අයහපත් කාලගුණය නිසා වයඹ පළාතේ සියලු පාසල් 18 වැනිදා බදාදා වැසීමට තීරණය කළ බව අධ්‍යාපන අධ්‍යක්ෂ කුමාරි වීරසේකර මහත්මිය පැවසුවාය.
අද (17) පස්වරු 1 වන විට උතුර ,උතුරු මැද,වයඹ, මධ්‍යම හා සබරගමු පළාත් වලට තද වැසි ද බස්නාහිරට හා නැගෙනහිරට පළාත් වලට තරමක තද වැසි ඇති විය. කැකිරාව මහඉලුක්පල්ලමට මිලිමීටර 267.8 උපරිම වැසි වාර්තා විය. සුළඟේ වේගය අද (17) පැයට කිලෝමීටර 30 දක්වා අඩු වී ඇත.
බොහෝ පළාත් හි දහවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 සිට 6 දක්වා පහත වැටී තිබිණි.
දිස්ත්‍රික්ක දෙකක පාසල් වහයි පෙ.ව. 8.59
නායයෑමේ අවධානමක් ඇතැයි අපදා කළමනාකරණ නිලධාරීන්ගේ දැනුම් දීම අනුව මාතලේ දොඩංදෙනිය විද්‍යාලයය තාවකාලිකව වසා දැමූ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහින්ද එස් යාපා මහතා කියයි.
ගංවතුර තර්ජනයට මුහුණ පා සිටින වයඹ පළාතේ පාසල් 25 ක් අද සිට තාවකාලිකව වසා දැමීමට වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා පැවසීය.
දැදුරු ඔය හා මී ඔය පිටාර ගැලීමෙන් ගංවතුරට ලක්ව සිටින පුත්තලම, නිකවැරටිය, හලාවත,ගිරිඋල්ල යන අධ්‍යාපන කලාප මෙලෙස වසා දැමීමට තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්. ළමයින් ගැන හිතන මහත්මියක්. (නි)