(ඉන්දිකා රාමනායක)

මුතුර් ඉරුදියපුරම්. ප්‍රදේශයේ අලුතින් විවෘත කරන ලද රට බීම හලකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර  පොලිස් නිලධාරීන්ට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණ පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මූතූර් පොලිසිය පවසයි.

සැකකරුවන්ගේ ගල් මුල් ප්‍රහාරවලට ලක්ව උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු තුවාල ලබා මූතූර් රෝහලට ඇතුළත් කර සිටියි.

ඉරිදියපුරම්  ග්‍රාම සංවර්ධන සමිතියේ සංවිධානයෙන් ඊයේ (25) පසරුවේ මෙම විරෝධතාවය සංවිධානය කර ඇති අතර විරෝධතාවය අතරතුර ස්ථානයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සමග විරොධතාකරුවන් ගැටුමක් ඇති කරගෙන ඇත.

මෙහිදී විරෝධතා කරුවන් දමා ගොස් තිබූ  ත්‍රී රෝද රථ තුනක්, යතුරුපැදී 10 ක්, පාපැදී 13 ක් පොලිසිය භාරයට ගෙන ඇත.