නයිජීරියාවේ රුදුරු කප්පම් කරුවන්ගෙන් ශ්‍රී ලාංකික ඉංජිනේරු කරුණාදාසගේ ජීවිතය බේරාගත් නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඒ. එල්. රත්නපාල මහතා 23 වසරක තම සේවා කාලය නිමකොට හෙට (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ලංකාදීප එසැණ ඒ. එල්. රත්නපාල මහතා සමග මෙසේ සාකච්ඡාවකි.
ප්‍රශ්නය - ලංකාවේ අපිට ලොකු අත්දැකීමක් වූ ලාංකික ඉංජිනේරුවාගේ ජීවිතය බේරාගත් හැටි ඔබට කියන්න පුළුවන්ද?
පිළිතුර - ඒක මට ලොකු අභියෝගයක් වුණා, සියලු දේ පාලනය කරගෙන ලාංකිකයාගේ ජීවිතය බේරගන්න මට ඕන වුණා. ලාංකිකයා සේවය කළ සමාගමත් එක්ක මම සාකච්ඡා කළා, නයිජිරියා රජයත් එක්ක, ලංකාවේ විදේශ අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කළා. පැහැරගත්තු ලාංකිකයාගේ පවුලේ අයගේ හිත හදන්නත් ඕනෑ. ඒ මදිවට පාන්දර තුනට කතා කළ ලංකාදීපේ ඔයාලට පිළිතුරු දෙන්නත් ඕනෑ. මේ හැමදේම මට පුළුවන් විදියට මම කළමනාකරණය කර ගත්තා.
ප්‍රශ්නය - ඔබතුමාගේ විදේශ සේවයේ අත්දැකීම් ගැන කිව්වොත්?
පිළිතුර - වසර 23ක විදේශ සේවා අත්දැකීම් මට තියෙනවා. කැනඩාව, දකුණු අප්‍රිකාව, තායිලන්තය, වියට්නාමය, ඕස්ට්‍රේලියාව මම සේවය කරපු රටවල්. නයිජීරියාවේ මහකොමසාරිස් පුරප්පාඩුවක් ඇති වුණ වෙලේ මම ඕස්ට්‍රේලියාවේ ඉඳලා නයිජීරියාවට ආවා.
ප්‍රශ්නය - ලංකාවේ කොපමණ ප්‍රමාණයක් නයිජීරියාවේ රැකියා කරනවද?
පිළිතුර - 2000ක් විතර.
ප්‍රශ්නය - ඔවුන්ට තියෙන අවදානම ගැන ඔබට කියන්න තියෙන්නේ මොනවද?
පිළිතුර, අවදානම වැඩි වුන තරමට තමයි ප්‍රතිලාභ ලැබෙන්නේ. නමුත් පරිස්සමෙන් ජිවත් වෙන්න කියලා මම ඔවුන්ට කියනවා. නජිරියාව කියන්නේ අප්‍රිකාවේ ලොකුම ආර්ථික වත්කමක් ඇති රට, ඒ වගේම ජනගහනයෙනුත්. නයිජීරියාව ව්‍යාපාරවලට හොඳයි. අවදානම දරාගෙන ඉන්දියා, චීන ජාතිකයින් මෙහෙ සාර්ථක ව්‍යාපාර කරනවා.
ප්‍රශ්නය - ලාංකිකයින් නයිජීරියාවට එන්නේ රැකියා සඳහා නේද?
පිළිතුර - වැඩිපුරම එන්නේ රැකියා සඳහා. නමුත් හෝටල් ආශ්‍රිතව ව්‍යාපාර කරන ලාංකිකයින් කිහිපදෙනෙකුත් මෙහෙ ඉන්නවා.
ප්‍රශ්නය - වසර 23ක දීර්ඝ සේවා කාලයක් ඔබට තියෙනවා. ලංකාවේ විදේශ අමාත්‍යාංශය ගැන මොනවද කියන්න තියෙන්නේ?
පිළිතුර - විදේශ අමාත්‍යාංශයෙන් සිදුවෙන්නේ ජාත්‍යන්තර කටයුතු. ඒ වගේම ලංකාවේ හැම අමාත්‍යාංශයක් එක්කම බද්ධවෙලයි වැඩ කරන්නේ. නමුත් වැඩිපුර වැඩ කළත් නම ගන්නේ වෙනත් අමාත්‍යංශයක්. ඒ නිසා තමයි අපේ අමාත්‍යංශය ගැන මිනිස්සුන්ට වැඩි අවබෝධයක් නැත්තේ.
ප්‍රශ්නය - විදේශ අමාත්‍යංශයේ දේශපාලන පත්වීම් ගැන පළපුරුදු නිලධාරියෙක් විදියට ඔබට මොනවද කියන්න තියෙන්නේ?
පිළිතුර - දැන් ඒවා නැවතිලා නේද?
ප්‍රශ්නය - මම ඔබෙන් ඇහැව්වේ වර්තමානය ගැන නොවෙයි, මෙතුවක් කල් සිදුවී යැයි කියන දේශපාලන මැදිහත්වීම ගැන.
පිළිතුර - මට ඒ ගැන රජයේ නිලධාරියෙක් විදියට කියන්න බැහැ.
ප්‍රශ්නය - වටිනා ජිවිතයක් බේරාගෙන ඔබ හෙට ලංකාවට යනවා. මොකද ඔබට හිතෙන්නේ? ඔබේ හෙට දවස?
