ඇඹිලිපිටිය සාදයක දී පොලිසිය හා සාදයට පැමිණි පිරිස අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයාට හා පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව ප්‍රභල හා තීරණාත්මක සාක්කියක් ලබා දුන් ව්‍යාපාරිකයා එම සිද්ධිය ගැන ඒ මොහොතේම 119 සහ 118 අංකවලට දුරකතන ඇමතුම් ලබා දුන් බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබේ.
එම ව්‍යාපාරිකයාගේ ප්‍රකාශය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් 119 සහ 118 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් කළ විමසීමක දී ඒ බව ඔවුන් තහවුරු කළ බව පොලිස් ආරංචි කියයි.
සාදයේ ගැටුමෙන් පසු මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක්දරු පියාට පහර දුන් හා ඉහළ මාලයෙන් ඉල්ලු කළ බව කියන උසස් පොලිස් නිලධාරියකුගේ නමක් ද, එම ප්‍රකාශ තහවුරු කර ගත හැකි නිලධාරීන් පිරිසකගේ නම් ද ඔහු පොලිසියට ලබා දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මිය ගිය එක්දරු පියා වැටී සිටි තැනට පොලිසිය සමග තමා ද ගිය බවත්, ඔහු රෝහලට ගෙන යෑමට තමාට ද කතා කළ බවත්, එතැන සීසීටීවී ගසා ඇති හෙයින් තමාට ඉවත් වන ලෙස උසස් පොලිස් නිලධාරියකු පැවසූ බවත් ඔහු පොලිසියට කියා තිබේ.
ඔහු එතැනින් ඉවත්ව ගිය පසු කොළඹ ප්‍රදේශයේ අංකයකින් දුරකතන ඇමතුමක් ලැබී අති බව ද, විශේෂ පොලිස් කණ්ඩායමක් එවන බව එම පණිවුඩයෙන් කියැවුණු බව ද ව්‍යාපාරිකයා පැවසීයයි පොලිස් ආරංචි පවසයි.
ඇඹිලිපිටි ගැටුම සම්බන්ධයෙන් පොලිසියේ පිරිසක් අත්අඩංගුවට ගත හැකි සාක්කි ලැබී ඇතැයි පොලිස් ආරංචි තහවුරු කරයි.
ඇඹිලිපිටි ගැටුමට පොලිසිය වග කිව යුතු බවට තහවුරු කළ හැකි සාක්කි රැසක් ඇඹිලිපිටියේ විමර්ශන කණ්ඩායම් සොයා ගෙන තිබිය දී ඉදිරි විමර්ශන රහස් පොලිසියට බාර දීම ගැන පොලිසියේ උසස් නිලධාරීහු රැසක් විරෝධය පළ කරති.
පොලිසිය අලුතින් සොයා ගත් තීරණාත්මක සාක්කිකරුගේ සාක්කිය මරණ පරීක්ෂණයට ඉදිරිපත් කිරීමේ වැළැක්වීමේ වැඩ පිළිවෙළක් ඇත්දැයි සැක සහිත බව ද පොලිසියේම පිරිසක් කියති. වැරදිකළවුන් බේරීමට හදන යන ගැන තොරතුරු ඉදිරියේ දී මාධ්‍ය මගින් හෙළි කරන බව ද ඔවුහු පවසති.
පොලිස් මූලස්ථානය කියනුයේ එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි. පොලිස් පරීක්ෂණ නිසි ලෙස කරගෙන යන බවත්, කිසිවකුට බලපෑමක් නොකරන බවත් පොලිස් මූලස්ථානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. සාධාරණය ඉටුවේවා! (නි)
සත්‍යය කවදා හෝ ජයගනු ඇත (නි)
නිමල්ලලිත මගේ හිතේ මෙයාල පෙරනිමිති බලනවා ඇති කොහෙද තානාපති හරි මහකොමසාරිස් කමක් හරි පුරුප්පාඩු තියෙන්නේ කියල , පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ මල්ලි .හොඳ හොද සෙල්ලම් එළිවෙන ජාමෙට (බ)
වහාම වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න (නි)
හැම පැත්තෙන්ම වටකරලා ඉවරයි. ගැළවීමක් නැත. (නි)
සුරන්ට අමතක වෙලා ද කොහෙද ගිය ආණ්ඩුවේ නිතිය ක්‍රියාත්මක වුණු හැටි.අපි මැරිලා ඉපදිලා නැහැ කියල මේ අය කවද තෙරුන් ගනීද දැන් නැහැ. (බ)
මෙයට සමස්ත පොලිසියම වගකියන්න ඕන,සම්පුර්ණ වරද මොවුන් අතින් සිදු වුණබව දැන් ප්‍රසිද්ධීයේ පිළිගන්න වෙන්නේ, (ම)
රහස් පොලිසියට බාරදීලා නේද දැන් තියෙන්නේ? ඇයි පරීක්ෂණ මෙතරම් ප්‍රමාද? (නි)
වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනතෙක් අපි බලාසිටිමු (නි)
සාක්කි කරු ප්‍රවේසමෙන් , සාක්කිය අස්ථානගත වෙන්නත් බැරි නැහැ ! (ම)
වගකිවයුත්තන් වහා අස්විය යුතුයි (නි)
සියල්ල කාලයේ වැලි තලාවෙන් වැසීයන විදියට රජය වැඩ සැළසේවිද? (නි)
මම මේ නොදන්නවට අහන්නේ මෙපමණ පැහැදිලි සාක්ෂි ලැබී තිබියදී එම නිලධාරීන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ මන්ද? (කෞ)
පිටබැද්දර ජයා, මට ඔයාට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා. පොලිසියට බැරී නම් පොලිසියේ නම හදාගන්න පත්තරවත් එ්ක කරපු දෙන්. පාලු ගෙවල් වල වළං බිඳින්න දෙන්න එපා පොලිසියට. පත්තර කලාවේදීන්ට මගේ ආචාරය......(බ)
මිනීමැරුමක් කලැයි චෝදනාලත් නියෝජ්‍ය පොලිස්පතිවරයකුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්න පෙර ආණ්ඩුව සමත් විය , එහෙත් සහකාර පොලිස් අදිකාරිවරයකුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරගන්න බැරි තරමට මේ ආණ්ඩුව දුර්වලවී ඇත. (කෞ)
පොලිසියේ අර රුවන් වැකි කියන එක්කෙනා දැන් මොකද කියන්නේ කියල දැනගන්න ගොඩක් ආසවේ ඉන්නේ (බ)
ඉවසීමෙන් බලා සිටියොත් සාධාරණය ඉටුවෙයි. (ම)
අහෝ! මේ සියල්ල වචන හරඹයකට පමණක් සීමාවේවිද? (නි)
දේශපාලකයින් මෙම සැකකාර පොලිස් නිලධාරීන් පිරිස බේරාගැනීමට කුමන්ත්‍රණය කරාවි. මේ අය ලවා ඒ අය හොඳ හොඳ වැඩ කරවාගෙන ඇති. (නි)