පැරීසියේ සිංහල භාෂා පාඨශාලාව පවත්වා ගෙන යන ප්‍රංශයේ ශ්‍රී ලංකා අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය අටවන වරටත් වීර පුරන්අප්පු අභියෝගතා වාර්ෂික එල්ලේ තරගය ලබන ඉරිදා (22) උදේ 10ට පැරිසියට නුදුරින් පිහිටි සුපුරුදු බගතලේ ක්‍රීඩාංගනයේදී පවත්වන බව කේන්ද්‍රයේ සභාපති රණවි බණ්ඩාර මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අසෝකයි කුමාරියි සන්දු වෙන්න එපා . පැරිසියේ එල්ලේ විතරයි අඩුවකට තිබුනේ .දැන් එල්ලෙත් තියනවා . නියමයි ! නරබන්නයි තියෙන්නේ . (ත)
මමත් එනවා ඔන්න හොදේ
අනේ මට එන්න විදියක් නැහැ. ජසින්ත අක්කගේ පිලට ජය වේවා! (නි)
අනේ මට කා එක්කවත් රංඩු කරන්න උවමනාවක් නැහැ. මම ලියපු එකෙන් බාගයයි දාල තියෙන්නේ. සම්පුර්ණයෙන්ම දැන්ම නම් ඔයාල තේරුම් ගනීවි මට කියන්න ඕනේ උන දේ;;;? මොනවා වෙතත් කතු තුමාගේ අදහසටත් හිස නැමිය යුතුයි නේ.(නදී)
මිලානෝවල සහ පැරිසියේ එල්ලේ තරග පවත්වනවා. එල්ලේ උපන් රටේ කුඩම්මාගේ සැලකිලි. සංවිදායකයිනි මොනදේ කරන්ට ගියත් උපකාර නොකරන අය අවලාද කියාවි ඔබලා ලස්සනට තරග පවත්වලා අන් අයට ආදර්ශයක් වන්න.(නදී)
කොහොම උනත් අපිත් කාලයක් ඕවට සම්බන්ද වෙලා හිටියා. දැන් දරුවෝ ලොකු හින්දා සහභාගි වීමට අපහසුයි. ජසින්තා රණවීර මහත්මිය, මේ එල්ලේ තරගාවලිය නිර්මාණය කර සුළු පිරිසකගේ සහයෝගයෙන් පවත්වාගෙන යාම පැසසිය යුතුයි.(නදී)
නිමල් අයියා පැරිසියේ ඉන්න රණවිරුවොයි දේශහිතයිසියොයි කරන්නේම පහන් පුජානෙ ? (නදී)
අනේ! ඔය තරගය ගැනනම් කියලා වැඩක් නැහැ.බලමු සාධාරන තරගයක් මෙවර පවතීද කියලා (නි)
විදේශයකදී මේවා සංවිධානය කරන කොට ගොඩක් බාධක අපහසුතා, අතපසුවීම් සිදුවෙනවා. මේ වගේ රටවලදී කට්ටිය එකතු වෙන එක ගැනවත් සතුටු වෙන්න. (ස)
ප්‍රංශයේ ප්‍රථම සිංහල පාසැල පටන් ගත්තේ මෙම සංවිධානයයි. අපි එයට ඔවුන්ට ගරු කළ යුතුයි .විශාල කැපවීමකින් වැඩ කරන ඔවුන්ගේ එල්ලේ තරඟය සාර්ථක වේවායි අපි පතමු . (නි)
අශෝක,අනේ මේ ඔය එකතු වීම ගැනනම් කතා කරන්න එපා (නි)
කුමාරි, කොහොම වුණත් එහෙම හරි එකතුවෙන එක ගැන සතුටු වෙන්න. නැත්නම් පිටරවල ඉන්න අය ඔහේ ජීවත් වෙනවා. මේ වගේ දේවල් වලින් අපේ ලංකාවටත් මොනම විදියෙන් හරි පුංචි හරි උදව්වක් වෙනවනේ. මුල්ම බෞද්ධ සමිතිය හදන්න ලංකාවේ මිනිසුන්ව එකතු කරගත් හැටි දන්නවා නම් ඔයා ඔහොම කියන්නේ නැහැ. ඔයාට වැඩිය හොදට මම ඔය සමිති ගැන දන්නවා. මොනහරි විදියකින් සිංහලයෝ එකතුවෙන එකටත් ලංකාවට මොකක්හරි උදව්වක් වෙන එක ගැනත් හිතලා සතුටු වෙන්න. (නි)