IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වයිෆයි තවත් පැතිරෙයි

නොමිලේ   අන්තර්ජාල  පහසුකම්   සපයා   දෙන  “වයිෆයි” කලාප  සෑම  ප්‍රාදේශිය  ලේකම්   කොට්ඨාසයකම  ආවරණය   වන  අන්දමින් සක්‍රිය  කිරිමට   කටයුතු   කරගෙන  යන  බව  ජාතික  තොරතුරු   තාක්ෂණ  සන්නිවේදන  නියෝජිතායතනයේ   වැඩසටහන් කළමණාකාර   ගවස්කාර්  සුබ්‍රමනියම්  මහතා   පැවසීය.

විදේශ   අමාත්‍යාංශයේ  නියමයකට   අනුව  මෙම  කර්තව්‍ය  ක්‍රියාවට   නැංවෙයි.

මේ   වන  විට  දිස්ත්‍රික්   දහ හතක්   ආවරණය  කරමින්   වයිෆයි   කලාප  අසුවක්   සක්‍රීය  කර  ඇත. මෙම  මාසය  අවසන්   වන විට  එම  සංඛ්‍යාව  සිය  දක්වා   වැඩි  කිරිමට   නියමිතය.



අදහස් (0)

වයිෆයි තවත් පැතිරෙයි

ප්‍රකාශ් Saturday, 25 April 2015 04:07 AM

මීට වඩා කළයුතු දේ තියෙනවා.අලුත් ඡන්ද කඩා ගන්න විනාශකාරී දේ මාධ්‍ය සංදර්ශනයක්සේ ඉදිරියට ගේනවා (බ)

:       0       0

සුමුදු Friday, 24 April 2015 09:59 AM

අපොයි ඔව්. දුමින්ද පහුගිය කාලයේදී අපේ රටේ තරුණ පරපුර ඔය පිළිකාකාරක විද්‍යුත් චුම්භකත්වයට නිරාවරණය වීම හින්දා දැන් අපේ රටට ම අති දරුණු පිළිකාවක් වැළඳිලා. තාම දින සීය ගෙවුණා විතරයි. ඒත් වෙච්චි හානිය නම් අපමණයි. හොඳ කරන්නත් හුඟක් මහන්සි වෙන්න වෙයි වගේ. (ස)

:       0       0

සා Friday, 24 April 2015 10:17 AM

දුරකතන සිග්නල් නැති ගම් තවමත් තියෙනවා නේද? අපේ ගම දෙනියාය කොලවෙනිගම මේ ගැනත් සිතුවොත් හොදයි නේද ? (ස)

:       0       0

ලක්මාල් Friday, 24 April 2015 11:20 AM

දැන් කොටුවේ දුම්රියපොළේ ෆ්‍රී වයි ෆයි වැඩ කරන්නෙත් නැහැ. මේ වයාපෘතිය ගැන පරීක්සණ කළොත් මොකද?(දිල්)

:       0       0

ප්‍රභා Friday, 24 April 2015 11:47 AM

යන්න පාරක් නැති පාලමක් නැති බොන්න වතුර ටිකක් නැති පාසලක් නැති ගම් කීයක් නම් මේ රටේ තියෙනවද? මට පෙන්නේ ඡන්දෙට ෆේස් බුක් සටන සුදානම් කරනවා වගේ. (ස)

:       0       0

ශාන සෞදි Friday, 24 April 2015 12:09 PM

වියලුනු තණකොළ කකා වියලුනු පිට්ටනිවල ලැගපු මීහරකුන්ට පුන්නකු දුන්නට බොන්න දන්නේ නෑ අමු තණකොළ අඳුරන්නේ නෑ. (ස)

