( මහින්ද නිශ්ශංක)
වැරදිකරන රියදුරන්ට එරෙහිව පනවනු ලබන දඩය විශාල වශයෙන් වැඩි කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
දඩ පැනවීමට අමතරව බරපතල වැරදිකරන රියදුරන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය නීතී ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
හඳුනා නොගත් වාහන වලින් අනතුරුට ලක්වුවන් සඳහා වන්දි මුදල් ප්රදානය කිරීම නිමිත්තෙන් ප්‍රවාහන අමාත්‍යංශයේදී අද පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පවතින වාහන තදබදයත් එක්ක බොහොම අමාරුවෙන් වාහන පදවන්නේ. පොදු ප්‍රවාහන සේවා වලට අපිත් යන්න හැදුවොත් යන අය තවත් හිරවෙනවා. ගෙවන්න පුළුවන් දඩ මුදලක් අය කරන්න. හැබැයි ඔබතුමා අලුත් දුම්රිය වාර වැඩිකරන්න, දැනට ධාවනය වන දුම්රිය වල මැදිරි ප්‍රමාණය වැඩිකරන්න තනි බලවේග දුම්රිය වෙනුවට බලවේග කට්ටල දෙකක් එකතුකර ධාවනය වගේ පහසුකම් වැඩි වන ක්‍රම වලට යොමුවන්න. එතකොට පාරේ දුවන බස් ප්‍රමාණය අඩුකරන්න පුළුවන්.
ත්‍රීවීලර් රියදුරන්ට විශේෂ දඩ නියම කරන්න බැරිද?
දඩ මුදල් හා වැරදි ප්‍රසිද්ද කර බලන්නකෝ ප්‍රයිවෙට් බස් ප්‍රතිචාරය. මීට ඉස්සෙලත් දඩ වැඩිකලානේ දාපු ඉක්මනට වඩා ඉක්මනින් අයින් කරගත්තා නේද?
දඩ වැඩි වුනයි කියලා පාරවල් වල රිය අනතුරුවලින් මිය යන සංඛ්‍යාව අඩු වෙන්නේ නැහැ නේද? පොලිසියටත් බැරි දේවල් කොහොමද දඩයෙන් රැකගන්නේ ?
හොඳ වැඩ කරන්න පමා වෙන්න එපා. ඉක්මනින් ක්‍රියාත්මක කරන්න.. අනිත් කාරණාව දඩ ගෙවන්න කාර්යක්ෂම ක්‍රමයක් ඇති කරන්න. ඒ වගේම නිසි වෙලාවට දඩ ගෙවන්න බැරි උනොත් අමතර ගානක් කාලානුරුපිව වැඩි කරන්න. මාස 3 කින් විතර ගෙව්වේ නැතිනම් බලපත්‍රය තාවකාලික තහනම් කරන්න. නීති නීති ඕනේ නැතිනම් කවදාවත් ගොඩ යන්න බැහැ
බරපතල රිය අනතුරු (මාරක රිය අනතුරු ) කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ඔහුගේ ජීවිතාන්තය දක්වාම තහනම් කරන්න.
තව හූරන් කන්න ක්‍රමයක් තමයි මේ හදන්නේ අර කාබන් බද්ද වගේ. දැන් ලගදි වැඩි කරා මතක නැද්ද. මුලින්ම නගරබදව තියෙන දැඩි වාහන තදබදයට විසදුමක් හදාගන්න පාරවල් ටික සහ පොදු ප්‍රවාහන සේවා උපරිමේට හදාගෙන. පොඩි උදාහරණයක් කියන්නන්, පිටකොටුවේ බෝ ගහ ගාව කහ ඉර උමන් මාර්ගයක් ලෙස දානවනන් විනාඩි කීයක් වාහන වලට ඉතුරු වෙනවද. අනික දඩ වගේ ගෙවන ඒවා කාර්යක්ශම කරන්න මොකද මේ නාස්ති වෙන්නේ රටේ මිනිස්සුන්ගේ වටිනා කාලය. වෙන රටවල් අලුත් සේවා සහ නිශ්පාදනයට මහන්සි වෙද්දී අපේ පාලකයෝ බලන්නේ මිනිස්සුගෙන් කොහොමද තව ටිකක් වැඩියෙන් කොල්ලකන්නේ කියලා.
දඩය වැඩි කලාම අනතුරු අඩුවී ඉන් රජයට ලැබෙන ආදායම අඩුවෙනු ඇත. ආදායම අඩු නිසා බදු වැඩි කරනු ඇත.
දැන් මාර්ගවල වාහන තදබදය ඉතා වැඩියි. විශේෂයෙන් ත්‍රීවීල් නිසා ගමනාගමනය ඉතා අපහසුවෙනවා. ත්‍රීවීල් රියදුරෝ බොහෝවිට අනෙක් වාහන වලට අවහිර වනසේ ධාවනය කරනවා එවිට අනෙක් වාහන රියදුරෝ ඉක්මනින් යන්න බලනවිට අනතුරු වෙනවා. එනිසා ඒ ගැන කියල වැඩක් නැහැ. දැන්වත් කල යුතුවන්නේ රටතුල තවත් දුම්රිය මාර්ග කීපයක් ඇතිකර දුම්රිය නැවතුම් වල සිට අතුරු මාර්ග සකස්කර ඒවායේ පොදු ප්‍රවාහන ක්‍රමයක් ඇතිකිරීම.