IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ව්‍යාපාරිකයාගේ ප්‍රකාශය තහවුරු කරන සාක්කි ලැබෙයි

ඇඹිලිපිටිය සාදයක දී පොලිසිය හා සාදයට පැමිණි පිරිස අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයාට හා පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව ප්‍රභල හා තීරණාත්මක සාක්කියක් ලබා දුන් ව්‍යාපාරිකයා එම සිද්ධිය ගැන ඒ මොහොතේම 119 සහ 118 අංකවලට දුරකතන ඇමතුම් ලබා දුන් බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබේ.

එම ව්‍යාපාරිකයාගේ ප්‍රකාශය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් 119 සහ 118 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් කළ විමසීමක දී ඒ බව ඔවුන් තහවුරු කළ බව පොලිස් ආරංචි කියයි.

සාදයේ ගැටුමෙන් පසු මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක්දරු පියාට පහර දුන් හා ඉහළ මාලයෙන් ඉල්ලු කළ බව කියන උසස් පොලිස් නිලධාරියකුගේ නමක් ද, එම ප්‍රකාශ තහවුරු කර ගත හැකි නිලධාරීන් පිරිසකගේ නම් ද ඔහු පොලිසියට ලබා දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මිය ගිය එක්දරු පියා වැටී සිටි තැනට පොලිසිය සමග තමා ද ගිය බවත්, ඔහු රෝහලට ගෙන යෑමට තමාට ද කතා කළ බවත්, එතැන සීසීටීවී ගසා ඇති හෙයින් තමාට ඉවත් වන ලෙස උසස් පොලිස් නිලධාරියකු පැවසූ බවත් ඔහු පොලිසියට කියා තිබේ.

ඔහු එතැනින් ඉවත්ව ගිය පසු කොළඹ ප්‍රදේශයේ අංකයකින් දුරකතන ඇමතුමක් ලැබී අති බව ද, විශේෂ පොලිස් කණ්ඩායමක් එවන බව එම පණිවුඩයෙන් කියැවුණු බව ද ව්‍යාපාරිකයා පැවසීයයි පොලිස් ආරංචි පවසයි.

ඇඹිලිපිටි ගැටුම සම්බන්ධයෙන් පොලිසියේ පිරිසක් අත්අඩංගුවට ගත හැකි සාක්කි ලැබී ඇතැයි පොලිස් ආරංචි තහවුරු කරයි.

ඇඹිලිපිටි ගැටුමට පොලිසිය වග කිව යුතු බවට තහවුරු කළ හැකි සාක්කි රැසක් ඇඹිලිපිටියේ විමර්ශන කණ්ඩායම් සොයා ගෙන තිබිය දී ඉදිරි විමර්ශන රහස් පොලිසියට බාර දීම ගැන පොලිසියේ උසස් නිලධාරීහු රැසක් විරෝධය පළ කරති.

පොලිසිය අලුතින් සොයා ගත් තීරණාත්මක සාක්කිකරුගේ සාක්කිය මරණ පරීක්ෂණයට ඉදිරිපත් කිරීමේ වැළැක්වීමේ වැඩ පිළිවෙළක් ඇත්දැයි සැක සහිත බව ද පොලිසියේම පිරිසක් කියති. වැරදිකළවුන් බේරීමට හදන යන ගැන තොරතුරු ඉදිරියේ දී මාධ්‍ය මගින් හෙළි කරන බව ද ඔවුහු පවසති.

පොලිස් මූලස්ථානය කියනුයේ එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි. පොලිස් පරීක්ෂණ නිසි ලෙස කරගෙන යන බවත්, කිසිවකුට බලපෑමක් නොකරන බවත් පොලිස් මූලස්ථානය පවසයි.



අදහස් (0)

ව්‍යාපාරිකයාගේ ප්‍රකාශය තහවුරු කරන සාක්කි ලැබෙයි

චමල්කා Sunday, 24 January 2016 04:43 PM

නියමයි. සාධාරණය ඉටුවේවා! (නි)

:       0       0

චින්තක Sunday, 24 January 2016 05:08 PM

සත්‍යය කවදා හෝ ජයගනු ඇත (නි)

:       0       0

සුමිත් Monday, 25 January 2016 06:45 AM

නිමල්ලලිත මගේ හිතේ මෙයාල පෙරනිමිති බලනවා ඇති කොහෙද තානාපති හරි මහකොමසාරිස් කමක් හරි පුරුප්පාඩු තියෙන්නේ කියල , පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ මල්ලි .හොඳ හොද සෙල්ලම් එළිවෙන ජාමෙට (බ)

