වන්න. (ත)
සත්‍ය ධර්මය ප්‍රකාශ කරන ස්වාමින්වහන්සේගෙන් එම ධර්මය අසා සසර අවසන් කරගන්න.(හේ)
මමත් උන්වහන්සේගේ බණ කිහිප වතාවක් ශ්‍රවනය කර තිබෙනවා. ඕනෙම කෙනෙකුගේ සිත් නිවෙන අයරින් උන්වහන්සේ බණ දේශනා කරනවා. මගේ නිවාස අසල උන්වහන්සේගේ පන්සල පිහිටා තිබෙනවා නම් ලැබුන ඕනෙම මොහොතක ගිහින් බණ ශ්‍රවනය කරනවා. යහපත් දේවල් අහන්න ආගම බාධාවක් නොවෙන බව විශ්වාස කරමි. (නදී)
කාලානුරුපව වෙනස් කරගන්න කියා දේශනා කලේ විනය පමණයි සුත්‍ර නොවෙයි. නමුත් ඒ කුමන ශික්ෂාවන්ද කියා අසා ගැනීමට ආනන්ද හිමියන්ට අමතක විය. ඒක දඩමීමා කරගෙන ශාසනය වෙනස් කිරීම නොකළ යුතුයි (නදී)
මුන්වහන්සේ සක්කාය දිට්ටිය සහ මානය දුරු කලා කිව්වට, මගෙන්ම බන අහන්න මමම තමයි හරි දේ කියන්නේ කියලමනේ හැමතිස්සෙම කියන්නේ (නදී)
ඔබවහන්සේගේ ඥානය පුදුමයි.. මම කිසිම දවසක මෙහෙම කෙනෙක් දැකල නැහැ.. කාටහරි මුන්වහන්සේ හමුවෙන විදියක් කියන්නන පුළුවන් නම් කියනවද. (නදී)
අපි දන්නවා සියලු විස්තර. (නදී)
උපන්දින සාදය එහෙම පැවැත්වුවා යැයි ඇසීම මහා පුදුමයක් (නදී)
දන් අසී, ඔබ ධර්මය තව හදාරන්න. මුගලන් මහරහතන් ව්හාන්සේ විසින් "මේ ලෝකයේ මහභික්ඤා ලාභියෙක් වෙත් නම් ඒ කියන්නේ මටම පමණයි" ලෙස සංයුක්ත නි. අනිමිත්ත සුත්‍රයේ වදාරලා තියෙනවා. එහෙනම් එ්කත් මාන්නය. බුදුන් වහන්සේ, "මේ ලෝකයේ එකම රහතා මම වෙමි. මම ම අනන්තජින වෙමි" ලෙස දේශනා කරා. එසේ නම් ඒ සියල්ල මාන්නය නිසාය. රහත් වූ ආර්යන්ගේ සිත ගැන නිගමන දීමට පුහුදුන් අපට නොහැකිය. අනික බුදුවරු ඕනි නම් කුද්ධක ශික්ෂා පද වෙනස් කරන්න කියා පවසා ඒ වෙනස් විය යුතු තැන් දේශනා නොකරනවා නම් එතන වරදකි. බුදුරජාණන් වහන්සේ එලෙස දේශනා කලේ ඒ ඕනෑම කුද්ධක සික්ෂා පදයක් පවතින සමාජයට අනුගත නොවේ නම් සමූහනය කරගන්න යයි කියාය. ඔය ආනන්ද හිමිට අමතක වුනු කතා තියෙන්නේ අට්ටකථා වල මිසක් ත්‍රිපිටක දේශනාවල නොවේ.
