
(ඉන්දිකා රාමනායක)
නාවික හමුදාව විසින් දින තුනක් පුරා මන්නාරම ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට රැගෙනවිත් තිබු වියලි සහ කිලෝ 2000 ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව කියයි.
අද (1) ඊයේ (30) හා ඉකුත් (29) දින තුළ මන්නාරම අච්චානකුලම්, නරුවිලිකුලම් සහ සවුත්බාර් යන වෙරළ ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මේවා අත්අඩංගුවට ගත් බවද නාවික හමුදාව කියයි.
මෙම කහ ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනකු, ප‍්‍රවාහනය සදහා යොදාගත් ඩිංගි යාත්‍රා 02 ක්, වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් කහ තොගය සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා මන්නාරම පොලීසියට භාරදී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd