වර්ජනයේ යෙදී සිටින මීගමුවේ ත්‍රී රෝද රියදුරන් හා පෞද්ගලික බස් රියදුරන් පිරිසක් කොළඹ - හලාවත දුම්රිය පාරේ ගල්කන්ද දුම්රිය ගේට්ටු කණුව අසල දුම්රිය පාර හරස් කර අද (2) පෙරවරු 11 සිට දුම්රියක් නවත්වාගෙන සිටිති.
වර්ජකයන් දුම්රිය මාර්ගයේ ටයර් ද කොටද දමා හරස් කර ඇතැයි ද කුරණ - ගල්කන්ද රේල් ගේට්ටුව අසල බාධක දමා ඇතැයි ද පොලිසිය ද එහි පැමිණ ඇතැයි ද කියති.
ජායාරූප - හියුබඩ් ප්‍රනාන්දු

![IMG_0020[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_00201.png)
![IMG_0003[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_00031.png)
![IMG_0006[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_00061.png)
![IMG_0012[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_00121.png)
![IMG_0018[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_00181.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි නොකර ඉන්නවානම් දඩ කන්න ඕන නැහැ. (ර)
සියල්ලන්ගේම රාජකාරි වලට බාධාවක් නේද මෙය? (ර)
වර්ජනය කරන්න තියෙන අයිතියට වගේම වර්ජනය නොකරන්න තියෙන අයිතියටත් ගරුකරන්න. (ර)
තාමන් හරියට ධාවනය කරනවානම් මොකද බය? (ර)
රසික, යහපාලනයට අපිත් ඡන්දෙ දුන්නා. දැන්වත් අපි යහපාලනයට කඩේ යන එක නවත්තමු. වර්ජයකයෝ සටන් කරන්නේ දඩ වියදම් අඩු කරගන්න. නැත්නම් වක්‍රාකාරව එම දඩ අපිටයි ගෙවන්න වෙන්නේ. රුපියල් 25,000ක් ගෙව්වම අපෙන් තමා එ්ක අයකරන්නේ වැඩි ගමන් ගාස්තු අය කිරීම තුලින්. (නි)
වැරදි කිරීමට අවසර ඉල්ලා වර්ජනය කරන එකම රට. මිනිස්සු බුරුතු පිටින් මරනවා, වාහනයක් හරියට හසුරුවා ගන්න බැරි මගමරුවෝ. මෙච්චරයි අයවැයෙන් කරපු එකම හොඳ දේ (නි)
මම අහන්නේ එතකොට දුම්රිය හරස් පාරේ දාන වාහන යට කරගෙන යන දුම්රිය දැන් කොහොමද නතර කළේ කියලා. යට කරගෙන යන්න තිබුනානේ. නේද. අනේද කියන්නේ (නි)
මේ වර්ජන නෙමෙයි, ත්‍රස්තවාදය. රටට, ජනතාවට පීඩා කරන මොවුන් අත්අඩංගුවට ගතයුතුයි (නි)
පාර්ලිමේන්තුවේ චණ්ඩි, තක්කඩි කෝ දැන් (නි)
මෙය තනිකරම රාජ්‍ය විරෝධී අපරාදකාරි ක්‍රියාවක් වහාම රජය වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කළයුතුයි නැතිනම් මෙය ආදර්ශයට ගෙන අනෙක් පුද්ගලයනුත් රටේ ගමනාගමන ප්‍රවාහනය කඩාකප්පල් කල හැකියි . (ම)
