අඬුවලට ටේප් ගසා ගමන් මල්ලේ සඟවාගෙන මලයාසියාවේ ක්වාලාලාම්පුර් වෙත රැගෙන යාමට උත්සහ කළ ජීවී ඉබ්බන් 124 ක් සමඟ ව්‍යාපාරිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු අද අළුයම 00.55 ට පමණ මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච් 178 දරණ ගුවන් යානයෙන් ක්වාලාලාම්පුර් බලා යාමට කටුනායකට පැමිණ තිබේ.
මින් එක් ඉබ්බෙකු මිය ගොස් සිට බව රේගුව කියයි. මෙම ඉබ්බන්ගේ අඬු වලට ටේප් ගසා සපත්තු මේස් තුළ බහා තිබු බව රේගුව කියයි.
2025 දෙසැම්බර් මස 18
97
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරික මල්ලෙන් ඉබ්බන් එළියට
ආනන්ද දොඩන්ගොඩ Friday, 03 July 2015 06:59 AM
අර පරණ කතාව මතක්වුණා, කොකෙක් ඉබ්බෙක් අරගෙන අහසින් ගිය එක. මේක ඉබ්බන්ගේ කකුල් ඔතලා මේස් කකුල් අස්සේ ගෙනගිය අලුත් කතාවක් (නි)
රූපවතී Friday, 03 July 2015 07:14 AM
මේ මිනිසුන් කිසිම බයක් සැකක්, නීතියට හිසනැමීමක්, නීතියට කොටින්ම කිසිම ගරුත්වයක් නැහැ. ජීවිත කාලයටම හිරේට යවන්න, කිසිම විශේෂ සමාවක් ඔහුට නොලැබෙන ආකාරයට. අපේ රටේ තමයි මේ හිංසාවල් ... (නි)