නොමිලේ   අන්තර්ජාල  පහසුකම්   සපයා   දෙන  “වයිෆයි” කලාප  සෑම  ප්‍රාදේශිය  ලේකම්   කොට්ඨාසයකම  ආවරණය   වන  අන්දමින් සක්‍රිය  කිරිමට   කටයුතු   කරගෙන  යන  බව  ජාතික  තොරතුරු   තාක්ෂණ  සන්නිවේදන  නියෝජිතායතනයේ   වැඩසටහන් කළමණාකාර   ගවස්කාර්  සුබ්‍රමනියම්  මහතා   පැවසීය.

විදේශ   අමාත්‍යාංශයේ  නියමයකට   අනුව  මෙම  කර්තව්‍ය  ක්‍රියාවට   නැංවෙයි.

මේ   වන  විට  දිස්ත්‍රික්   දහ හතක්   ආවරණය  කරමින්   වයිෆයි   කලාප  අසුවක්   සක්‍රීය  කර  ඇත. මෙම  මාසය  අවසන්   වන විට  එම  සංඛ්‍යාව  සිය  දක්වා   වැඩි  කිරිමට   නියමිතය.