ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම අදින් (31) අවසන් වීමට නියමිත බවත් පවතින ඉල්ලීම් වලට අනූව කාලය දීර්ඝ කර ගැනීමට තමන් ඇතුළු කමිටුව බලාපොරොත්තු වන බවත් එම කමිටුවේ සභාපති නීතීඥ ලාල් විජේනායක මහතා පැවසීය.
සර්ව ආගමික නායකයෝ කිහිප දෙනෙක් අද පෙරවරුවේ විසුම්පාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවට පැමිණ සිය අදහස් දුන්හ. ඌව කුඩා ඔය පුරාණ විහාරයේ විහාරාධිපති බී. සිරි සුමන හිමියෝ, කොළඹ 08 කිංසි පාරේ, ශාන්ත පාවුළු දේවස්ථානයේ එස්.ජේ. ජේයරාජ් පියතුමා ද මේ අවස්ථාවට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලාස්ටික් වුණ තවත් කමිටුවක් වගෙයි (නි)