පිළිතුර - ලොකු සතුටක් දැනෙනවා. ලාංකිකයා සේවය කරපු විදේශ සමාගමට මම ස්තුති වන්ත වෙනවා. මට උපදෙස් දුන්නු ලංකාවේ විදේශ අමාත්‍යාංශයටත්, මාධ්‍යවේදීන්ටත් මම අනේක වාරයක් ස්තුති වන්ත වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වචනයේ පරිසමාප්ත අරුතින්ම මෙතුමා විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකි. තායිලන්තයේ දුත මණ්ඩලයේ රාජකාරියෙහි නියැලී සිටි කාල පරාසයේදී එතුමාගෙන් උකහාගත් දැනුම සහ අවබෝධය, මගේ රාජකාරියට මනා පිටුවහලක් වූ බව එතුමාට පුදකෙරෙන ගෞරවයක් වශයෙන් සටහන් කරමි. එතුමාට, ඉතාම යහපත් එතුමාගේ මැතිණියට සහ දරුවන්ටත් සුභාශිංසන! ආයු රක්ඛන්තු ආවඩා! (නි)
එබෝලා, බොකෝ හරාම්, අන්තවාදී කණ්ඩායම්, කියල වැඩක් නැහැ. නියම රට (බ)
නයිජීරියාවේ බිස්නස් කරන්න යන්න හොඳ ආරක්ෂක භටයෝ ටිකකුත් ගෙනි යන්න වෙයි, (බ)
ඔබ තුමා කියන්නේ බෙල්ල ගහල ගියත් කමක් නැහැ සල්ලිනෙ කියලද? (බ)
මේ මනුස්සයගේ මොලය විකල් වෙලාද? ව්‍යාපාර කරන්න ඕනේ නම් ලෝකයේ වෙන රටවල් ඇත්තෙම නැද්ද? (බ)
ඇත්ත. මමත් ඒක පිළිගන්නවා (නි)
ලිපිය හරියට කියවලා ප්‍රතිචාර දක්වනවා නම් ඔය ප්‍රතිචාර වෙනස් වෙයි. (නි)
අර මනුස්සයාගේ ජීවිතය බේරගන්න සල්ලි දුන්නේ එයා රක්ෂාව කරපු ඉතාලි සමාගමයි. ඒ අය සල්ලි දුන්නේ නැතිනම් ඒ අහිංසකයා අද ' සෙත්තපෝච්චි' කරලා ඉවරයි. ඔය රටේ මොන බිස්නස්ද...? උගත් වැදගත් නයිජීරියන් කාරයෝ ඔක්කොම අද ඉන්නේ එංගලන්තයේ. ඉස්සර අපේ රටේ උගත් ගුරුවරු ඔය රටේ ගුරුවරුන් ලෙස රැකියාව කළා. නමුත් දේශපාලනික පෙරලිය සමග ඒ අයට රැකියා අවස්ථා නැතිවුනා - දුන්න පඩි අඩුකලා. අන්තිමට සමහරක් තරුණ අය ස්වීඩනයට ගියා පාරවල් අතුගාන්න. වයසක අය අකමැත්තෙන් වුනත් නැවත ලංකාවට ආවා. ඕක තමයි නයිජීරියාවේ තත්වය. අපේ අහිංසකයෝ ඔය නාරා වලට යවන්න මෙයාට තියන උවමනාව මොකක්ද...? (නදී)
චමින්ද කියනවා ලිපිය කියවලාම ප්‍රතිචාර දක්වන්නලු . එතුමාගේ වචන වලින්ම කියනවා නම්.......(අවදානම වැඩි වුණ තරමට තමයි ප්‍රතිලාභ ලැබෙන්නේ. නමුත් පරිස්සමෙන් ජිවත්වෙන්න කියලා මම ඔවුන්ට කියනවා. නජිරියාව කියන්නේ අප්‍රිකාවේ ලොකුම ආර්ථික වත්කමක් ඇති රට, ඒ වගේම ජනගහණයෙනුත්. නයිජීරියාව ව්‍යාපාරවලට හොඳයි. අවදානම දරාගෙන ඉන්දියා, චීන ජාතිකයින් මෙහෙ සාර්ථක ව්‍යාපාර කරනවා.) ඉතින් දෙවියනේ සල්ලිද වටින්නේ අවදානමද වටින්නේ? අම්මපා සිංහල තේරෙන්නේ නැද්ද? වැඩිහරියකට තේරුනාට චමින්ද මහත්තයාට නොතේරෙන හැඩයි (නි)
ලංකාවේ විදේශ අමාත්‍යංශයේ වැඩ ගැන නම් කියලා වැඩක් නැහැ. වැඩ කරන්න ඕනෑ ජනතාවට කියලත් මේ අය දන්නේ නැහැ. හරියට වැඩ කරන අතළොස්සකුත් ඉන්නවා. (නි)
තානාපති නිලධාරී වැරදි ලනු දුන්නට මොලය ඇති අය කල්පනාවෙන් කටයුතු කල යුතය.(ම)
මෙතුමා කියන්නේ ඇත්ත. නයිජීරියාව තමයි අෆ්රිකාවේ වේගයෙන්ම දියුණුවන ආර්ථිකය. නමුත් ආරක්ෂාව අතින් නම් බොහොම පහළින් සිටින්නේ.. (නි)
හොඳ වුනාට ආරක්ෂාව අතින් හරිම දුර්වලයි. ඉන්න තරමක් සයිබර් හොරු ඉන්නේ ඔය රටේ (බ)