උන්වහන්සේ විතරයි කොන්ද කෙළින් තියාගෙන කතාකරන්නේ. කියන දේ හරි. අන්න සමහර හිමිවරු අලි හොරෙන් තියාගෙන ඉඳලා අහුවෙලාලු (නි)
සිවුරට අගෞරව කරන්න නම් එපා (නි)
එක එක කාලෙට එක එක "මානසික ලෙඩ්ඩු" බිහි වෙනවා.අපි මේ ගැන පුදුම විය යුතු නැහැ. (ත)
කලිසමක් ට් ෂර්ට් එකක් ගහගෙන කොහේ යන්නද අපේ හාමුදුරුවනේ? (ත)
උන්වහන්සේගේ දේසන වලින් අපේ දුක නිවෙනවා.වෙන කිසිම දේසනාවකින් එහෙම දැනුණේ නැහැ.උන්වහන්සේ හමුවෙන විදියක් දන්නා කෙනෙක් කියන්න. (ත)
මම දැකපු සත්‍යවාදීම සහ අව්‍යාජම ස්වාමීන් වහන්සේ. (නි)
හොඳයි. අපි එන්නම්කෝ එහෙනම් බැහැදකින්න (නි)
සැබෑ රහතුන් වස්දොස් පිළිනොගන්නා බව තාම දන්නෙ නැහැ වගෙයි. (නි)
හමුවෙන්න පුළුවන් ඊළඟ උපන්දින උස්සවයේදී. අනේ මන්දා සමහර මිනිස්සු අන්ධ භක්තිකයෝ වගේ. පත්තරයක් පොතක් කියවන්නේ නැද්ද? (නි)
මොනවා වුණත් ආරාධනය නම් බොහොම වටිනවා! (නි)
කලිසමක් ටී ෂර්ට් එකක් නෙමෙයි අමුඩයක් ගහගෙන ගියත් මේ හාමුදුරුවෝ කියන දේ සහ දේශනා කරන දෙය හරි ((නදී)
බලමු එහෙනම් එහෙමවත් කරන්න (නි)
අති සුපිරි බණක් (නි)
ගොඩක් අය බණ හෝ සුත්‍රදේශනා ගැන කියන්නේ හරියට අවබෝධයක් නැතුව. මොකද හැමදේම තියෙන්නේ පාලි වලින්. මහමෙවුනා වෙබ් අඩවියට ගිහිල්ලා සිංහලෙන් කියන පිරිත් වලට සවන්දෙන්න. උදාහරණයක් විදිහට ගිරිමානන්ද සුත්‍රය සිංහලෙන් ඇසුවොත් එය තේරුම්ගන්න පුළුවන් (නි)
තිලක් ඩුබායි, ඔයා ඔක්කොම දන්නවද? ඉතින් ඔයත් ධර්මය දේශනා කරන්නකෝ (නි)
ඔබට මාර්ගඵල ලබාගන්නට අවශ්‍ය නම් බුදුන් වදාළ විනය මාර්ගයේම ගමන් කළ, බුදුදහම රටේ ස්ථාපිත කිරීමට අනේක ශක්ති සම්භාරයක් පුජාකරමින් කටයුතු කළ, අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීම පමණක් සෑහෙයි. (නි)
එකඅතකට මේ කතාවේත් වැරැද්දක් කියන්න බැහැ (නි)
මේ හාමුදුරුවෝ කියන දේවල් නූතන සමාජයට හොඳින් ගැළපෙනවා (නි)
උන්වහන්සේ කියන දෙය මට වැටහෙනවා. හරිම සන්තෝෂයි ! (නි)
කතාවෙවත් ගමනේවත් කිසිම සංවරබවක් පෙනෙන්න නැහැ. එයා රහත් බවට පත්වුණා කියලා එයාම කියනවා.අනේ මන්දා...! (නි)
එක එක කාලෙට එක එක චරිත කරළියට එනවා! (නි)
දුක නිවීම යනු තණ්හාවට ක්ෂණික විසඳුම නොවේ. නියම රහතන් වහන්සේ නමක් කිසිවෙකු තමන්ට වෛර කරන බව ප්‍රකාශ කිරීමට තරම්වත් මානයක් ඇතිකර නොගනී.කතාවේ සහ ඉන්ද්‍රිය සංවරයක් නැති කෙනෙක් රහත් බව සිතීම , බුද්ධ කාලයේ දෙවුදත් සරණයාම දෙවැනි කිරීමකි (නි)
නිවන් දොරටු විවරවුණා. පමානොවීමයි වටින්නේ (නි)
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත්වෙන්න කියලා. නමුත් මෙතන පැවැත්ම දෙස බැලූවිට තනිකරම කාමසුඛලික්කානු බවක් තියෙන්නේ. උන්වහන්සේගේ දේශන හොඳයි. ප්‍රායෝගික නැහැ. බුදුදහම ප්‍රායෝගික ධර්මයක්. (නි)
