( චන්දන ප‍්‍රනාන්දු )
ඉතාලියේ වෙරෝනා නගරය මැදින් ගලායන අඩිජේ නම් ගංඟාවේ ගිලී අතුරුදන්ව සිටි ශ‍්‍රි ලාංකිකයෙකුගේ මළ සිරුරක් දින 5 ට පසුව සොයාගෙන ඇති බව ඉතාලි ආරංචි මාර්ග පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ජාඇල කළඑළියේ පදිංචි දෙහිවලගේ නෙල්සන් කෝස්තා 53 නැමති අයෙකි.
ඉකුත් සෙනසුරාදා වෙරොනා නගරයේ අඩිජේ නැමති ගංඟාව ගලාබසින ගැරිබාල්දි නැමති පාලම අසලින් මෙම ලාංකිකයා ගඟට බැස හෝ වැටි ඇති බවට සැකකරන බවත් එම ස්ථානයේ තිබි මියගිය තැනැත්තාගේ පාවහන් ඔහුගේ සහෝදරයා විසින් හඳුනාගෙන තිබෙන බව වෙරොනා නාගරික පොලිසිය පවසයි.
මියගිය තැනැත්තා වසර කීපයක සිට වෙරොනා නගරයේ සේවය කරන අයකු බව එරට ආරංචි මාර්ග පැවසීය.
තම සහෝදරයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වෙරොනා පොලිසියට කල පැමිණිල්ලක් මත කිමිදුම් කණ්ඩායම ජිව්තාරක්ෂකයන් දින 4 ක් පුරා ගංගාවේ විශාල ප‍්‍රමාණයක ආවරණය කරමින් කළ පරික්ෂාවකින් අනතුරුව ලාංකිකයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.
මේ වන විට මළ සිරුර වෙරොනා බොර්ගෝ රෝමා රෝහලේ මෘත ශරිරාගාරයේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා තැන්පත් කර තිබේ ජායාරූපය ලාංකිකයා මියගොස් සිටියදි සොයාගෙන ඇත්තේ මෙම ගංගාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීමත්කම නිසා වසන්ත සමයේදී බොහෝ ලාංකිකයින් විවිධ ඉතාලි ප්‍රදේශවල ගංගාවල ගිලී මියයාම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත.