වයඹ ප්‍රධාන අමාත්‍ය ධුරය අතහැර නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.
‘මම මේ අවුරුදු පහම වයඹ පළාත් සභාවේ වැඩ කරනවා. ලබන මහ මැතිවරණයේ දී මම ඡන්දේ ඉල්ලන්නේ නැහැ.
මා ප්‍රාදේශීය සභාවේ ඉන්නකොට මගේ පඩිය තිබුණේ රුපියල් 1000යි. ඊට පස්සේ 3000 වුණා. ඊටත් පස්සේ 5000 වෙලා. දැන් 8000යි. ඒ මුදලට රුපියල් 3000ක් එකතු කරල මම මන්ත්‍රීවරුනට දුන්නා. වයඹ පළාතේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනට යතුරු පැදියක් ලබා දීමටත් වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ! අදහස් දමන්න නවීන සපුමල් කුමාරයෙකුත් ගොඩ බැහැලා තියෙන්නේ... (නි)
පඩියට අමතරව ඔබ තුමාලට ලැබෙන කොමිස් වල එකතුව ගැන සඳහනක් නැහැ කොතනකවත්. (ස)
සෑම්,අපි කාටත් දැනගන්න කියන්නකෝ කොමිස් ගහන්නේ නැති, අතයට ගනුදෙනු නැති රටවල් ලෝකයේ කොයි හරියේද තියෙන්නේ කියලා. ඒ වගේම ගාමිණි, ඔයා කියන දේ මත ඔයා ඉන්නවා නම් මොකටද ඡන්දෙ දීලා එයාලව පත්කරන්නේ? (නි)
ලගින් හිටිය නැති ටික කාලෙට ඔයා හුගාක් වෙනස් වෙලා. (ස)
අපොයි ඔව් කියන විදිහටම කරන හැටි රටම දැක්කා. (ස)
හම්බන්තොට ,හදපු වරායේ ගලක් තිබුන තමයි. ඊට පස්සේ ගල කැඩුව තමයි. නැවු අාව තමයි. (ස)
අපොයි මොන විපතක්ද මේ ජාතියට වෙන්න යන්නේ? අනේ උතුමාණෙනි අප ගැන අනුකම්පා කරලා ලබන සැරෙත් චන්දය ඉල්ලන්න. අප සැමද ඔබ සමගයි. (ස)
ඉන්න තැන සරුද මහත්තයෝ ? (ස)
රටම කැමති අපේ මහ ඇමතිනේ (නි)
බලන්නකෝ, හරිම සතුටින් වගෙයි කතා කරන්නේ... (නි)
මැති ඇමතිවරුන්ට මේ කාලයේ වෙලා තියෙන්නේ මොකක්ද මන්දා? (නි)
අනේ යන්න මෙතන පච නොකියා... (ස)
වාසනාවන් ඔබේ දිවිමග වාසනාවන්. (ස)
රුපියල්.30.00000000. (ස)
අම්මෝ, මෙය දැන් බිල කියන්නත් පටන් අරන්, ඉස්සර සින්දු විතරනේ කිව්වේ. (ස)
දේශපාලකයින්ට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. එය රැකගැනීමට නොහැකි වූ අවස්ථා වල පැරණි, වැදගත් ,උගත් දේශපාලකයින් ඇමති තනතුරු වලින් ඉල්ලා අස්වූ අවස්ථා ගණනාවක් මගේ මතකයේ තිබෙනවා.රටේ අවාසනාවට අද දේශපාලකයින්ගේ ප්‍රතිපත්තිය වෙනස් වෙලා (නි)
හපොයි! ඕක අත්හරින්නේ කවුද? (නි)
බලනකොට වැටුප ටිකෙන් ටික වැඩිවෙලානේ.... (නි)
නියමයි මහත්තයෝ... (නි)
නියමයි නියමයි, ඔහොම යමුකෝ. (නි)
පව් අපිත් චන්දෙ දුන්න නේ. (ස)
ලජ්ජා නැතිකම මහ ඇමැතිකමටත් වඩා ලොකුයි ලු. ! (ස)
ඔබතුමා ලක්ෂ ගණනක් වියදම් කරලා,මන්ත්‍රීකමත් අත්හැරලා පළාත් සභාවට පත්වෙලා ටික දවසයි.දැන් කියනවා ලබන සැරේ මම ඉල්ලන්නේ නැහැ කියලා. ඇයි එහෙම වුණේ? (නි)
ඉසුරන්දි නම් ඔබට. මහත්මයා, ඔබ දන්නවා වගේ, දැක්කා වගේ ඔවැනි දේ කතා කියන්න එපා. ලෝකයම දුවන්නේ කොමිස් මත තමයි. ඕනෑම රටක බලය සමග එකට යන දේ තමයි අතයට මුදල් හුවමාරුව. නමුත් සියල්ලන්ම එකම මල්ලකට දමලා බර මනින එක හොඳ නැහැ. එතුමා ඔබට මොන වරදක් කලාටද ඔබ එසේ අහන්නේ.? (ස)
පව් අප්පා, අපේ මන්ත්‍රිලට වැලේ වැල් නැහැ කියල සයිස් එක බලපුවහම පේනවා. (ස)
මේ හැම දෙයක්ම හොඳයි එයාගේ අම්මගේ අප්පාගේ බූූූදලෙන් දෙනවා නම්. අහිංසක මිනිස්සු නොකා නොබී හම්බ කරලා ගෙවන බදු වලින් මේවා කරන එක තමයි ප්‍රශ්නේ. ඒ මිනිස්සුන්ට සහන දෙන්න ඕන වෙලාවේ දෙකයි පනහේ වැඩ කරන අයට සලකනවා. (ස)
සපුමල්, මම ඔබේ නොදැනුවත්කම ගැන කණගාටු වෙනවා. ලෝකයේ දුෂිත රටවල් තිබෙන බව ඇත්ත. නමුත් දුෂිත නැති, කොමිස් ගහන්නේ නැති, අත යට ගනුදෙනු නැති රටවල් විශාල ගණනක් මේ ලෝකයේ තිබෙනවා. ලංකාවේ මිම්මෙන් ලෝකයේ රටවල් මනින්න එපා. (නි)
සපුමල්, මහජනතාවගේ මුදල් ගසාකනවා කියන්නේ, අපිට වැරැද්දක් කරනවා කියන එක තමයි. ඒක ඡන්දය දුන් නොදුන් හැමෝටම එකයි. පාට කණ්ණාඩිය ගලවා ටිකක් බලන්න. (නි)
මේ ඇත්තටමද කියන්නේ? (නි)
ඔබ නැති පාර්ලිමේන්තුව වතුර නැති කාන්තාරයක් වගේ වේවි. (නි)
සපුමල් කාටද මන්දා කඩේ යන්නේ? (නි)
සපුමල් අදහස් දමන විදියෙන් මට යම් දෙයක් තේරෙනවා (නි)
මේ දාන ප්‍රතිචාර වලින් පවා මටත් වාසියක් තියනවා. ඒකයි කඩේ යන්නේ. (දී)
සිරිසේන මහතාගේ ප්‍රශ්නය කාලෝචිතයි අපි කන පරිප්පු ඇටේ ටත් සීයට දෙතුන් සීයක බදු ගෙවනවා.යන වාහන කබලට , බස් එකට වාරයේදී සීයට තුන්සීයක ,හාරසීයක බදු ගෙවනවා. ඊටපස්සේ ඒක දුවන ඉන්දන වලට බදු ගෙවනවා .දුවන බලපත්රේ ඉදන් දඩ කොලේ වෙනකල් බදු ගෙවනවා.අලුතෙන් ගෙයක් හැදුවොත් ගන්න බඩු වලින් සෑහෙන්න තියෙන්නේ බදු. ගෙදරට බඩු මල්ලක් අරන් ගියොත් ඒක නිකන් බදු මල්ලක් වගෙයි . අපි අපේ ජීවිත කාලෙම කරලා තියෙන්නේ මහන්සි වෙලා වැඩ කරලා බදු ගෙවපු ඒක නේද සිරිසේන ? (දී)
ඔබතුමාට මේ ඇමතිකම ගැළපෙනවා. වැඩ ටික අවසන් කරලා පෙන්නන්න. මහජන සහයෝගය පෙරට වැඩියෙන් ලැබේවි. (නි)
අපේ දයාසිරි මහත්තයට ජයවේවා! (නි)
ශෙහාන්, කියන්න බලන්න ඔයා අවුරුද්දකට කොච්චර බදු ගෙවනවද කියලා? (නි)
අනේ පවු, ඔය මුදලෙන් කොහොමද දන්නෙ නැහැ ජිවත් වෙන්නේ? (නි)
මේ වන විට එතුමාටත් බොහෝ දේ වැටහීලා ඇති. නිලය තිබුනට බලය නැහැ නේද මහත්මයෝ? ඕක තමයි කට්ටියටම තියන පොදු ප්‍රශ්නය. (ස)
ඒත් ඉතින් අපි නම් අහලා තියෙන්නේ තණ්හාය ජායතී ශෝකෝ කියලයි (නි)
අපිට නම් ඉතින් ඒකේ එච්චර විශේෂත්වයක් නැහැ (නි)
ජනතාවගේ කැමැත්ත වැදගත් නැද්ද (දී)
මුතුපලස ටෙලි නාට්‍යයේ ඇමතිතුමාව මට හදිසියේම මතක් වුණා (නි)
ඔපමණ පොඩි පඩියකින් ජීවත් වෙන්නේ කොහොමද කියලා කියන්නකො (නි)
සිරිසේන, සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙකුගේ මාසික වැටුප 12 න් වැඩි කර 4 න් බෙදා 3 න් වැඩි කරන්න. එතකොට ෂෙහාන් ගෙවා ඇති බදු මුදල ගැන ඔබට ආසන්න වශයෙන් අදහසක් ගන්න පුළුවන් වේවි නේද? (නි)