කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය සුරැකීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ අද (1) සංවිධානය කළ පාගමනට කොළඹ ලෝටස් පාරේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්රහාර එල්ල කරනු ලැබීය.
උද්ඝෝෂකයෝ පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කළ අතර එම පෙදෙසේ නීතිය කඩමින් හැසිරීම වළක්වමින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය උසාවි නියෝගයක් ද පනවා තිබිණි.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම්, අධිකරණ නියෝග වලට පිටින් යන්න ගියාම නලවන්න බැහැනේ. (නි)
අපමණ අගයක් (ම)
ඔය කදුළු ගෑස් කන්නේ ඕනෑකමින්. ආරක්ෂක කලාපවලට එන්න එපා කියද්දි ඕවට උඩ ගෙඩි දෙන අය පොඩ්ඩන්ව ඉස්සරහට දාලා බැරියර් පෙරළනවා. ඉතින් ඔහොම වෙන එක පුදුමයක් නෑ. (ම)
එක දවසක් නෑ විරෝදතාවයක් නැති? මේකෙන් පෙන්නේ පාලනයේ තරම. (ර)
උද්ඝෝෂනය කලට කමක් නැහැ ජාතියේ දේවල් රැකගැනීමට ඉල්ලීම දිනාගන්න එහෙම කරන්න වෙන්වා, නමුත් ප්රචන්ඩත්වය මේ වැඩේට ඔබින්නේ නැහැ, සාමකාමිව කරන ඕනේ දෙකට අපේ සහයෝගය එහෙම නැතුව නිතිය අතට අරගෙන් පිස්සන් වගේ ඇයි මෙහෙම හැසිරෙන්නේ. (ර)
හිමාල්, කහින්ට එපා. (ර)
රටේ පරමාදිපත්යය තියෙන්නේ ජනතාවටද ? (ර)
හම්බන්තොට විකුණනකොට කැටපත් ඇදපු කොලබ වාරයේ සේවකයෝ. වරදිනකොට... කරන දේවල්. (ර)
කොළොඹ වරාය ලාබ ලබන ආයතනයක්නේ.. ඇයි පෞද්ගලීකරණය කරන්නේ.? (ර)
පොලීසියට කඳුළු ගෑස් සහ වතුර සැපයීමේ කොන්ත්රාත්තුව ගන්න විදියක් මම මේ කල්පනා කලේ. ගත්තොත් නියම බිස්නස් එක. (ර)
මේකෙන් වෙන්නේ රටට ආදායම් ලැබෙන මාර්ග තව තවත් අඩුවෙනවා. එතකොට අය වැය පරතරය වැඩිවෙනවා. ඒක පියවගන්න ණය ගන්නවා, ණය ගෙවන්න ආයෙත් ආදායම් ලැබෙන මේවගේම ආයතන විකුනනවා. මේක චක්රයක් විදිහට වෙනවා. මේකට තමයි ණය උගුලක් කියන්නේ. ආර්ථික දැක්මක් නැති ආණ්ඩුවලින් මීටවඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බැහැ. මේ දෙගොල්ලොම කරන්නේ "එදා වේල ටුවර්ස්" වැඩ. (ර)
ප්රචණ්ඩ විදිහට හසිරෙනවට නෙමෙයි කඳුළු ගෑස් ගැහුවේ. කඳුළු ගෑස් ගහපු නිසයි මිනිස්සු ඊට විරුද්ධව ප්රතිචාර දක්වන්නේ. මේ ආණ්ඩුව යන්න හදන්නේ මහින්දගේ ආණ්ඩුවටත් වඩා නරක පාරක. (ර)
යාලුවනි භාවනා කර සාකච්චා කර ඉල්ලිම් දිනා ගැනිම ට නොහැක. පාලකන්ට ලේ දැකිය යුතුයි ඉල්ලිම් දෙන්න. රතුපස්වල කටුනායක මතකනේ. බිරි අලින් ට කන් අැහෙන්න ලොකු සද්දයක් ඔන. අනික ලංකාදිපය නම් පොඩි දේ හරි මේවා පල කරනවා එ්ත් සමහර මාධයයන් උද්ඝෝෂනයක් පල කරන්න මේ වගේ අාවේගකාරි දේවල් කලාම විතරයි... (ර)
මේ අය වරායෙ ආදායම් වාර්තා දෑකල වගේ කතා කරන්නෙ.. මීට වඩා ලොකු දියුනු රටවල් වලත් වරායවල පර්යන්ත වෙන කොම්නිපැවලට විකුනනන්වා.. ඒ කරන්නෙ ආදායම වෑඩි කරන්න සහ කොලිටිය වෑඩි කරන්න.. (ර)
උද්ඝෝෂණයක් නොකර දිනාගත්ත අයිතිවාසිකමක් ලොකෙ කොහෙවත් නෑ. ඒක නිසා අයිතිවසිකම් වෙනුවෙන් සටන් කරන අය නිවුස් බල බල ඉන්න අපිට වඩා ගොඩක් උසස්. මේ අයට බනින අයට ඔක තෙරෙන්නෙ තමුන්ට ඔය වගෙ අසදාරනයක් වෙච්ච දවසට. (ර)