අමරා පියසීලි රත්නායක වයඹ ආණ්ඩුකාරවරිය හිටපු ආණ්ඩුකාර තිස්සා බලල්ල මහතාගේ තීන්දුවක් නීති විරෝධී ලෙස වෙනස් කළැයි කියමින් සංධාන මන්ත්‍රී එය පියුමාල් හේරත් මහතා අද (17) දෝෂාභියෝග වාර්තාවක් සභාගත කළේය.
බාලවයස්කාර දැරියක කෙලෙසූ බව කියන ගුරුවරයකු වැඩ තහනම් කර සේවයෙන් නෙරපා හැරීමට ගත් තීරණය ආණ්ඩුකාර පියසීලී රත්නායක මහත්මිය විසින් වෙනස්කර එම ගුරුවරයා යළි සේවයේ පිහිටුවි යැයි පළාත් සභා ආරංචි කියයි.
ආණ්ඩුකාරවරයකුගේ තීන්දුවක් එසේ වෙනස් කිරීම නීති විරෝධී බව කියමින් මෙම දෝෂාභියෝග යෝජනාව ගැන හේරත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය. මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසූයේ ඒ ගැන පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි.
යෝජනාව ඉදිරිපත් කිරීමට විරුද්ධව විපක්ෂ නායක ජේ.සී.අලවතුවල මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් නැගිට ගියහ. එජාප මන්ත්‍රීවරයෙක්ද ජවිපෙ මන්ත්‍රීවරයාද සභාවේ රැඳී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන් කටයුතු කරන්නේ මෙසේ නම් කාන්තා අයිතිවාසිකම් ගැන කවර කතාද? (ර)
ආණ්ඩුකාරවරිය ඇයි ගුරුවරයාව නැවත සේවයේ පිහිටුවලා තියෙන්නේ? (නි)