නීතියක් නැති රටක්!!! මේවට තද දඬුවම් දිය යුතුය. (ම)
මේ රට හදන්න බෑ කවදාවත්. සමහරුන්ට ඕනේ අයෙත් යුද්දයක්, සමහරුන්ට මහපාරේ සත්තුවගේ වාහන එලවන්න, නීතියක් නැතිව වල්බුරු නිදහස අත්විදින්න. හරිම දුකයි මේවා දකිනකොට. (ම)
වර්ජනය කරන්න එහෙත් කඩාකප්පල් වැඩකරන්න අයිතියක් නොමැත (ම)
මෙරටට යහපාලන ප්‍රතිපත්ති ගැලපෙන්නේ නැත.(ම)
කාලයක් ගැහුවා මැරුවා කියලා අපි ආණ්ඩුවට බැන්නා. මේවා දකිනකොට නම් ගහපන් කියලා කියන්න හිතෙනවා. එහෙම කළොත් ඒකත් නැවත වැරදි වෙන්න පුළුවන්. අපේ රටේ මිනිස්සු සීමාවක් ඇතුව යමක් කරන්න දන්නෙ නැහැ. (නි)
වර්ජන කිරීම වෘත්තීය අයිතිවාසි කමක් .උද්ඝෝෂණ කිරීමේ අයිතිය සියලු පුරවැසියන්ට හිමියි .නමුත් මෙවැනි කඩාකප්පල් කාරීන්ට ජීවිතේටම මතක හිටින දඬුවමක් ලබා නොදුන්නොත් සාමාන්‍ය ජනතාව ගේ මානව හිමිකම් කඩ කිරීමක් (ම)
කෝච්චියක් බලෙන් නවත්වා තැබීම බරපතල ක්‍රියාවක්! (ම)
රටේ විනය නැත්තටම නැතිවෙලා. රටම කුණු ගඳ ගහනවා. කවුද මේවට වගකියන්න ඕනෑ (නි)
සෑම විටෙකම වරදකට ගසන දඩය ඉසිලිය නොහැකි තරම් විශාල විය යුතුමය. නැතහොත් එය දඩයක් සේ නොසළකා ගණන් නොගෙන එම වරද යළි කරනු ඇත. මුදලේ අගය අඩුවීමත් සමඟ කලින් කලට දඩ මුදල් වැඩි කිරීම රටවල් විසින් සිදුකිරීම සාමාන්‍යය දෙයකි. (නි)
මගී ප්‍රවාහනය නොකරන උද්ඝෝෂණය කරන බස් වලට අපි ගල් ගහමු (නි)
ප්‍රමිතියෙන් යුතු වාහන පාරට දමන්න රජයෙන් වැඩකටයුතු යෙදිය යුතුයි ..දියුණු රටවල වගේ ටුවරිස්ට්ලා ප්‍රවාහනය කරන අධි සුඛෝප බෝගී වාහන ගෙන්වන්න අපිටත් ගමනක් යන්න පුළුවනි ..ආදායම රජයට නේද .? මැති ඇමතිලාට විතරමද මේ රටේ පහසුකම් වලින් යුතු සැප වාහන ඕනේ? මේ රටේ මේ මැති ඇමතිලාට සුර සැප දෙන්න බදු ගෙවන හිගන අපිට .. ගමනක් යන්න වාහනයක් නැහැ පාරේ ඒවත් කැඩිලා ..ඇතුලේ යන මිනිසුන්ට වඩා බස්වල පිට පැත්තේ යි මිනිසුන් පිරිලා යන්නේ එල්ලිලා බසයේ පිටත ..යකඩ කුරුවල ??? (බ)
අනේ මන්දා! රටේ හැමතැනම ප්‍රශ්න (නි)
මෙහෙම මිනිස්සු තමයි රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්නේ (නි)
මොවුන්ට රජයේ කදුළු ගෑස් වියදම් කළයුතු නැත. ලීසින් වාරිකය ගැන සිතා දැනටමත් මොවුන් රත්වී ඇත. ජනාධිපතිතුමනි, අපිට ඕනෑතරම් කාලයක් ඉවසන්න පුළුවන්. 25000 දඩය පුළුවන් නම් වැඩිකරනවා මිසක් අඩු කරන්න නම් එපා (නි)
