වෙසක් දිනයේදී නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයාදෙන වයිෆයි දන්සල් දෙකක් කොළඹදී සහ මාතරදී සක්‍රිය කරන බව ජාතික තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකාර ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පැවසීය.
ශ්‍රී ලාංකික ඉතිහාසයේ මෙවන් වයිෆයි දන්සල් දෙකක් සක්‍රිය කරන ප්‍රථම අවස්ථාව මෙය වන්නේය.
කොළඹ වයිෆයි දන්සල ලේක්හවුස් වෙසක් කලාපයේ සක්‍රිය කෙරෙයි. මාතර පුස්තකාලය සහ රෝහල් පරිශ්‍ර ආවරණය කෙරෙන ආකාරයට මාතර වයිෆයි දන්සල සක්‍රිය කෙරෙයි.
මෙම සද්කාර්යය සඳහා ඩයලොග් සහ ලංකාබෙල් ආයතන තම දායකත්වය ලබාදී ඇත.
මේවන විට වයිෆයි කලාප අසූතුනක් රටතුළ සක්‍රිය වෙයි. ප්‍රථම වයිෆයි කලාපය සක්‍රිය වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රියපළ පරිශ්‍රයේදීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වයිෆයි දන්සල් දෙකක්
මාපලගම පත්මා Wednesday, 29 April 2015 06:24 AM
අලුත් ලෝකයේ තාක්ෂණය දන්සලක් වශයෙනුත් අපට ලැබෙනවා , මෛත්‍රී යහපාලනයට පින් සිදු වන්නට , මේවා කොහෙන් කෙළවර වේද කියන්න අමාරුයි (බ)
තුෂාර Wednesday, 29 April 2015 07:05 AM
දෙයියෝ සාක්කි.(හේ)
මනුල Wednesday, 29 April 2015 07:19 AM
චමල් හරියටම හරි.(හේ)
අනුර Wednesday, 29 April 2015 07:41 AM
රටේ සියලුම ගම් පළාත් ආවරණ වනපරිදි අතර්ජාලය ව්‍යාප්ත කරන්න සාධාරන මිලක් ඒ වෙනුවෙන් ස්ථාපිත කරන්න රටකට ඕනි අපමණ අගයක් හැමදේම නගරයට සිමා වීමෙන් අපේ ගම්බද දුවා දරුවන් හට සමාජයේ යම්කිසි වෙනසක් වෙන්න පුළුවන් මේ පරතරය හදුනා ගැනීම බලධාරින්ගේ වගකීමක්! (බ)
සඳුන් Wednesday, 29 April 2015 07:42 AM
සුනිල් ගිකියනගේ, මේක චන්ද පොරොන්දුවක්. ඡන්දෙට පස්සේ මම දැක්ක ගොඩක් අය මේ ගැන මතක් කරලත් තිබුන. ගමට තාක්ෂණය ගෙන යාම අවශ්‍ය බව විවාදයකින් තොරව පිලිගන්නවා.(බ)
නුවන් Wednesday, 29 April 2015 08:49 AM
චමල් ඔයාට එපා නම් නිකන් ඉන්න , අපිට අවශ්‍යයි අන්තර්ජාලය.(හේ)
කසුන් එංගලන්තය Wednesday, 29 April 2015 10:42 AM
වෙසක් පෝය දවසෙත් කට්ටිය ෆේස් බුක් විකාරෙන් ඉඳි වගේ. (බ)
ටෙනි Wednesday, 29 April 2015 10:46 AM
මොන දේ ලැබුනත්,එය සිහි බුද්ධියෙන් පාවිච්චි කළොත්, හැමදේම හරියට කෙලවර වේවි.(බ)
දුමින්ද Wednesday, 29 April 2015 04:56 AM
අන්තර්ජාලයෙන් කෙලෙස් වඩවන්න මගක් (බ)
චමල් Wednesday, 29 April 2015 04:59 AM
දන්සලක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති උන් බුදු දහම මොඩිෆයි කරන්න යනවා. දන්සල යනු දාන ශාලාවක්. එ්කෙන් අාහර මිසක් විනෝද රසාස්වාදය දීම නොකළ යුතුයි. වෙනත් නමක් යොදාගෙන ඕක දුන්නට ගැටළුවක් නැහැ (බ)
සුමුදු හේවා Wednesday, 29 April 2015 09:21 PM
වෙසක් සමයේදී දාන ශීල භාවනාවන්හි යෙදී කුසල් රැස්කර ගැනීමත් කෙළෙස් තුනීකර ගැනීමෙහි උත්සුකවීමත් එසේ කිරීමට අන්‍යයන්ට ද ආධාර අනුබල ලබාදීමත් සිරිතයි. කෙළෙස් තුනීකරන දෙයට වඩා කෙළෙස් වඩන දෙයට වඩාත් ප්‍රසිද්ධ අන්තර්ජාලයෙන් බණ ඇසීමට මේ වයිෆයි දන්සලෙන් දෙන වයිෆයි මිනිස්සු යොදා ගනීවියැයි ඔබට සිතෙනවාද? මෙලෙස බෞද්ධ සංකල්ප උචිතානුචිතභාවය නොතකා නවීකරණය නිසා අන්තිමේදී මත්පැන් දන්සල් සහ සම්බාහන දන්සල් ගැනත් අනාගතයේදී අසන්නට ලැබුණොත් ඔබ පුදුම වියයුතු නැහැ. (නි)
අරුණ Wednesday, 29 April 2015 05:10 AM
වයි ෆයි , හයි ෆයි , පොකටුවේ නැහැ සතේ ...නන්නත්තාර තරුණ පරපුරක් .... චිකාගෝවක සුබ පෙර නිමිති ... (බ)
සුනිල් ගිකියනගේ Wednesday, 29 April 2015 05:18 AM
රටේ අවශ්‍යතාව තේරෙන්නේ නැහැ. කිසි කෙනෙක් නොමිලේ ඉන්ටර්නෙට් ඉල්ලුවේ නහැ. මට ඕනේ සල්ලි දීල 4 G හෝ ADSL සම්බන්ධතාවක් නමුත් මම ඉන්න ගමට ඔය මුකුත් නැහැ. කරුණා කරල රටේ හැම ප්‍රදේශයකටම තාක්ෂණය නිසිපරිදි ගෙන යන්න (බ)
අජිත් කරුණාරත්න Wednesday, 29 April 2015 05:29 AM
චමල් කියන එක හරි. ඒත් " දන්සල" කියන වචනය දාන ශාලාවට විතරක් නොවෙයි. මල් දන්සැල, වතුර දන්සැල. කුරුම්බා දන්සැල, අයිස් ක්‍රීම් දන්සැල වගේ නම් වලින් සැලක් නොහොත් ශාලාවක් නොමැතිව එළිමහනේ දන් දෙනවා. මේවා දානයක් ලෙස සලකා දෙන නිසා දන්සැල කියා භාවිතා කරනවා. අර්ථ කථනය කිරීමේදී මෙය නොගැලපීමක් තියෙනවා. එහෙත් රටේ භාවිතය ඒකයි.. (බ)
හරීන්ද්‍ර Wednesday, 29 April 2015 05:53 AM
චමල්, එතකොට මල් දන්සල් දෙන්නේ? (ර)
දිමුත් Wednesday, 29 April 2015 06:03 AM
නියමයි. ඔහොම යන් ඉස්සරහට (ම)