IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘වැරදි ඉරියව් අස්ථි ලෙඩේට මුලයි‘

බහුතරයක් කාන්තාවන්ට ඇති අස්ථි දිරායාමේ රෝගයට හොරිවිල වෙද ගෙදරින් දේශීය ඖෂධ ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගෙන ඇතැයි පාරම්පරික වෙදැදුරු එස්.එම්.ශාන්ත සෙනෙවිරත්න මහතා පවසයි.

හබරණ, අනුරාධපුර මාර්ගයේ පලුගස්වැව පිහිටි හොරිවිල වෙදගෙදර බොහෝ දෙස් විදෙස් කාන්තා පිරිමි දෙපාර්ශවයම නේවාසිකව ප්‍රතිකාර ලබති.

අත් පා හිරිවැටීම, එසවීමට නොහැකිවීම ආදී අපහසුතා ස්නායූ තෙරපීමක් හේතුවෙන් වන බවත් වැරදි ඉරියව් භාවිතයෙන් එය සිදුවන බවත් ශරීරයේ තෙරපීමකට ලක්වුණු ඇතැම් ස්ථාන සන්ධිවල කැල්සියම් නිපදවීමෙන් අස්ථි දිරායාම හා කුහර සෑදීම සිදුවන බවත් වෙද මහතා පෙන්වා දෙයි.

මෙවැනි රෝගීන් දිනකට 40ක් 50ක් පමණ පැමිණෙන බවත් රක්ෂිත විනාශ කිරීම, වියළි කාලගුණය හේතුවෙන් ඖෂධ සොයාගැනිම වත්මනෙහි ගැටළුවක් වී ඇති බවත් සෙනෙවිරත්න වෙද මහතා කියයි.

‘අද හොරිවිල වෙද මැදුරු වැහි වැහැලා. මේ රෝගයට බෙහෙත් සොයාගැනීමත් එක්ක මම කියන්නේ ජනතාවට පරිස්සම් වෙන්න කියලා. රෝග විකුණාගෙන කන ජාවාරම්කරුවන්ට හසුවෙන්න එපා. හොරිවිල ලෙඩ්ඩුන්ට වඩා දැන් වෙද්දු ඉන්නවා‘ යැයි සෙනෙවිරත්න මහතා පැවසීය.

හොරිවිල වෙද මහතා සම්බන්ධ කර ගැනීමට 0777039324 දුරකථන අංකයට ඇමතිය හැකිය.

DSC04675 DSC04684 DSC04690 DSC04691 DSC04697 DSC04708



අදහස් (0)

‘වැරදි ඉරියව් අස්ථි ලෙඩේට මුලයි‘

දුමින්ද Thursday, 02 July 2015 08:48 AM

මනුස්සකම සහ වෙදකම (නදී)

:       0       0

නිලාන් - කටාර් සිට Thursday, 02 July 2015 12:32 PM

හොරිවිල වෙද පරපුර දේශයේ පිනට පහළ වූ සැබෑ දෙවිවරු වන්නේය. රුපියල් පසුපස හඹායන ලෝකයේ වෙදකම,හෙදකම සහ මනුස්සකම තුළින් තම පාරම්පරික වෙද දැනුමෙන් පිරිපුන් ඔවුන් සැබවින්ම මහජනතාවට සේවය කරන්නේය. දුකටපත් රෝගීන් සුවපත් කරන්න‍ෙය. රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නම් මෙම සේවාව මීට වැඩිය පුළුල් තලයකට ගෙනඒමට හැක. ඔවුන්ගේ දැනුම ඊළඟ පරපුරටද ලබාදිය හැක. (නි)

:       0       0

බුද්ධි Thursday, 02 July 2015 01:46 PM

මෙවන් දෙවිවරුන් බඳු වෙද මහතුන් රටට වාසනාවන්! (නි)

:       0       0

බණ්ඩාර -කැකිරාව Thursday, 02 July 2015 01:48 PM

මට වයස අවුරුදු 12දි මම පාපැදියෙන් වැටී බරපතල තුවාල ලැබුවෙමි. මගේ වම් අතේ මැණික් කටුව ආසන්න අස්ථි දෙකම එළියට මතුවී තිබුනා. ඒ අවට තුවාල වී තිබිණා. අපේ අප්පච්චි මාව රෝහලට රැගෙන නොගොස් හොරිවිල වෙද මැදුරට රැගෙන ගියා. එවිට එම වෙද මැදුරේ සිටියේ ශාන්ත වෙද මහතායි. එවිට ඔහු අවුරුදු 25ක විතර තරුණයෙකි.(1993). එදා ඔහු වැඩිමහල් සොහොයුරන් නොමැතිවද මගේ අත නිසිපරිදි සකසන ලදී. තුවාලය වියළීමටද දේශීය ඖෂධ යොදාගත්තා. මාස 2න් මගේ අත යථා තත්වයට පත්වුණා. ඇත්තටම මම රෝහලට ගෙනගියා නම් පහසුකම් අඩු ප්‍රදේශයක අප ජීවත්වූ බැවින් මගේ වමත මට අහිමිවීමටද ඉඩ තිබුණි. එවන් වටිනා ප්‍රතිකාරයක් කළ එතුමා කිසිදු මුදලක් අයකළේ නැත. සැබවින්ම හොරිවිල වෙද පරපුර මනුස්සකමින් පිරිපුන් දෙවිවරුන්මය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 97 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site