ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නියෝජිතයන් ලෙස නව ව්‍යවස්ථාදායක සභාව සඳහා ඇමැතිවරුන් දෙදෙනකු (අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ හා මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක) පත් කිරීමෙන් එහි මූලික අරමුණු උල්ලංඝනය වී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
පක්ෂ කාර්යාලයේ අද (28) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසූ ගම්මන්පිල මහතා ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේ මූලික අරමුණ වූ රාජ්‍ය යාන්ත්‍රණයේ ස්වාධීනත්වය ව්‍යවස්ථා සභාවේ ස්වාධීන්වය ආරක්ෂා කිරීම ඉටු නොවන බවයි.
පුංචි ඡන්දය සඳහා හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කර නොගන්නා බවද හෙතෙම කීය.
ව්‍යවස්ථාදායක සභාවට පත් කර ඇති ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඒ තනතුරට පත්වීම ඔහුගේ හෘද සාක්කියට එකඟදැයි තමා විමසන බවද ගම්මන්පිළ මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මන්පිල ගැන මටත් ලොකු විශ්වාසයක් තියනවා. ඒ නිසයි මේ එළුවවපොල මහතාගේ වචන උපුටා දක්වන්නේ ( මට මේ සිංහල අකුරු ටයිප් කරන විදිහ අමාරු යි,) ගම්මන්පිල නුවන ඇති අයෙක් , යමක් අවට ගියාට කියන්නේ නැත .අවසානයේ ඔහුගේ දැක්ම නිවැරදි බව පෙනේවි (බ)
පිස්සන්ට දොස්තරව පෙන්නේ පිස්සෝ වගේ (බ)
ව්‍යවස්ථාදායක සභාවේ මුලික අරමුණු මොනවද කියලා ගම්මම්පිලට විරුද්ධව අදහස් දාපු අය හොඳට දන්නවා වගේනේ කතා කරන්නේ? (නි)
දැන් කතා ඇති! (නි)
මේ අය කියන දේවල් ගැන දැන් අපේ කිසිම පැහැදීමක් නැහැ (නි)
දැන්නම් හොඳටම කෑගහනවානේ! (නි)
මොකක්ද මේ දේවල් වලින් ලංකාවට ඇති වැඩේ? (නි)
ඒකපුද්ගල ප්‍රසංග වලට පංචතූර්ය වාදනයටවත් කවුරුවත් නැද්දෝ? (නි)
18 වැනි සංශෝධනයට සමහරු අත ඉස්සුවේ සමබර කරන්න වෙන්න ඇති. (නි)
ඔන්න අායෙත් පටන් ගත්ත පිස්සා වගේ කියවන්ඩ. මේ අනාත සෙට් එකට වෙන වැඩක් නැද්ද (බ)
බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නේ නෑ.(ම)
පත් කරලා ඉන්න දෙන්නද මේ දෙන්නා ද සුදුසු කියල මහා ඡන්දෙ මනාප ප්‍රතිපල බැලුවම හොදට තේරෙනවා . මේ දෙන්න ලක්ෂ 2 ගන්න කොට ඒ දෙන්න දිනපු පැත්තෙන් වෙලත් යම්තම් අසුදාහ පන්නල ඇතුලට ආවේ. අපේ ප්‍රබුද්ධ පාඨකයෝ කියන්නේ ඒ ලක්ෂ 2 මෝඩයෝ කියලද ? විජයදාස මහතා තව හොදයි. (බ)
ඔය කතා දැන් අහලා එපා වෙලා.(හේ)
