ළහිරු හර්ෂණ
සරසවි සිසුන්ගේ විරෝධතාව පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.
සරසවි සිසුහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරි පිට මේ වන විට රැස්ව සිටිති.
ආරක්ෂක අංශ මේ වන විට එහි තත්ත්වය පාලනය කිරීමට පියවර ගනිමින් සිටිති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන දැන මොකට යනවාද මන්දා....
සදහටම විරෝධතා පවත්වමින් ඉන්න. අනෙක් රටවල සිසුන් තමන්ගේ මුදලින් අවුරුදු 21 දී උපාධිය සම්පුර්ණ කොට , සුදුසු රැකියාවක් ලැබෙනතෙක් සුළු රැකියාවක් සොයා ගෙන ශ්‍රම බලකායට එකතු වෙනවා. අපේ උදවිය අවුරුදු 35 පනින තෙක් හැමදාම දියව් දියව් විතරයි . මොවුන්ගෙන් රටට තියා හැදු වැඩු මව්පියන්ටත් පලක් නැත.
මේ මෝඩ රැල තමන්ව දේශපාලන බන්කොලොත්කාරයින්ගේ අතකොලු බව කිසිම දවසක් තේරුම් නොගෙන පරවල වහගෙන මහජනතාවට හිරිහැර කරනවා. ඇයි? නිකම් දෙනවා නම් හෙම්බිරිස්සාව වුනත් ගන්නව කිව්වා වගේ නිකම් දෙන හින්ද ඉගෙනගන්න කියල විශ්ව විද්‍යාලවලට ගිහින් නවකයින්ටත් වද දෙමින් විනෝද වෙනවා. යන්තම් කීයක් හරි වියදම් කරන්න පුළුවන් එකා තමන්ගේ මුදලින් ඉගෙනගෙන රැකියාවල් ටික අල්ලගන්නවා. නැත්නම් පිටරට යනවා. මේ මෝඩයෝ ටික එලියට ඇවිත් රැකියා දියවූ කියල ඊ ළඟ විරෝධතා රැල්ල හෙවත් පාරවල් අවිහිර කිරිල්ල පටන් ගන්නව. අනේ මහජන බදුමුදල්!
රටට ගිය කලක් ඔක්කොම හදන්නේ ආණ්ඩුව හදන්න.
මේ පින්තුර වලට අනුව මෙහි සිදුවන්නේ විරෝධතාවයට වඩා වෙනත් දේවලුයි.
මේ විරෝධතා එතරම් ගණන් ගත යුතු නැහැ. මක්නිසාද යත්, මේ අය පිටුපස සිටින දේශපාලන පක්ෂ මැතිවරණ වලදී ලබා ගන්නා ඡන්ද ප්‍රමාණ වලින් පෙනී යන්නේ, මේවා නිකම්ම නිකම් පුස්වෙඩි පමණක් බවයි.
මේ ළමයින්ගේ මෝඩකම් ගැන කියන්න වචන නැහැ...
උන්ටත් වැඩක් නැහැ... මුන්ටත් වැඩක් නැහැ..
ඉලඇට කැඩෙන කම් දෙන්න ඕනේ...
මේකෙ කමෙන්ට් දාලා තියෙන හැම කෙනාම A/L කරන කාලෙ කැම්පස් යන්න හීන දැකලා, ඒවා සැබෑ කරගන්න බැරි වූ නිසා මුළු විශ්ව විද්‍යාල පද්ධතියටම වෛර කරන අමු කාලකන්නි ටිකක්. මුන් මෙතන පොර ටෝක් දුන්නට මොවුන්ගේ ළමයින්ට කියන්නේ කොහොම හරි කැම්පස් පලයන් කියලයි. කුහක කාලකන්නි ඉන්න කම් මේ රට හදනවා බොරු...
මමත් කැම්පස් ගියා. එහෙදී තමයි මට තේරුනේ මේ වගේ නිදහස් අධ්‍යාපනයෙන් වැඩක් ගන්නේ නැති හරක් ටිකක් ඉන්නවා කියලා. අපරාදේ අවුරුදු 4ට 5ක් ඉන්න වුණා. මේ වගේ කාලකන්නි රෑනක් නිසා. හොඳට ඉගෙන ගන්න රටේ බදු මුදලින් අපිට උගන්වන්නේ. පාරවල් වහගෙන මහජනතාවට අවහිර වෙන විදිහට වැඩ කරන්න නොවේ... නැත්නම් අපිට කවදාහරි හෙන ගහනවා රටේ සල්ලි නාස්ති කරා කියලා. මම Sampath Bsc.Eng.(Hons) මහතාට කියන්නේ ඔය වගේ මෝඩ අදහස් තියාගන්න එපා. ඔයාට Bsc.Eng.(Hons) තිබුණට එකම දවසක් වත් යන්න නැතිව ඇති මේවගේ දේකට... නිකන් කරනවා කියලයි දැන් මට හිතෙන්නේ. කොහොම වුනත් මගේ කෙනෙක් ප්‍රයිවට් කැම්පස් එකකට යවනවා.
රටේ ඔක්කොම උපාධිදාරීන් වුනොත් ඒ ඔක්කොටොම රස්සාවල් ආණ්ඩුවෙන් දිය යුතුයිද? අද විශ්ව විද්‍යාල උපාධිය කියන්නේ.., නෝට්ස් කටපාඩම් කරලා යාන්තමට විභාගෙන් තල්ලුවීමක්. සමහර කථිකාචාර්ය වරුන්ට වුණත් විෂය පරභාහිර උගත්කමක් නැහැ. අපේ විශ්වවිද්‍යාලවලින් සැබෑ උගතුන් පහළ වුණු යුගය ඉවරයි. ගුණදාස අමරසේකර කිව්වා වගේ මේ විශ්වවිද්‍යාල රොත්තම වහලා දැම්මත් එයින් රටට සිදුවෙන කිසිම පාඩුවක් නැහැ. අධ්‍යාපන ක්‍රමය බංකොලොත්. ඉස්කෝලවල ගුරුවරුන් හරි හැටි උගන්වන්නේ නැති නිසා ටියුටරි ව්‍යාප්ත වෙලා. ඉස්කෝලත් වහලා දාල ටියුටරි විතරක් පවත්වාගෙන යාම සුදුසුයි. නිදහස් අධ්‍යාපනය කියලා එකක් දැන් ඇත්තෙත් නැහැ. තිබුණත් දැන් වැඩකුත් නැහැ. කිසිම උගත්කමක් නැතුව ලේසියෙන් දේශපාලුවෙක් වෙන්න පුළුවන්කම තියෙද්දී මොකටද පෙළපාලි යන්නේ...?
මෙතන කමෙන්ට් දාන ගොඩක් අයට ප්‍රශ්න තියෙන්නේ විශ්වවිද්‍යල ළමයි පිකට් කරනකොට විතරයි.. අනිත් අය පිකට් කරන කොට, ඒ අයගෙ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනකොට මේ අයට කිසි ප්‍රශ්නයක් නෑ.. ඇත්තටම මෙතන කමෙන්ට් දාන ගොඩක් අයගේ අදහස් වලින් පෙනෙන්නේ අර සම්පත් කියපු වගේ තමන්ට ඒ තැනට යන්න බැරි වුනු නිසා මුළු විශ්ව විද්‍යාල පද්ධතියම කෙරේ තියෙන වෛරයක්..