තැපැල් වර්ජනය නිසා රථවාහන දඩ ගෙවීමට නොහැකි අයට දඩ මුදල් ගෙවීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල විශේෂ කවුළුවක් අද(20) සිට විවෘත කරන බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන පවසයි.

අවශ්‍ය පහසුකම් මෝටර් රථ දෙපාර්තුමේන්තුවෙන් සපයන බවත් ඔහු පැවසීය.