බහුතරයක් කාන්තාවන්ට ඇති අස්ථි දිරායාමේ රෝගයට හොරිවිල වෙද ගෙදරින් දේශීය ඖෂධ ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගෙන ඇතැයි පාරම්පරික වෙදැදුරු එස්.එම්.ශාන්ත සෙනෙවිරත්න මහතා පවසයි.
හබරණ, අනුරාධපුර මාර්ගයේ පලුගස්වැව පිහිටි හොරිවිල වෙදගෙදර බොහෝ දෙස් විදෙස් කාන්තා පිරිමි දෙපාර්ශවයම නේවාසිකව ප්‍රතිකාර ලබති.
අත් පා හිරිවැටීම, එසවීමට නොහැකිවීම ආදී අපහසුතා ස්නායූ තෙරපීමක් හේතුවෙන් වන බවත් වැරදි ඉරියව් භාවිතයෙන් එය සිදුවන බවත් ශරීරයේ තෙරපීමකට ලක්වුණු ඇතැම් ස්ථාන සන්ධිවල කැල්සියම් නිපදවීමෙන් අස්ථි දිරායාම හා කුහර සෑදීම සිදුවන බවත් වෙද මහතා පෙන්වා දෙයි.
මෙවැනි රෝගීන් දිනකට 40ක් 50ක් පමණ පැමිණෙන බවත් රක්ෂිත විනාශ කිරීම, වියළි කාලගුණය හේතුවෙන් ඖෂධ සොයාගැනිම වත්මනෙහි ගැටළුවක් වී ඇති බවත් සෙනෙවිරත්න වෙද මහතා කියයි.
‘අද හොරිවිල වෙද මැදුරු වැහි වැහැලා. මේ රෝගයට බෙහෙත් සොයාගැනීමත් එක්ක මම කියන්නේ ජනතාවට පරිස්සම් වෙන්න කියලා. රෝග විකුණාගෙන කන ජාවාරම්කරුවන්ට හසුවෙන්න එපා. හොරිවිල ලෙඩ්ඩුන්ට වඩා දැන් වෙද්දු ඉන්නවා‘ යැයි සෙනෙවිරත්න මහතා පැවසීය.
හොරිවිල වෙද මහතා සම්බන්ධ කර ගැනීමට 0777039324 දුරකථන අංකයට ඇමතිය හැකිය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සකම සහ වෙදකම (නදී)
හොරිවිල වෙද පරපුර දේශයේ පිනට පහළ වූ සැබෑ දෙවිවරු වන්නේය. රුපියල් පසුපස හඹායන ලෝකයේ වෙදකම,හෙදකම සහ මනුස්සකම තුළින් තම පාරම්පරික වෙද දැනුමෙන් පිරිපුන් ඔවුන් සැබවින්ම මහජනතාවට සේවය කරන්නේය. දුකටපත් රෝගීන් සුවපත් කරන්නෙය. රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නම් මෙම සේවාව මීට වැඩිය පුළුල් තලයකට ගෙනඒමට හැක. ඔවුන්ගේ දැනුම ඊළඟ පරපුරටද ලබාදිය හැක. (නි)
මෙවන් දෙවිවරුන් බඳු වෙද මහතුන් රටට වාසනාවන්! (නි)
මට වයස අවුරුදු 12දි මම පාපැදියෙන් වැටී බරපතල තුවාල ලැබුවෙමි. මගේ වම් අතේ මැණික් කටුව ආසන්න අස්ථි දෙකම එළියට මතුවී තිබුනා. ඒ අවට තුවාල වී තිබිණා. අපේ අප්පච්චි මාව රෝහලට රැගෙන නොගොස් හොරිවිල වෙද මැදුරට රැගෙන ගියා. එවිට එම වෙද මැදුරේ සිටියේ ශාන්ත වෙද මහතායි. එවිට ඔහු අවුරුදු 25ක විතර තරුණයෙකි.(1993). එදා ඔහු වැඩිමහල් සොහොයුරන් නොමැතිවද මගේ අත නිසිපරිදි සකසන ලදී. තුවාලය වියළීමටද දේශීය ඖෂධ යොදාගත්තා. මාස 2න් මගේ අත යථා තත්වයට පත්වුණා. ඇත්තටම මම රෝහලට ගෙනගියා නම් පහසුකම් අඩු ප්‍රදේශයක අප ජීවත්වූ බැවින් මගේ වමත මට අහිමිවීමටද ඉඩ තිබුණි. එවන් වටිනා ප්‍රතිකාරයක් කළ එතුමා කිසිදු මුදලක් අයකළේ නැත. සැබවින්ම හොරිවිල වෙද පරපුර මනුස්සකමින් පිරිපුන් දෙවිවරුන්මය (නි)