දැන්නම් පිස්සුව හොදටම තදවෙලා මෙයාගේ. (අ)
'පිවිතුරු" යන වචනය වචනයක් විතරයි.පිවිතුරු දේවල් විශ්වයේ අතිශයින්ම දුර්ලභයි. හෙළ උරුමයේ සිට රුපියල් 100 ක් එකතු කල ගම්මන්පිල මැතිතුමා පිවිතුරු මිලට ගත්තේ පිවිතුරු නිසාද? ඔබ කියන පිවිතුරු 10 දෙනා නම් කරන්න.අනේ මහත්තයෝ මේ අවස්තාවෙදිවත් මේ වැඩේ කර ගන්න ඉඩ දෙන්න. නොකෙරන වෙදකමට කෝඳුරු තෙල් සොයන්න එපා. (අ)
මෙයා මේ නොකියා කියන්නේ ඒ දෙන්න වෙනුවට එයාවයි අර එයත් එක්ක මේ දවස්වල බොහොම ළංවෙලා ඉන්න වීරවංශවයි පත්කරන්න කියන එකනේ ! ඒ වුනාට මේ රටේ ජනතාව හැටියට අපිට නම් පේන්නේ ගම්මන්පිල - වීරවංශ සුසංයෝගයට වඩා මේ පත්වෙලා ඉන්න මහත්වරු ඔක්කොම හොඳයි කියලයි (බ)
එහෙනම් කව්ද පත්කරන්නේ . ඔවා ඔක්කොම හරි. අනේ අනේ ගම්මපිල ? (අ)
මිසදුටුවන් (අ)
මේකට විමලෙයි ගම්මන්පිලයි දැම්මා නම් හරි.....(හේ)
ඇයි බොරුවට කෑ ගහන්නේ.(හේ)
වැඩි තණ්හාව නිසා අතරමංවෙන එකයි අන්තිමට වෙන්නේ (නි)
ගම්මන්පිල මහතාණනි, ඔබ අපේ රටට විහිලු කරුවෙක් වෙලා , හැම දේටම විරුද්ධ මතයක් ගේනවා. ඔබ හිතා ඉන්නේ අපේ රටේ ජනතාව මෝඩ රැලක් කියලද ? (බ)
බුරන බල්ලා සපා නොකයි.....(ම)
පිවිතුරු චාලි චැප්ලින් (බ)
මාර පිවිතුරු කට්ටියක් නෙමේ මෙතන ඉන්නේ මෙයාලගේ පිවිතුරුකම රෙද්ද පල්ලෙන් බේරෙනවා.(අ)
අනේ මන්දා (අ)
ගම්මන්පිල නුවන ඇති අයෙක් , යමක් අවට ගියාට කියන්නේ නැත .අවසානයේ ඔහුගේ දැක්ම නිවැරදි බව පෙනේවි.(අ)
ඇත්ත කියද්දී යමපලන කට්ටියට තරහ ගිහින් වගේ ගම්මන්පිල මහත්මයාණනි ඔබේ යුතුකම් රටට එතුකරන්න (අ)
මේ කතා අහලම අප්පිරියි (බ)
පෝය පහු වෙලා තවම දවස් දෙක තුනයිනේ. ටික දවසකින් ඔය ගතිය මග හැරිලා යයි. (බ)
සමබර කරන්න ක්‍රමයක් හොයන්න කෝ.(හේ)
මේ යහපාලන මහත්තුරුන්ගෙන් අපි අහන්නේ ජනාධිපතිවරණයේදී මෛත්‍රී මහත්තයට විරුද්ධව දුන් ලක්ෂ 58 හෝ මහමැතිවරණයේදී පවත්නා රජයට එරෙහිව විශේෂයෙන් වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා සන්ධාන නායකත්වය පිළිනොගන්නා ලක්ෂ 48 ක ජනමතය මේ සභාවේ නියෝජනය කරන්නේ කවුද? අපේ ඡන්දය අමු අමුවේ මංකොල්ල කාපු එවුවොද ? අපි ඡන්දය දුන්නේ එක්කෝ බලය ගන්න..නැත්නම් විපක්ෂයේ යුතුකම කරන්න..කවුරුවත් මෛත්‍රී මහත්තයට ඕන විධියට ජාතික ආණ්ඩු හදන්න ඡන්දෙ දුන්නේ නැහැ..මෙතන අපේ ජනමතය නියෝජනයක් නැත්නම් මේ සභාව වලංගු සභාවක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදිව සහ සදාචාරාත්මකව මොන මිනුම් දණ්ඩෙන් මැන්නත්..(බ)