සැබෑ බුද්ධ වචනය කවුරු දේශනා කළත් එහි ප්‍රතිඵලයේ වෙනසක් නැහැ. මොකද ධර්මය අකාලිකයිනේ. එහෙත් ධර්මය ඉගෙනගත් පමණින් සැබෑ මාර්ගඵලලාභියෙක් නොවන බවත් මතකතබා ගතයුතුයි. මම දකින විදියට මුන්වහන්සේ තුළ තිබෙන්නෙ දැනුම පමණයි (නි)
මේ හාමුදුරුවෝ කියන දේවල් නූතන සමාජයට හොඳින් ගැළපෙනවා (නි)
ගෆූර් ඔබ හරි මමත් පෝය දවස් වල රුපවාහිනියේ බන අහල තියෙනවා හොඳ දේවල් තමයි කියන්නේ. යහපත් දේ අහන්න ආගම බාදාවක් නොවෙයි (නදී)
අසන්නා සිහි බුද්ධියෙන් අසා විමසා තම තම නැණ පමණින් අවබෝද කර ගත යුතුයි (නදී)
මස් මාළු කකුළුවො සහිත හයි ක්ලාස් පාටියෙන් පස්සෙ වුනු නව නිංගිරාව වහගන්න මොනව හරි බොරු වචන ටිකක් දාලා මිනිස්සු රවට්ටන්න හදනවා. අපි ඕවට අහුවෙන්නේ නැහැ.(නදී)
අර කවුද රජ කෙනෙක් ඇඳුම් නැතුව ගියේ. ඒක පේන්නේ මහා ඥාණවන්තයින්ට විතරයි කියලා හිතාගෙන. මේ හිමියනුත් ඒ වගේ තමයි. බොරු වචන සෙට් එකකින් අහිංසක දනන් මුලා කරගෙන තම බඩ වඩා ගන්න හදනවා.(නදී)
ශ්‍රියානි රණසිංහට නම් දුක නිවෙනවා ඇති. අපිත් අහලා තියෙනවා බණ එයාගේ. හක හක ගගා හිනා වෙවී, වෙලේ සුදා ගැනයි තව තව දේවලුයි කියනවා. ඕවට වෙන්න ඇති නේද හිත නිවෙන්නෙ. අපිට නම් ඒවා ඇහුවම දුක හිතෙනවා අපේ රට ගැනයි. සාසසනය ගැනයි. ඔය තැන් වලට යන අය ගැනයි (නදී)
ශ්‍රියානි රණසිංහ. ටිකක් කල්පනාවෙන්. තමන්ගේ ආරක්ෂාව තමන්ම බව දැන ගන්න.(නදී)
බුද්ධිමත් මිනිසුනි, ධර්මය පහළවී ඇත. ප්‍රත්‍යක්ෂ කළ මිනිසුන්ද පහළවී ඇත. මිදෙන්න සියල්ලෙන්. අතහැර යන්න සියල්ල. මුසුවන්න ඒ පරම නිවීම සමඟ. මේ එයට කාලයයි.......! ඔබ කිසිවක් අමුතුවෙන් කළයුතු නැත. උන් වහන්සේ දේශනා කරන දේවල් සිහියෙන් අසා ඉන්න. ඉන්පසු එය ප්‍රායෝගික ජීවිතයේ අත්හදා බලන්න. එයම ඔබගේ ගැළවීමට ප්‍රමාණවත් වේවි. (නි)
කවුරු මොනා කිව්වත් උන්වහන්සේ ලෝකෙට සත්‍ය දහම දේශනා කරනවා. හැමදාම දුකයි පින්වතුනේ කියලා තමයි වෙන හාමුදුරුවරු කිව්වේ. එ්ත් දැන් ජීවිතේ සතුටුයි කියලා කියන්න පුළුවන් වුනේ උන්වහන්සේගේ දේශනා අහලා. (නදී)
මෙම උපන්දින සාදය අන්තර්ජාලයේ ඇත. නිවන් යන හැටි එය නැරඹූ පසු බලාගත හැකියි. (නදී)
මෙඩිසින් කරන්න ඉහළම ලකුණු ඕනේ. ඒ තරම් ලකුණු ඕනෑ නැහැ මයික්‍රො බයෝලොජි කරන්න. මේ හිමියන් කියන්නෙ හැමෝම කරන නිසා තමන් මයික්‍රො බයෝලොජි තෝරා ගත් බවයි. හිතෙන විදියට එය බොරුවක් (නදී)
අත පය විසි කර කර, අත කරකව කරකව උඩ බල බල කතාකරනකොට කිසිම භක්තියක් හිතෙන්නේ නැහැ (නදී)
