වෙසක් දිනයේදී නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයාදෙන වයිෆයි දන්සල් දෙකක් කොළඹදී සහ මාතරදී සක්‍රිය කරන බව ජාතික තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකාර ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පැවසීය.
ශ්‍රී ලාංකික ඉතිහාසයේ මෙවන් වයිෆයි දන්සල් දෙකක් සක්‍රිය කරන ප්‍රථම අවස්ථාව මෙය වන්නේය.
කොළඹ වයිෆයි දන්සල ලේක්හවුස් වෙසක් කලාපයේ සක්‍රිය කෙරෙයි. මාතර පුස්තකාලය සහ රෝහල් පරිශ්‍ර ආවරණය කෙරෙන ආකාරයට මාතර වයිෆයි දන්සල සක්‍රිය කෙරෙයි.
මෙම සද්කාර්යය සඳහා ඩයලොග් සහ ලංකාබෙල් ආයතන තම දායකත්වය ලබාදී ඇත.
මේවන විට වයිෆයි කලාප අසූතුනක් රටතුළ සක්‍රිය වෙයි. ප්‍රථම වයිෆයි කලාපය සක්‍රිය වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රියපළ පරිශ්‍රයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ලෝකයේ තාක්ෂණය දන්සලක් වශයෙනුත් අපට ලැබෙනවා , මෛත්‍රී යහපාලනයට පින් සිදු වන්නට , මේවා කොහෙන් කෙළවර වේද කියන්න අමාරුයි (බ)
දෙයියෝ සාක්කි.(හේ)
චමල් හරියටම හරි.(හේ)
රටේ සියලුම ගම් පළාත් ආවරණ වනපරිදි අතර්ජාලය ව්‍යාප්ත කරන්න සාධාරන මිලක් ඒ වෙනුවෙන් ස්ථාපිත කරන්න රටකට ඕනි අපමණ අගයක් හැමදේම නගරයට සිමා වීමෙන් අපේ ගම්බද දුවා දරුවන් හට සමාජයේ යම්කිසි වෙනසක් වෙන්න පුළුවන් මේ පරතරය හදුනා ගැනීම බලධාරින්ගේ වගකීමක්! (බ)
සුනිල් ගිකියනගේ, මේක චන්ද පොරොන්දුවක්. ඡන්දෙට පස්සේ මම දැක්ක ගොඩක් අය මේ ගැන මතක් කරලත් තිබුන. ගමට තාක්ෂණය ගෙන යාම අවශ්‍ය බව විවාදයකින් තොරව පිලිගන්නවා.(බ)
චමල් ඔයාට එපා නම් නිකන් ඉන්න , අපිට අවශ්‍යයි අන්තර්ජාලය.(හේ)
වෙසක් පෝය දවසෙත් කට්ටිය ෆේස් බුක් විකාරෙන් ඉඳි වගේ. (බ)
මොන දේ ලැබුනත්,එය සිහි බුද්ධියෙන් පාවිච්චි කළොත්, හැමදේම හරියට කෙලවර වේවි.(බ)
අන්තර්ජාලයෙන් කෙලෙස් වඩවන්න මගක් (බ)
දන්සලක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති උන් බුදු දහම මොඩිෆයි කරන්න යනවා. දන්සල යනු දාන ශාලාවක්. එ්කෙන් අාහර මිසක් විනෝද රසාස්වාදය දීම නොකළ යුතුයි. වෙනත් නමක් යොදාගෙන ඕක දුන්නට ගැටළුවක් නැහැ (බ)
වෙසක් සමයේදී දාන ශීල භාවනාවන්හි යෙදී කුසල් රැස්කර ගැනීමත් කෙළෙස් තුනීකර ගැනීමෙහි උත්සුකවීමත් එසේ කිරීමට අන්‍යයන්ට ද ආධාර අනුබල ලබාදීමත් සිරිතයි. කෙළෙස් තුනීකරන දෙයට වඩා කෙළෙස් වඩන දෙයට වඩාත් ප්‍රසිද්ධ අන්තර්ජාලයෙන් බණ ඇසීමට මේ වයිෆයි දන්සලෙන් දෙන වයිෆයි මිනිස්සු යොදා ගනීවියැයි ඔබට සිතෙනවාද? මෙලෙස බෞද්ධ සංකල්ප උචිතානුචිතභාවය නොතකා නවීකරණය නිසා අන්තිමේදී මත්පැන් දන්සල් සහ සම්බාහන දන්සල් ගැනත් අනාගතයේදී අසන්නට ලැබුණොත් ඔබ පුදුම වියයුතු නැහැ. (නි)
වයි ෆයි , හයි ෆයි , පොකටුවේ නැහැ සතේ ...නන්නත්තාර තරුණ පරපුරක් .... චිකාගෝවක සුබ පෙර නිමිති ... (බ)
රටේ අවශ්‍යතාව තේරෙන්නේ නැහැ. කිසි කෙනෙක් නොමිලේ ඉන්ටර්නෙට් ඉල්ලුවේ නහැ. මට ඕනේ සල්ලි දීල 4 G හෝ ADSL සම්බන්ධතාවක් නමුත් මම ඉන්න ගමට ඔය මුකුත් නැහැ. කරුණා කරල රටේ හැම ප්‍රදේශයකටම තාක්ෂණය නිසිපරිදි ගෙන යන්න (බ)
චමල් කියන එක හරි. ඒත් " දන්සල" කියන වචනය දාන ශාලාවට විතරක් නොවෙයි. මල් දන්සැල, වතුර දන්සැල. කුරුම්බා දන්සැල, අයිස් ක්‍රීම් දන්සැල වගේ නම් වලින් සැලක් නොහොත් ශාලාවක් නොමැතිව එළිමහනේ දන් දෙනවා. මේවා දානයක් ලෙස සලකා දෙන නිසා දන්සැල කියා භාවිතා කරනවා. අර්ථ කථනය කිරීමේදී මෙය නොගැලපීමක් තියෙනවා. එහෙත් රටේ භාවිතය ඒකයි.. (බ)
චමල්, එතකොට මල් දන්සල් දෙන්නේ? (ර)
නියමයි. ඔහොම යන් ඉස්සරහට (ම)