:       0       0

සමන් Sunday, 24 January 2016 05:31 PM

වහාම වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 24 January 2016 05:47 PM

හැම පැත්තෙන්ම වටකරලා ඉවරයි. ගැළවීමක් නැත. (නි)

:       0       0

අසාද් Monday, 25 January 2016 07:18 AM

සුරන්ට අමතක වෙලා ද කොහෙද ගිය ආණ්ඩුවේ නිතිය ක්‍රියාත්මක වුණු හැටි.අපි මැරිලා ඉපදිලා නැහැ කියල මේ අය කවද තෙරුන් ගනීද දැන් නැහැ. (බ)

:       0       0

නිශාන්ත Monday, 25 January 2016 07:40 AM

මෙයට සමස්ත පොලිසියම වගකියන්න ඕන,සම්පුර්ණ වරද මොවුන් අතින් සිදු වුණබව දැන් ප්‍රසිද්ධීයේ පිළිගන්න වෙන්නේ, (ම)

:       0       0

දිලන්ක Sunday, 24 January 2016 08:35 PM

රහස් පොලිසියට බාරදීලා නේද දැන් තියෙන්නේ? ඇයි පරීක්ෂණ මෙතරම් ප්‍රමාද? (නි)

:       0       0

ටිරාන් Monday, 25 January 2016 01:43 AM

වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනතෙක් අපි බලාසිටිමු (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 January 2016 08:34 AM

සාක්කි කරු ප්‍රවේසමෙන් , සාක්කිය අස්ථානගත වෙන්නත් බැරි නැහැ ! (ම)

:       0       0

අමල් Monday, 25 January 2016 02:11 AM

වගකිවයුත්තන් වහා අස්විය යුතුයි (නි)

:       0       0

සමුද්‍රා Monday, 25 January 2016 02:22 AM

සියල්ල කාලයේ වැලි තලාවෙන් වැසීයන විදියට රජය වැඩ සැළසේවිද? (නි)

:       0       0

නිමල්ලලිත Monday, 25 January 2016 03:07 AM

මම මේ නොදන්නවට අහන්නේ මෙපමණ පැහැදිලි සාක්ෂි ලැබී තිබියදී එම නිලධාරීන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ මන්ද? (කෞ)

:       0       0

ඔබේසේකර Monday, 25 January 2016 10:25 AM

පිටබැද්දර ජයා, මට ඔයාට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා. පොලිසියට බැරී නම් පොලිසියේ නම හදාගන්න පත්තරවත් එ්ක කරපු දෙන්. පාලු ගෙවල් වල වළං බිඳින්න දෙන්න එපා පොලිසියට. පත්තර කලාවේදීන්ට මගේ ආචාරය......(බ)

:       0       0

සුරන් Monday, 25 January 2016 03:20 AM

මිනීමැරුමක් කලැයි චෝදනාලත් නියෝජ්‍ය පොලිස්පතිවරයකුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්න පෙර ආණ්ඩුව සමත් විය , එහෙත් සහකාර පොලිස් අදිකාරිවරයකුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරගන්න බැරි තරමට මේ ආණ්ඩුව දුර්වලවී ඇත. (කෞ)

:       0       0

සුමිත් Monday, 25 January 2016 03:42 AM

පොලිසියේ අර රුවන් වැකි කියන එක්කෙනා දැන් මොකද කියන්නේ කියල දැනගන්න ගොඩක් ආසවේ ඉන්නේ (බ)

:       0       0

අසාද් Monday, 25 January 2016 04:10 AM

ඉවසීමෙන් බලා සිටියොත් සාධාරණය ඉටුවෙයි. (ම)

:       0       0

නලීන් Monday, 25 January 2016 04:51 AM

අහෝ! මේ සියල්ල වචන හරඹයකට පමණක් සීමාවේවිද? (නි)

:       0       0

නුවන් විජේවර්ධන Monday, 25 January 2016 04:52 AM

දේශපාලකයින් මෙම සැකකාර පොලිස් නිලධාරීන් පිරිස බේරාගැනීමට කුමන්ත්‍රණය කරාවි. මේ අය ලවා ඒ අය හොඳ හොඳ වැඩ කරවාගෙන ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site