බොහෝ දෙනා බුදු දහම විකුන ගෙන කනවා. මොනව හරි පාලි වචන ටිකක් කිව්වම අපේ අය හිතන්නේ නිවන් ගිහින් කියලා. ((නදී)
පසුකාලීනව බුදුන්වහන්සේගේ ධර්මය වෙනුවට නොයෙකුත් දේශනා විකෘති කර මිනිසුන් අතරට යන බවත් මිනිසුන් එය පිළිගන්නා බවත් බුදුන්වහන්සේ දේශනා කලා. මේ එවැනි විකෘතියක් පමණයි. බුදු දහම සර්වකාලීනයි. කලින් කලට සුදුසු පරිදි විනය නීති සකස් කිරීමට සඟුන්හට අවසර ඇතත් ධර්මය එසේ වෙනස්වෙන දෙයක් නෙවෙයි. (නදී)
මස් මාලු කෑවාට කමක් නැහැ. ආගම විනාශ කරන්න එපා (නි)
" වෛරය එපා" යැයි කියන ඔය කටින්ම මාධ්‍යවේදීන්ට ඇමතූ ආකාරය අමතකද? (නි)
කෙනෙක් කියනවා මේ බණ තේරෙන්නේ ඥානවන්තයන්ට පමණි කියලා. අපේ අයට ඥානයක් තිබුණා නම් එක එක කාලෙට මේ වගේ අය බිහිවෙන්නේ නැහැ. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (නි)
මේ හාමුදුරුවෝ කියනවා අපි වෙනුවෙන් සතුන් නොමරා, සුපර්මාර්කට් වගේ එකකින් මස් මිලදීගෙන දානේ දෙනවානම් හාමුදුරුවන්ට මස් කන එක හොඳයිලු. මේ තර්කය කෝකටත් හරියනවා නේද. කවුරු හරි දෙනවා නම් ගත්තට වරදක් නැහැ. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (නි)
මිනිස්සු ධර්මය දන්නේ නැහැ .ඒ උදවිය කාලක් අසා, දෙගුණයක් සිතා, තුන්ගුණයක නිගමන දෙනවා.මේ ස්වාමින් වහන්සේගේ දේශනා මම ඇහුවා.ඇත්තටම පුදුමයි, දේශනා මහිමය නම්.හුදෙක් ත්‍රිපිටකය දන්නා කෙනෙකුට එලෙසින් දේශනාකළ නොහැකියි.මෙතන අදහස් වලින් පේනවානේ ලංකාවේ මිනිසුන්ගේ ඥානය. සමහරු අතපය හොළවන එකට අසංවරයිලු. තදින් කතාකළාම ඒක ද්වේශයලු, වෛරයලු. මස්මාලු නොකෑම ශීලයක් කියලා හිතාගෙන ඉන්න උදවිය කොහොම බුදුන් දේශනාකළ දහම දකින්නද?මේ ස්වාමින් වහන්සේ ධර්මය විකෘතිකළ එක තැනක් කරුණු දක්වා පෙන්වන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? නැහැ. (නි)
සීහ සේනාපති බුදුන්ට ඌරු මස් පූජා කළෙත් (ඒ වනවිට සීහ සේනාපති සෝතාපන්න ශ්‍රාවකයෙකි) වෙළඳ සැළකින් ගෙනල්ලා කියලා තමයි සීහසේනපති සුත්‍රයේ තියෙන්නේ. ලංකාවේ මිනිස්සු මෝඩයිනේ. කන බොන ඒවා, අඳින සිවුර, ඉන්න ආරාමේ ලස්සන ගැන කියවනවා. ඒ උතුමා කියන වචන අහලා ගැළවෙන්න බලන්නේ නැහැ. මේ වීඩියෝ එකේ ලස්සනට කාමසුඛල්ලිකානු යෝගය ගැන කියලා තියෙද්දී, තවමත් මිනිස්සු කියනවානේ ආරාමය ලස්සනයි කියන්නේ කාමසුඛල්ලිකානු යෝගය කියලා. ඇයි ලාංකිකයන්ගේ ඥානය මෙතරම් මොටවුණේ? (නි)
කිසිම සැකයක් නැහැ. බුද්ධ කාලයේත් මේ වගේ උදවිය සිටියා. (නි)
හොඳයි ඊළඟ ඡන්දෙට ඉදිරිපත් වුණොත් (නි)
අකාලිකෝ භගවතෝ ධම්මෝ - මගේ දහම කාලයෙන් තොරය. (නි)
මට නම් සිතට දැනෙන්නේ අනුකම්පාවකි (නි)
