
(පද්මසිරි ගාර්දියවසම් )
වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ ඉඩමක ටකරන් යට සඟවා තිබූ පොහොර උර දෙකක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් අද සොයාගත් බව වීරකැටිය පොලිසිය පවසයි .
රුපියල් කෝටි ගණනක් වටිනා මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි .
සැකකරුවන් අතර වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ පිහිටි බේකරියක හිමිකරුවෙකුද සිටින බව පොලිසිය කියයි .
සැකකරුවන් මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් බවට සැකකරන බවද පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේච්චර ආරක්ෂිතව ප්‍රවේශමෙන් රහසිගතව ගෙනාවානම්, අනිවාර්යයෙන්ම මේවා මත්ද්‍රව්‍ය හෝ ඒකට වඩා භයානක මත්ද්‍රව්‍යයක් විය යුතුයි. රස පරීක්ෂණයේදී මේවා මත්ද්‍රව්‍ය නොවෙයි කියලා කියනවානම්, එක්කෝ පරීක්ෂකයෝ හරිහැටි පරීක්ෂණ කරන්න දන්නේ නෑ, නැත්නම් එවූ ද්‍රව්‍යවලම දෝෂයක්. මෙවැනි මත්ද්‍රව්‍ය එකම තැනකින් විතරක් පරීක්ෂා කරනවාට වඩා තවත් විශ්වාසදායක පුද්ගලික රසායනාගාරවලින්ත් පරීක්ෂා කර හරි විදිහට තහවුරු කර ගත යුතුයි. වඩාත් සුදුසු ක්‍රමය එසේ විය යුතු බවටයි මගේ අදහස. එකම ආයතනයක් මත විශ්වාසය තබන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි — එය සැකයට තුඩු දෙන කරුණක්.