නීතිය තමුන්ගේ අතට ගන්නාතුරු පොලිසිය කළේ මොකක්ද? (නි)
රටේ නීතියක් නැද්ද? මොවුන්ට මෙහෙම දඟලන්න ඉඩදෙන්නේ ඇයි? (නි)
කිසිම චාරයක් නැති මිනිස්සු. දෙයියන්ගේ නාමයෙන් දියුණු රජයේ ප්‍රවාහන සේවයක් ඇති කරපල්ලා. කෝටි ප්‍රකෝටි ගණන් වියදමින් ඇමතිවරුන්ට වාහන ගේනවා වෙනුවට රටේ මිනිසුන්ට වැඩට යන්න පහසුකම් සහිත වාහන ටිකක් ගෙන්වන්න. (නි)
ඇත්තටම මේ රටේ මෙහෙම සිදුවන්නේ ඇයි ? (ර)
ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදය ... (ම)
අනේ ඉතින් ගිය සැරේ කොත්තමල්ලි වගේ මේ සැරේ 25000/= දඩේ දාලා හැමෝගෙම අවධානය වෙන පැත්තකට දාලා රජයේ ඇමතිවරු හොඳට මුදල් ගසාකන්න තමන්ගේ අමාත්‍යංශ වලට මුදල් වෙන්කර ගත්තා. අපේ අට තවම 25000/=ට මරා ගන්නවා. (නි)
අැයි කඳුළු ගෑස් ගහලා එළවන්නේ නැත්තේ? (නි)
මෙවැනි අයට දැඩි දඬුවම් දිය යුතුයි. රටේ නීතියක් කොහිද? මේ රජයත් ඒවාට උල්පන්දම් දෙනවාද? සාමකාමී උද්ඝෝෂණ, වැඩවර්ජන වෙනයි, නීති උල්ලංඝනය කිරීම් වෙනයි. මෙවැනි දේවලට මීටවඩා රජයේ අවධානය යොමුවිය යුතුයි. (නි)
නීතිය කඩන්නට ඉල්ලනවා මදිවට නීතිය අතට අරගෙන මැර ක්‍රියාවන් සිදුකිරීමට ඉඩදී බලාසිටීම වටීද? මෙවැනි ක්‍රියාවන් ත්‍රස්තවාදී ක්‍රියාවන් හා සමාන වේ. මොවුන් අත්අඩංගුවට ගතයුතුය. රටේ නීතිය කඩන්නට නොව රකින්නට පවතින බව පෙන්විය යුතුය. (නි)
මේවා නම් හමුදාව දාලා හරි නවත්වන්න ඕනෑ (නි)
මේවා හරිම පහත් ක්‍රියාවන් කී දෙනෙක්ගේ වැඩ කටයුතු අඩපණ වෙනවද? අපි හැමෝම මිනිස්සුනේ (ර)
මෙම සියලු දෙනාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. මෙය රටට නරක ආදර්ශයක්. (ර)
මේවට ඉතින් අවම බලය මදි. (ර)
මොනාද මේ වෙන්නේ ?? මේවට දඩුවම් ලබා දෙන්න (ර)
කොන්ද පණ ඇති ආණ්ඩුවක අවශ්‍යතාවය දැනේ (නි)
වර්ජනය කළා නම් නුඹලාගේ වර්ජනය ගෙනයන්න. නමුත් දුම්රියක් නැවැත්වීම දඩුවම් ලැබියයුතු බලවත් වරදක්. අනිවාර්යෙන්ම මොවුන්ට දඩුවම් දියයුතුයි. (නි)
ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නේ? මෙහෙම සත්තු වගේ දෙන්නේ ඇයි ? (ර)
වැඩේ නැගල යවනවා වගේ. පාලකයන් රටේ නැද්ද ? (ර)
මෙය දුම්රිය දෙපාර්තමේන්තුවට කොපමණ පදුවක්ද.? (ර)