කේක් ගෙඩිය ගැන අහපු ප්‍රශ්නයට පිළිතුරු දෙන විදියෙන් කියන්න පුළුවන් නිර්වාණය අවබෝධ කරගෙන කියලා. (නි)
මේ දේවල් වලින් බුදුදහම රැකගන්න (නි)
ඔව් රකිත්, බුද්ධ කාලයේ තමයි රහතුන් හිටියේ අදටත් වඩා. (නි)
මෙතුමා නිවන් කෙසේවෙතත්, අනේමන්දා මට කියන්න අමාරුයි (නි)
කියන්නා කොහොම කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි. ඒ වගේම ඔවාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියලත් මම අහලා තියෙනවා. ගතයුතු හරි දේ අපි ගනිමු. (නි)
දැන් ඔබ වහන්සේ රහත් වෙලාද අපිට බණ කියන්න හදන්නේ .(ම)
හැමෝම කියන්නේ උන්වහන්සේ ගැන මම දන්නා බුදු දහම හැටියට නම් තමන්ව උලුප්පන කෙනෙක් නොව බුදුන් සඟුන් දහම් සහ සීලය ප්‍රකාශ කරන්නෙක් විය යුතුය.(ම)
බුද්ධාගමේ එන අකාලිකෝ කියන එකවත් දන්නේ නැහැ.(ම)
මම ධර්මය ගැන සඳහන් කරන නමුදු හාමුදුරුවන් හමුවෙන්න කලින් දිනයක් වේලාවක් වෙන් කර ගන්න ඕනැ ... නමුදු බුදුන් වහන්සේට නම් එහෙම නෑ ..(ම)
ඔබ වහන්සේ රහත් වෙලා ඉන්න හින්දා ... මට ඔබ වහන්සේගේ ප්‍රාඩෝ එක මට දෙන්න.. ඔබ වහන්සේට උඩින් හරි යන්න පුළුවන් නේ.. (ම)
ප්‍රිය වචනයක්වත් සන්සුන් ගමනක්වත් නැහැ. කලබලකාරී ස්වරූපයක් තියෙන්නේ. මමත් මගේ බිරිඳත් බණ අහන්න ගිහිල්ලා තියනවා. පළමු දවසෙන්ම එපා වුණා. (ම)
බුදුන්ගේ දර්ශනයට පිටින් කළින් කලට නොයෙක් පිරිස් පෙළ ගැසෙනවා. (ත)
සිරි සදහම් අාශ්‍රමය බෙල්ලන්තර දෙහිවල දුරකථන 0112732700 0773686686 ෆැක්ස් 0112719550 (බ)
චමින්ද 2015-03-24 03:16:29 - අනුගාමිකයනුත් ඉක්මනටම රහත්වුනානම් බුද්ධාගමත් බේරෙනවා, අපිට මාධ්‍ය ආයතනත් අයිති කරගන්න තිබුණා (බ)
මේ සියල්ල හරි. නමුත් විශ්ව ශක්තිය තේරුම් ගත්තා නම් සියල්ල හරි.විශ්වයේ අලංකාරය අපි දකින්න ඕනෑ. (නි)
යමෙකු මාර්ග ඵලලාභියෙක් හෝ නොවන බව ප්‍රකාශ කිරීමට නම් පළමුව ධර්ම අවබෝධය ලබාගත යුතුව ඇත. අවබෝදයකින් තොරව අදහස් ප්‍රකාශ කිරීම මෝඩ පුරෂයන්ගේ පුරුද්දකි. ධර්මය අකාලිකයි කියන්නේ අවබෝධය ලබාගත් අයෙකුට අතීතය, වර්තමානය සහ අනාගතය යන 3 කාලයම නොමැති බවයි. ධර්මය වරදවා තේරුම් ගැනීමෙන් සියල්ල පැටලෙනු ඇත. (නදී)
දැන් ධර්ම සංගායනාවකට කාලය හරි බුදුන්ගේ කාලෙත් මෙහෙම අය උන්න කියනවා බුදුදහම කිලිටි වීම වළකාගත යුතුයි එය මහා සංඝරත්නයේ වගකීමයි (බ)
රහත්ද නැත්නම් සෝවාන්ද යන එක නෙමෙයි මෙතන තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරන්නේ මොකක්ද කියලා ටිකක් හිතන්න. ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. යමෙකුට ධර්මය අවබෝධ කරගත්විට මේ සියල්ල අතැඹුලක් සේ වැටහෙනු ඇත... (නි)