ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ඉදිරි මහ මැතිවරණය පවත්වන්නැයි ජාතික හෙළ උරුමය, සාධාරණ සමාජය සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ පිවිතුරු හෙටක් සංවිධානය රජයෙන් ඉල්ලයි.
අද කොට්ටේ නාග විහාරයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් පැවසුවේ විධායක ජනපති බලතල සංශෝධනය කර, මැතිවරණ ක්‍රමය වෙනස් කොට, 17 වැනි සංශෝධනය ද ක්‍රියාත්මක කිරීමෙන් පසු මැතිවරණය පැවැත්විය යුතු බවයි.
මාදුළුවාවේ සෝභිත හිමි, ඕමල්පේ සෝභිත හිමි සහ අතුරලියේ රතන හිමියෝ මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.
පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පක්ෂයේ නායකයා ජනාධිපති වන නිසා මෙම සංශෝධන සම්මත කර ගැනීමට මෙය කදිම අවස්ථාවක් බවත්, යලි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගැන බලාපොරොත්තුවක් තැබිය නොහැකි බවත්, මේ අවස්ථාවේ සියලු සංශෝධන සිදු කළ යුතු බවත් ඔවුහු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉටු නොකරන්නේ නම් යහපාලන රජයෙනුත් පලක් නැත.(හේ)
සුපවේදියෝ වැඩිවුණාම සුප් එකක් වුණත් විනාශ වෙනවානේ (නි)
මැතිවරණ ක්‍රමය වෙනස්කළේ නැත්නම් හෙළ උරුමය ගැන වුණත් අපිට අමුතුවෙන් හිතන්න වෙයි (නි)
මේක යහ පාලනයද? ආඬි හත් දෙනාගේ කැඳ හැලියද? (ස)
මේවාට මම නම් මොකුත්ම කියන්නේ නැහැ. වෙන දේ බලාගෙන ඉන්නවා මිසක් (නි)
"පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පක්ෂයේ නායකයා ජනාධිපති වන නිසා" අන්න එතන තමයි වරද. එහෙම නොවුනානම් තමන් විරුද්ධව ඡන්දය දුන් පුද්ගලයාගේ බල කප්පාදුවට කට්ටිය ඒකමතිකව අත උස්සන්න තිබුනා. දැන් එහෙම වෙන්නේ නැහැ. බල කප්පාදුව වලක්වා ගන්න තමයි මෛත්‍රී මහත්තය ශ්‍රී ලංකා එකේ බලය ගත්තේ. දැන් එතුමාට නිදහසට කරුණු තියෙනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත නැත්නම් ඒ අහිංසකය මොනවා කරන්නද? බලෙන් තටු කප්පව ගන්නද? (නදී)
දැන් කවුරුත් බලන්නේ ඡන්දයකින් තමන්ගේ ගොඩ වැඩි කරගන්න. (හේ)
හරියට හරි අනිත් යට නටන්න දෙන්න එපා අපි ඡන්දය දුන්නේ රටට ඕන කරන දෙය කරවාගන්න.(නදී)