
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යමින් සිටි නිළධාරීනියක සහ ඇගේ පියා ගමන් ගත් යතුරු පැදිය ගැටීමෙන් තුවාල ලැබූ පියා සහ දියණිය පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
මෙම අනතුරීන් බරපතල ලෙස තුවාල සිදුව ඇත්තේ ආඩිගම ගල්කුලිය ප්‍රදේශයෙ සිට පුත්තලම ඡන්ද ගන්න කිරීමේ මධ්‍යස්ථානයෙ රාජකාරි සදහා යමින් සිටි නිළධාරීනියක් හා ඇය යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පියා බව කියයි.
අනතුර සිදු කළ බව කියන ල නිළධාරීයා අනතුර සිදුවන වන අවස්ථාවේදි අධික බිමතින් සිට ඇති බවට වෛද්‍ය වාර්තා මගින් සනාථ කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරීයා පුත්තලම සිට ආණමඩුව දෙසට ගමන් කරමින් සිට ඇත.
කෙසේ වෙතත් අනතුරීන් බරපතල තත්වයෙ සිටි මෙම නිළධාරීනිය හා ඇගේ පියා කඩිනමින් ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට යවා ඇති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට බොන්න දුන්නේ කවුද කියලා හොයලා බලන්න
ආයතන සංග්‍රහය අනුව බීමත්ව රිය පැදවීම වරදක් වෙද්දී රාජකාරි ස්ථානයේ හෝ බීමත්ව සේවයේ යෙදීම සේවයෙන් පහකිරීමට තරම් බරපතළ වරදක් වෙනවා අපි බලමු ඔහුට වෙන්නෙ මොකක්ද කියලා එහෙම බීමත්ව කටයුතු කරන කෙනෙක් ගණන් කිරීමේ ජ්‍යේෂ්ඨ නිළධාරි කෙනෙක් හැටියට පත්කිරීමත් වරදක් නොවෙයි කියන්නෙ කොහොමද