අඬුවලට ටේප් ගසා ගමන් මල්ලේ සඟවාගෙන මලයාසියාවේ ක්වාලාලාම්පුර් වෙත රැගෙන යාමට උත්සහ කළ ජීවී ඉබ්බන් 124 ක් සමඟ ව්‍යාපාරිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු අද අළුයම 00.55 ට පමණ මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච් 178 දරණ ගුවන් යානයෙන් ක්වාලාලාම්පුර් බලා යාමට කටුනායකට පැමිණ තිබේ.
මින් එක් ඉබ්බෙකු මිය ගොස් සිට බව රේගුව කියයි. මෙම ඉබ්බන්ගේ අඬු වලට ටේප් ගසා සපත්තු මේස් තුළ බහා තිබු බව රේගුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පරණ කතාව මතක්වුණා, කොකෙක් ඉබ්බෙක් අරගෙන අහසින් ගිය එක. මේක ඉබ්බන්ගේ කකුල් ඔතලා මේස් කකුල් අස්සේ ගෙනගිය අලුත් කතාවක් (නි)
මේ මිනිසුන් කිසිම බයක් සැකක්, නීතියට හිසනැමීමක්, නීතියට කොටින්ම කිසිම ගරුත්වයක් නැහැ. ජීවිත කාලයටම හිරේට යවන්න, කිසිම විශේෂ සමාවක් ඔහුට නොලැබෙන ආකාරයට. අපේ රටේ තමයි මේ හිංසාවල් ... (නි)