(රංජන් කස්තුරි)
අමාත්‍ය රවී කරුණානායක මහතා වරදක් කර තිබෙන බවට ඔප්පු වුවහොත් ආණ්ඩුව සහ පක්ෂය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
රවී කරුණානායක ඇමතිවරයාට විශ්වාස භංගයක් ඉදිරිපත් කළොත් ආණ්ඩුව ගන්නා තීන්දුව කුමක්ද යන්න මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට සේනාරත්න මහතා පැවසූවේ රවී කරුණානායක ඇමතිවරයා පවසන දේ ගැනත් බැලිය යුතු බවයි.
ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (02) පැවති කැබිනට් තීන්දු දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසරේ හොදම විහිලුව....
තරාතිරම නොබලා දඬුවම් කර රටේ යහපාලනයක් තියන බව ඔප්පුකිරීමට අන්තිම අවස්ථාව.........................
ඔහෙටත් එහෙමතමා " හරිය " !!!!!
ඕව ඉතින් ජීවිතේට ඔප්පු වෙන් නැහැනේ. රටේ නීතියට දේශපාලන ඇගිලි ගැසීම් තියෙනකම් ඕව ඉතින් අපිට නිකන් සුරඟන කතා තමයි. රට කරවන අය සහ ඔවුන් වටේ සිටින පිරිස මහජන මුදල් හොරකම් කරා කියල ඔප්පු කරන්න පුළුවන් විදිහේ කොච්චර පැහැදිලි සාක්ෂි තිබුනත් ඒවගෙන් බේරිලා ඉන්න පුළුවන් අමුතුම විදිහේ නීති තියෙන එකම රට අපේ රටයි.
ක්‍රියාමාර්ග ගන්න දැනටමත් ප්‍රමාදයි. ලංකාවේ හැමදෙයක්ම වුනාට පස්සේතම විසදුම් හොයන්නේ. වරදක් වෙන්න කලින් නතර කරගන්න ක්‍රමයක් නැහැ. යුද්දේ, අනවශ්‍ය වරායවල් ගුවන්තොටුපොළවල්, ඩෙංගු, කසල, අවා, කෝපායි ඔහොම යමු ලංකා.
වැරදි ඔප්පු කරන්න 11 වතාවක් අල්ලස් කොමිසමට එන්න කියලත් ගියේ නැහැ නේද.? ඉතින් සහෝදර ඇමති ගැන මොන කතාද?
ඕවා අපට දවල් හීන මහත්තයා ,තවත් අපට විහිළු කතා සපයනු එපා .
ඔව් ඉතින් වංචා කර තිබුනොත් වැඩිම වුනොත් පක්ෂයෙන් අයින් කරාවි. එහෙම නැතුව පොඩි මිනිහෙක් සුළු වංචාවක් කලාම හිරේට දානවා වගේ නම් වෙන එකක් නම් නැහැ. එහෙම තමයි බලවතාට එක නීතියකුත් දුබලයාට තවත් නීතියකුත් ලංකාවේ ස්ථාපිත වෙලා තිබෙන්නේ .
එතකොට කාගේද වැරදි ඔප්පු වුනේ ??? බයවෙන්න එපා ඔප්පු වෙන්නේ නෑනේ... වරදක් කරලා නඩු පැවරුවම පළමු දේ විය යුත්තේ තනතුරින් පහ කිරීම නොවීද? සාමාන්‍ය ජනතාවට අදාළ මේ නිතිය මෙයාලට අදාලම නැනේ.
මෙතන ඔප්පු වීම තමයි සිදු වෙන්නේ නැත්තේ. ඒක නිසා එතුමා වැරදිකාරයෙක් වෙන්නේ නැහැ .
එතුමා වරදකරු වුනොත් විදේශ ඇමතිකමෙන් ඉවත්කර අධිකරණ ඇමතිකම දිය යුතුයි.
යහ පාලනයෙන් වැරදි ඔප්පු වෙනවා නම් ඉතින් වදුරෝ ගස් යන එකකුත් නැහැ.
ඔප්පුවුනොත් ආණ්ඩුවට කලින් ජනතාව හා උසාවිය තීරණයක් ගනීවි. හොරුන්ගේ තාත්තලාගෙන් පේන අහන්ඩ අවශ්‍ය නැහැ.
කිසි වරදක් ඔප්පු කරන්න බැහැනේ. මේ යන විදියට, පාස්වර්ඩ් මතක නැහැ. මම දන්නේ නැහැ. මම හිටියේ නැහැ... කොහොමද ඔප්පු කරන්නේ? අවසානයේ ඔප්පු කරයි රටේ ජනතාවට වැරදිලා කියලා..
වැරදි ඔප්පු වුණොත් ස්විට්සර්ලන්තය වගේ රටක තානාපතිකරලා යවයි. ඊළඟ ඡන්දේදි අායෙමත් ඡන්ද දායකයෝ ඡන්දේ දීලා පාර්ලිමේන්තු යවයි. මෙයා කලින් වතාවක සතොසට කරපුදේ කාටද දැන් මතක තියෙන්නේ...?
හැබෑට, දැන් මේ රටේ අගමැති, ජනාධිපති තමුන් කියලා හිතාගෙනද දන්නැහැ මෙයා මේ විදියට කතා කරන්නේ. ඔක්කොටම කලින් මේ කැබිනට් විහිළු ප්‍රකාශක ඉවත් කරල ඉඳිමු.
දවල් හීනයක් ගැනද කියන්නේ?
ඔව් ඉතින් චීන නැව් කේස් එකත් ඔප්පු වුණේ නැහැනේ.... නේද මෙයා ....?