(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්ට අපහාසයක් කළා කියා මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවට ගේන්න පාර්ලිමේන්තු වරප්‍රසාද පනතින් බලයක් දී නැතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාර්ලිමේන්තු කටයුත්තකට බලපෑමක් වුණා නම් පමණක් වරප්‍රසාද යටතේ කටයුතු කළ හැකි බව පැවසූ ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ හතරවන වගන්තියේ පාර්ලිමේන්තු වරප්‍රසාද යනු මොනවාදැයි ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙන්නේ යැයි කීය.
එළියේ සිටින හතුරෙකුට අපහාස කරන්නටත් සිත රිදෙන යමක් පළ කළ හෝ ප්‍රකාශ කළ මාධ්‍යවේදියෙක්ගෙන් වාඩුව ලබා ගැනීමටත් පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරමින් සිටින බව කී ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට සිත් රිදවීමක් අපහාසයක් වුණා නම් ඔහුට ඇත්තේ රටේ සාමාන්‍ය පුද්ගලයකුට ගන්නට හැකි නීති ක්‍රියාමාර්ග පමණක් බවද පැවසීය.
විනිශ්චයට භාජනය වූ කරුණක් ගැන පාර්ලිමේන්තුවෙන් පිටත මෙන්ම ඇතුලේත් කතා කරන්නට බැරි බව ස්ථාවර නියෝග වල පැහැදිලිව සඳහන් වෙන බවත් නමුත් එම නියෝගය කඩ කරමින් විනිශ්චයට භාජනය වන නඩු තීන්දු ගැන කතා කරන බවත් මන්ත්‍රීවරයා කීය.
නීති හදන සභාව රටේ නීතියට ගරු කරන්නේ නැතිනම් සාමාන්‍ය ජනතාවගෙන් නීතියට ගරු කිරීමක් බලාපොරොත්තු වන්නේ කෙසේදැයි ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වරප්‍රසාද පනත අවභාවිත නොකරනු