රංජන් කස්තුරි
ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීම සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කළේ නීතිඥ සංගමයේ මතය නොව තමාගේ පෞද්ගලික මතය යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා සඳහන් කරයි.
යූ. ආර්. ද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“පසුගිය කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ ව්‍යවස්ථා අර්ථ නිරූපනය කිරීම සම්බන්ධ ගැටලුවලට අදාළව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා ලෙස පැහැදිලිව හඳුන්වා දෙමින් ඉදිරිපත් කළ මතයන් කිසිසේත්ම නීතිඥ සංගමයේ මතයන් හෝ නීතිඥ සංගමය වෙනුවෙන් කළ මතයන් නොව, මාගේ වෘත්තීය දැනුම අනුව සිදු කළ පෞද්ගලික මතයන් බව අවධාරණයෙන් සඳහන් කර සිටිමි.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ඔබතුමාගේ මතය කියන්න පෞද්ගලිකව මාධ්‍ය සාකාච්ඡාවක් කැදවලා , සංගමයේ ලාංඡනය යටතේ ඉදගෙන සාමුහික වගකීම කඩාබිදදම , කිසියම් පුද්ගලයෙකු වෙනුවෙන් සචේතනිකව කරුණු දැක්වීම සංගමයේ ප්රතිපත්තී වලට කොහෙත්ම අනුකූල නැහැ. කරුණාකරලා ඉල්ලා අස්වෙලා , සංගමයෙන් සමාව අයදින්න.
ඒකේ කිසිම වැරැද්දක් නැහැ නමුත් පලවී තිබුනේ නීතිඥ සංගමයේ සබාපතිගේ අදහසක් හැටියට.
මෙයාගේ පෞද්ගලික මතය එයාගේ නෝනටනේ කියන්න ඕනේ..? කාගෙවත් පුද්ගලික මතවලින් අපිට වැඩක් තියෙනවයැ...