පසුගිය දවසක ලොකු වර්ජනේකට අර ඇඳපු සංගම් නායකතුමෙක් අන්තිම මොහොතෙ වර්ජනේ නැවැත්තුවා...
ගිය පාරත් අයවැයට විරැද්ධව මුලින්ම වර්ජන තර්ජන එල්ල කරපු මුන්නැහේට මේ පාරත් ඒ දේම කරන්න යෑම ගැන ලොකු දොස් මුරයක් අහන්න හම්බවුණා කියලත් ආරංචියි.
හැබැයි තතු දත් අය කියන්නෙ උන්නැහේ ඇත්තටම මේ පාර ඔය තර්ජනේ කළේ තමන්ගෙ සංගමේ වෙනුවෙන්ය කියල. එයා අයවැයට ලබා දුන්න යෝජනා දෙක තුනක් ආණ්ඩුව කුණු කූඩෙට දාපු එකට වාඩුව ගන්න කියලයි.
වර්ජනේ නවත්ත ගන්න ආණ්ඩුව එක්ක කරපු සාකච්ඡාවෙදිත් ඔය කතාවම ඇදගත්ත බවයි ආරංචි.
අන්තිමේදී වර්ජන ප්‍රශ්න කෙසේ වෙතත් එයාගෙ යෝජනා දෙකකට තැනක් දෙන්න මැති ඇමැති කස්ටිය කැමැති වුණාලු. ඒ ගමනලු තාවකාලික පදනමින්ය කියල ලේබලයක් ගහල වැඩේ කම්මුතු කළේ. ගිය ආණ්ඩුව කාලෙ මුන්නැහේ මේ වගේ ජරමරයක් කරන්න ගිහිල්ල ඉහළම මන්දිරේකදි ඇඟපත රත් කරගත්ත කියල ඒ කාලෙ කතාවක් පැතුරැණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd