සංවර්ධනය කරා රට යොමු කළ නොහැකිවූ ඇතැම් නායකයන් රටේ වත්මන් සංවර්ධනය පිළිබඳව පසු වන්නේ වෛරකාරී චින්තනයකින් යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගම්පොළ පැවැති ජන රැලියකදී කීය.
අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න, මධ්‍යම පළාත් සභාවේ අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිතීඥ අනුරාධ ජයරත්න මහතා ප්‍රමුඛ මහජන ක්‍රියාකාරීන් රැලිය සංවිධානය කර තිබුණි.
‘‘ගම්පොල ඉදලා කොළඹට යන්න කොපමණ පමණ කාලයක් ගත වෙනවාද? පැය හතර හමාරක් පමණ ඒ සදහා ගත කළ යුතුයි. කාපට් යෙදා මාර්ග සකස් කිරීමට පෙර පැය පහක් පමණ ගතවුණා. නමුත් යෝජිත අධිවේගී මාර්ගයෙන් තව වසර කිහිපයකින් පසු ඔබට පැයකුත් මිනිත්තු දහයකදී කොළඹට ළඟා විය හැකි බව මම සතුටින් පවසනවා.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු දැන් හොඳින් තේරුම් අරගෙනයි තියෙන්නේ (නි)
ඔබට ජයෙන් ජය! (නි)
ඔබතුමා දිනනවා දිනනවාමයි (නි)
අපි මෛති‍්‍රපාල සිරිසේන මහතා දිනවමු (නි)
මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනපති වුණාම ..කොමිස් ගහන්න යන මුදලුත් සංවර්ධනයට යොදවනවා .එ් නිසා අපි මෛති‍්‍රපාල සිරිසේන මහතා දිනවමු (අ)
රටේ සිද්ධ වෙන දේවල් බලනකොට වෛරී දේශපාලනය කරන්නේ කව්ද කියන එක හොදටම තේරෙනවා.(අ)
ඔබතුමාගේ ජයයි අපේ එකම පැතුම! (නි)
වෛරකාරී චින්තනයේ ප්‍රතිඵලය පළිගැනීමම ලෙස මම නොදකිමි. (නි)
මම මේ රටේ අවුරුදු 34 තිස්සේ ජීවත් වෙනවා. ජයවර්දන පාලනය , ප්‍රේමදාස පාලනය චන්ද්‍රිකා පාලනය රටේ සංවර්දනයට කළ දේවල් මොනවද කියල ජනතාව දන්නවා. මහවැලි ව්‍යාපාරයෙන් පසු මහින්ද ගේ පාලන කාලයේ රටට ලැබුණු සංවර්දනය ගැන පොතක් ලියන්න පුළුවන්. මහා මාර්ග දුම්රිය සහ දුම්රිය මාර්ග ගුවන් සේවය, වරාය පාසැල්, ජල විදුලි, තාප විදුලි ආදී ඉදිකිරීම් අංශයෙන් ලබාගත් ප්‍රතිපල ලැබෙන්න තියන ප්‍රතිපල ඉමහත්. මේ දේවල් මහින්දගේ පෞද්ගලික පරිහරණයට අදාල නැත. නායකයන් කතාකරන තරමට වැඩ කරනවා නම් මෙරට සංවර්දනය වී හමාරයි. එ්ත් අප නිදහස් වී අවුරුදු 70 කිට්ටු වී ඇත . විපක්ෂ නායකයන් ගේ කතා වලට රැවටෙන මිනිස්සු තවම ඇත. (නදී)
රටේ සමහර කොටසක් විරුද්ධ හෝ වයිර කරන්නේ සංවර්දනයට නොව සංවර්දනය මුවාවෙන් කෝටි ගණන් මුදල් වංචා කර පෞද්ගලික සුක විහරණය පතා කටයුතු කිරීමට. සමහරුන්ට මේවා පෙනේන්නේ නැහැ හෝ දැක්කත් නොදැක්කා සේ නොසිටීම තමා අනික් කරුණ (නදී)
සමහර මිනිස්සු, මොනතරම් රටට පාඩුවුණත් තමන්ගේ පක්ෂයේ වැරදි වහගන්න පෙරමුණ ගන්නවා. බුද්ධිමත් පාක්ෂිකයෝ ඉන්නවා තමන්ගේ පක්ෂයේ වුණත් වැරදි අනුමත නොකරන. හැබැයි මුලින් කී පාක්ෂිකයෝ හිතනවා නම් රටේ සියලු ජනතාව ඕවා පිළිගනීවි කියලා, ඒක එහෙම නොවෙන වගත් දැනගත යුතුයි. (නි)
පුද්ගලික වින්තනයන් වලට රට පාලනය කරන්න දෙන්න එපා. රටට අවශ්‍ය පොදු චින්තනයක් ගොඩ නගන්න. (නදී)
ඔබතුමාගේ රට වෙනුවෙන් ඇති සංකල්පය අපි අගය කරමු. ඔබතුමා නිවැරදි ගමනක යනතාක් කල් අපි ඔබතුමා සමගයි. ජනපතිට ජය. (ර)
කෙනෙකු කතාකරන විලාශයෙන් ඔහුගේ හැඟීම් සොයාගත හැක (නි)
කවුරු ජනපති උනත් ආණ්ඩු බලය තියාගන්න අඩුම තරමින් ඇමතිවරු 113ක් සතුටු කරන්න ඕනා. එ්ක මේ ක්‍රමයේ වැරැද්ද. ඇමතිවරු කියන්නේ මහජන ඡන්දයෙන් පත්වන අය. වැරදි කරන ඇමතිවරු එලවන එක ජනතාව කරන්න ඕන. රටක් ස්ථාවරව තියාගන්න මේ ජනපති දරන උත්සාහය අගය කරන්න ඕනා. (නදී)
අපි ජිවත්වන රටේ තියන පාර වල්වලට අමතරව තව පාරවල් හදනවා, ලංකාවේ එහෙම කලොත් කියාවි කොමිස් ගහන්න කරනවා කියා, කිසි අයෙක් කිසිම දෙයක් කියන්නේ නැහැ , හරිම සංවරයි ඒවගේම , සහයෝගයයි.(හේ)
ඔබ තුමා අපිට අපේ ජාතියට දෙවි කෙනෙක්. අපි ඔබ සමගයි (නදී)
ඔබතුමා අපට දෙවි කෙනෙක් හා සමානයි. අපි ඔබ සමඟයි. (අ)
තරුණ කතාවට දක්ෂ කාන්තාවන් කීප දෙනෙක් වේදිකාවට නැති කම බොහොම බොහොම ලොකු අඩුවක්. ඉක්මනට එය පුරවන්න. (නදී)
දැන් ජනාධිපති තුමා කියනවා මට තව අවුරුදු 2ක් තියෙනවා, මමයි ඉදිරි අවුරුදු 2කේ ජනපති කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව කියල තියෙනවා ජනපති පුටුවේ සිටින ජනපති ඡන්දෙන් පැරදුනොත්, ඔහුගේ කාලය ඡන්ද ප්‍රතිපල නිකුත් වූ විට ඉවරයි කියලා. කියවන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(4)(b) (නදී)
වෛර චින්තනය (නදී)
වැඩේ නම් හොඳයි. ඒ වුණත් වියදම නම් බොහොම වැඩියි (නි)
මෛත්‍රීපාල මහත්තයා කියනවා අපි එක අධිවේගයක් හදනකොට ඒ සල්ලි වලින් ඒගොල්ලෝ 3 ක් හදනවලු. ගිහින් තිබෙන වියදම් බැලුවහම එහෙම කරන්න පුළුවන් කියලො මටත් හිතුනත් මහින්ද මහත්තයා හදලා දෙන එක අධිවේගය අපිට අධිවේග 3 කට වැඩිය වටිනවා. (නි)
ජනපතිට ජයෙන් ජය....යුද්දේ දිනවපු මනුස්සයකුට මේ රට හදන්නත් පුළුවන්...හොරකම් කරානම් මේ පොළොවේ මෙච්චර කාලයක් කාටවත් රජකන් කරන්න බැ...අතීතය බැලුවම පේනවා එක....(අ)
අය්යෝ සල්ලි .. (අ)
ජයවේවා තව දීර්ග පාලනයකට ඔබතුමාට රට බාරයි. (නදී)
හැමදාම ප්‍රශ්නයකට තිබෙන්නේ කාට කාටත් බලය තිබෙනකොට මොළය නැතිවීමත්, මොළය තිබෙනකොට බලය නැතිවීමත්ය. ඔබතුමා මුලින්ම අර කලින් කියපු චින්තනය ක්‍රියාතමක කරනවා නම් අපි කැමතියි (නි)
අපේ රටේ බහුතරය බුද්ධිමත්. පැහැදිලි කිරීමක් නැතත් ඇත්ත දන්නවා. (නි)
තාම මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ පිට රටවල් වලින් ණය අරන් පාරවල් හදල හරියන්නේ නැහැ කියලා. ණය මුදල් වලින් පුළුල් වනතරම් කරන්න ඕනේ ආපහු සල්ලි හම්බෙන දේකට ආයෝජනය කරන්නයි. කර්මාන්ත හදන්න ඕනේ. කර්මාන්ත හැදුනම රටේ හැම තැනම පාරවල් ටික ගොඩක් දුරට නිකන්ම හැදෙයි. (නදී)
ඔබතුමා කිසිවකින් නොසැළෙන්න (නි)
මිනිස්සු හොඳට දන්නවා දැන් (නි)
අවංකව වැඩ කළා නම් කිසි ප්‍රශ්නයක් නැහැනේ (නි)
ජනපතිඳුනි, ඔබ රට නිවැරිදි මාර්ගයට ගත්තා. ඒ වගේම රටේ ජනතාවගේ ජීවන තත්ත්වය තව උසස් කරලා යහපාලනය ස්ථාපිත කරන්න. ඔබට ජය නියතයි (නි)