හිටපු ඇමතිවරයෙකු වන ගුණරත්න වීරකෝන් මහතා කරන්දෙනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පදවියෙන් ඉල්ලා අස් වු බව මෛත්‍රිපාල ජනපතිට දන්වා ඇත
එහෙත් ඔහු ජනපති විශේෂ අධ්‍යක්ෂක පදවියෙන් ඉල්ලා අස්වී නැත
ඉල්ලා අස්වීමට හේතුවක් පැහැදිළිව සඳහන්කොට නැතත් චන්දිම වීරක්කොඩි,නිශාන්ත මුතුහෙට්ටි,මනූෂ නානායක්කාරජ මහත්වරුන්ට වැඩි බලයක් ඇති බව පෙනි යන බවත්
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සිය නිවස අසල පන්සලකට පැමිණි නමුත් තමා හමු වීමට නොපැමිණීම බලවත් පීඩාවක් බවත් ඔහු පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා කියන එක හරියටම හරි, මේවගේ පටු විදියට හිතන අය තමයි අපේ රට පාලනය කරන්නේ. (බ)
ගෙදර නාවොත් වෙඩි තියනවා! පළාතේ අපිට ඔහොම මරාලයක් ඉල්ලා අස්වෙනවා කියන එක නිකන් රජ මගුල්! (බ)
රටේ පවතින දේශපාලන තත්ත්වය ඉදිරියේ ද සිල්වා මහතාගේ අදහස ඉතා කදිමය. රටේ අවශ්‍යතාවය හඳුනා ගැනීමට ජනතාව තවමත් දැනුවත් නැති බව බොහෝවිට පෙනෙන්නට ඇති කරුණකි. (බ)
මෙහෙම ඇමතිවරයෙක් හිටියද හැබෑට ? (බ)
ඔහු මහින්ද මහතා හමුවීමට පන්සලට යායුතුයි. එහිදී ගෙදරට එන්න කියා අාරාධනා කළයුතුයි. ඔබ ප්‍රදේශයේ පන්සලට පැමිණි එතුමාට ඔහු සුබ පැතුවාද? මේවා ඔහුගේ පැත්තෙන් සිදුවිය යුතු ඒවා. (නි)
ද සිල්වා, පළපුරුද්ද නොමැති රටට වැඩක් කළ හැකි උගත් බුද්ධිමත් අවංක තරුණ දේශපාලකයන්ගෙන් හොඳ තීරණ ගැනීමක් බලපොරොත්තු වියහැකිද. දේශපාලනය කළහැක්කේ පළපුරුද්ද ඇති අයටය. අද ගන්න තීරණය තව අවුරුදු 5 කින් රටට බලපාන්නේ කෙසේද කියා සිතන්න හැකියාවක් තිබිය යුතුය. එය ලැබෙන්නේ පළපුරුද්දෙන් මිස පාසල් අධ්‍යාපනයෙන් නොවේ. (නි)
අනේ අපි නොදන්නා කට්ටියනේ! (නි)
රට වැඩක් නොකර මහජන මුදලින් ජීවත්වන සමහර අය නැතිවෙනවා නම් රටට සේවයක් (නි)
මුලින් මහින්දට මඩ ගහලා දැන් සමහරු බොරුවට කිඹුල් කඳුලු හළනවා (නි)
සිංහයෝ එහෙම හැමෝම ළඟට එන්නෙ නැහැනේ (නි)
දැන් අපට අත්‍යවශ්‍යව ඇත්තේ රටට වැඩක් කළ හැකි උගත් බුද්ධිමත් අවංක තරුණ දේශපාලකයන්ය. කාගේහරි කුරහන් සාටකයක හෝ සාරි පොටක එල්ලී ගොඩයන්න හදන අය අපට අනවශ්‍යය. කුරුණෑගල මන්ත්‍රී මහින්ද එයාගේ ගෙදර අාවේ නැත කියා පදවියෙන් අස්වෙන එක බොළඳ කතාවකි. (නි)
කොළ පාට, නිල් පාට, රතු පාට මොවුන්ගේ පුද්ගලික ප්‍රතිපත්ති ක්‍රියාවේ යොදවනවා හෝ පුද්ගලික සුඛවිහරණය තරකර ගන්නවා හැරෙන්න, ජනතාවගේ සුබබුද්ධියට මොවුන්ගේ නම් තැනක් කවදාවත් ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තු ගියාට පස්සේ ඔවුන් හිතන්නේ අපි හරක් කියලා. (නි)