:       0       0

ශාන සෞදි Friday, 24 April 2015 12:16 PM

ප්‍රභා ඔය පාලම් පාසල් නැති එකට කරන්න ඕනේ ඡන්දෙ වෙලාවට ගමට වැඩ කරන රටට් ආදරය කරන අය පත්කරන එකයි මොකද එක මන්ත්‍රී කෙනෙකුට ලක්ෂ ගාණනක් වසරකර තමන්ගේ ප්‍රදෙශ දියුණු කරන්න රජයෙන් දෙනවා ඒවා ඒ අය යටි මඩි ගහගන බෙදනවා එකට මොන රජයක්වත් පාලි නැ ඉදිරියට හොරු පත් නොකර ගමට වැඩ කරන කෙනෙක් පත් කරගන්න ඔය මිනිස්සු ඉල්ලන් ඉල්ලන වෙලාවට පාටට ඡන්දය දීල රජ කරවල කාටවත් බනින්න එපා හොරු බෝකරන්නේ ඔයාලමයි (අ)

:       0       0

දුමින්ද Friday, 24 April 2015 06:31 AM

වැඩි විද්‍යුත් චුම්භකත්වයට නිරාවරණය වීම මොළයේ පිළිකාවට පවා හේතුවක් බව පිළිගත් මතයකි (නි)

:       0       0

නිලන්ක Friday, 24 April 2015 07:21 AM

මෙය වසංගතයක් මෙන් රටපුරාම පැතිරේවා! (නි)

:       0       0

නෙත්මි Friday, 24 April 2015 07:21 AM

කවුරු මොනවා කිවුවත් මේක නම් නියමයි (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 24 April 2015 07:21 AM

ෂා... වයිෆයි දෙන්නේ එතකොට විදේශ අමාත්‍යංශයෙන්ද? (නි)

:       0       0

සම්පත් Friday, 24 April 2015 07:34 AM

මේ වයිෆයි ක්‍රමය නම් කිසිම වැඩක් නැති දෙයක්. රස්තියාදු කාරයන්ට නම් ගැලපෙනවා. වැදගත් මිනිහෙක්ට , ගැහැණු ළමයෙක්ට පුළුවන්ද බස් ස්ටෑන්ඩ් එකකට හරි එළිමහනේ ඉදන් ඉන්ටෙර්නෙට් එකෙන් වැඩක් කරන්න. බුද්දිමත් විදිහට හිතල බලන්න. මේක මහා වැදගත් නැති වැඩක්. (ර)

:       0       0

සුනිල් ගිකියන්ගේ Friday, 24 April 2015 07:43 AM

මම ඉන්නේ අනුරාධපුරයේ පූජා නගරයේ. මට නොමිලේ එපා සල්ලිවලට දෙන්න 4 G හෝ ADSL සම්බන්ධතාවක්. කිසිම සමාගමක් එම සම්බන්ධතාවන් දීමට සමත් නැහැ. දියුණු කරන්න ඕන දේවල් දියුණු කිරීමට කටයුතු නොකොට ජනප්‍රිය දේ පමණක් කිරීම. අනෙක් කිසිම ගමකට ඔය නොමිලේ ඉන්ටර්නෙට් ලැබෙන්නේ නැහැ. දුරකතන සිග්නල් නැති ගම් තවමත් තියෙනවා. (ස)

:       0       0

විජයබාහු Friday, 24 April 2015 07:48 AM

ටික දවසක් ගිහින් කියයි සයිබර් ත්‍රස්තවාදය වැඩිවෙලා කියල. සමහරු නොදැනුවත්වම තම පුද්ගලිකත්වය අන්තර්ජාලයේ නිරාවරණය කරනවා ස්මාර්ට් ෆොනේ හරහා. කරුණාකර මේ පිළිබඳව අවදානයෙන් සිට තම ආරක්ෂාව තහවුරු කරගන්න. (ස)

:       0       0

කුමාර Friday, 24 April 2015 07:51 AM

සම්පත් ඔය තාම ඉන්නේ ගොඩක් පස්සෙන් ... පාවිච්චි කරලා බලන්න තරහා ගන් නැතුව. (ර)

:       0       0

චන්දිම Friday, 24 April 2015 08:00 AM

එක අයෙකුට ගීගා බයිට් කීයක සලාකයක් ලැබෙනවද? 100 එම්බි සලාකයක් නම් මදි අද කාලේ හැටියට. (ර)

:       0       0

සංඛ Friday, 24 April 2015 02:53 PM

හොඳ වැඩ කරද්දී සමහරු කෑගහනවා තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site