IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


වියදම් සීමා කරන්න ජනපතිගෙන් නියෝග

(අංජුල මහික වීරරත්න)

රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා සහයක් ලෙස රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් දැඩි සීමා පනවමින් ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන තිබේ.

වියදම් සීමා කිරීම පිළිබඳව භාණ්ඩාගාර චක්‍රලේඛය දැඩිව පිලිපදින ලෙස ද  දැනුම් දී ඇත.

රජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ නව කුලී හෝ බදු ගිවිසුම් වලට එළඹීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට සහ රජයේ අවශ්‍යතා සඳහා වන වාහන සඳහා පවතින ගිවිසුම් දීර්ඝ කිරීමට පෙර මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු බවද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

එමෙන්ම කඩදාසි භාවිතය හැකිතාක් අඩු කරන ලෙසත් ඒ වෙනුවට විද්‍යුත් සන්නිවේදනයට  මාරු වන ලෙසත් ජනාධිපතිවරයා රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබේ.

රාජ්‍ය ආයතන වල ඉන්ධන,විදුලිය සහ සන්නිවේදන පහසුකම් ඇතුළු සේවා භාවිතය සම්බන්ධයෙන් දැඩි පාලනයක්  පැනවීමට ද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙන අතර සමාජයේ දරිද්‍රතාවයෙන්  පෙලෙන ජනතාව උදෙසා සහනයක් සැලසීමට නම් හැකි තරම් කැපකිරීම් කර රාජ්‍ය අංශය ද ආදර්ශයක් ලබා දිය යුතු බව දැනුම් දී තිබේ.



අදහස් (26)

වියදම් සීමා කරන්න ජනපතිගෙන් නියෝග

චතුරි Sunday, 14 August 2022 04:59 PM

රට වලපල්ලෙට වැටුනට පස්සෙද ඉතිරිකිරීම් ගැන හිතන්න හිතුණේ. අවුරුදු ගාණක් මහින්දයි ඔබයි නේද රට මාරුවෙන් මාරුවට කෙරුවෙ. ඔබතුමා අගමැතිකම් දැරුවෙ නමුත් ලොකු නාස්තිකාර දේවල් සිදුවුණා. මහින්ද ජනාධිපතිකමයි මුදල් ඇමතිකමයි දෙකම අරගෙන. මුදල් අතින් කොයි තරම් මංල්ල කෑවද ? මුළු පවුලම. ඔබට පුළුවන්නෙ මොවුන් අත්අඩංගුවට අරන් ඔය සේරම වංචා කරපුවා අරගෙන ජනතවට සහනයක් දෙන්න. පුළුවන්කම තියෙද්දි වටෙන් යන්නෙ ඇයි? ගෝඨා රට වටේ යමින් සොරගත් මුදල් නිකරුණේ වෙන රටකට දෙමින් යනවා. ඔබතුමා ඇයි නිශ්ශබ්ද වෙලා ඉන්නෙ නීතිය ක්‍රියාත්මක කරන් නැතිව. ඔබට ජනතාව අකමැති ඒකයි. මහින්ද ආරක්ෂා කෙරුවා කියලා ඔබට පින් අයිති වෙන්නෙ නැහැ. දෙවි කෙනෙක් මෙ ලොකේ ඉන්නවා වෙන දේවල් බලාගෙන. බලය අතට අරන් සෙරම බලුවැඩ කරමින් අසරණ මිනිහා ඔළුව කැසුවත් හිරගෙදරට යවමින් වැජඹෙන කට්ටිය ඊළඟ ආත්මෙ බල්ලො වෙලා ඉපදෙන්නෙ. මිලියන ගණන් හොරාකපු උන් අත්අඩංගුවට ගන්නේ නැතිව. කොළ කෑලි පරිස්සමින් පාවිච්චි කරන එක සහනයක් නෙමේ. නීතිය පාවිච්චි කරන්න.

:       247       250

sisilSunday, 14 August 2022 07:49 PM

රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා සහායක් ලෙස රජයේ වියදම් සීමාකිරීම සම්බන්ධයෙන් සලකා බල රජයේ ඉහල වැටුප් ලබන නිලධාරීන්ගේ වැටුප අඩුකිරීමට කටයුතු කරන්න. දෙවනුව රජයේ නිලධාරියාගේ ඉහළ වැටුප, වාහනයක්, ඉන්ධන, රියැදුරෙකු සහ රියැදුරුට වැටුපක් ලබාදෙන වෙනත් රටවල් තිබේද ?

:       5       47

ලයන්Monday, 15 August 2022 04:54 AM

පළමුවෙන් පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න මොනවද මේ බොරු කතා, පාර්ලිමෙන්තුවේ හොරු රැලට ඉන්ධන දිමනාව ලක්ෂ 2 වැඩිකලා, බොරු ටොක්ස් මිනිස්සු අදන්නවා. සිංගප්පුරුවෙන් එකෙක් ගෙනල්ලා මහ බැංකුව මංකොල්ල කෑවා.මිනිස්සු හිතනවා නම් මෙයා රට හදයි කියල ඔගොල්ලන්ට දෙවියන්ගේ පිහිටයි.

:       2       28

pjMonday, 15 August 2022 08:43 AM

රට ආර්ථික හා සමාජයීය වශයෙන් අන්ත පරිහානියකට පත්වූ අවස්ථාවක රටේ අනාගතයේ වගකීම භාර ගැනීමට ඉදිරිපත්වීම ගැන රනිල්ට ස්තුතිවන්ත විය යුතුය. අවස්ථාවට අනුව කළ නොකළ යුතුදේ ඔහු චතුරිට වඩා හොඳින් දනී. රටේ හොරු වශයෙන් සිටියේ රාජපක්ෂලාම පමණක් නොවේ. ඔවුන් අල්ලා නීතිමය වශයෙන් වැරදි කරුවන්බව සනාථ කර දඩුවම් දීමට ගතවන කාලය අධිකරණ කටයුතු භාර අංශයකින් දැනුවත් වීම වටී. රනිල් පැමිණියේ මේ අවස්ථාවේදී රට වැටී තිබෙන සෘණ ආර්ථිකය ධනාත්මක තත්වයකට හැකි කෙටිම කාලයකින් ගෙන ඒමටය. ඔහු එය කරමින් සිටී. ඔබට අවශ්‍යම නම් සාක්ෂි සහිතව පෞද්ගලිකව උසාවි ගොස් රාජපක්ෂලා හොරකම් කළ මුදළක් වෙතොත් එය රජයට අය කර දීමට කටයුතු කළ හැකිය. එය ඔබේ පරම යුතුකමයි.

:       11       6

sharm warnMonday, 15 August 2022 11:05 AM

හය පාරක් අසමත්වේවි අගමැතිකම කරද්දී මෙයත් ලොකු දායකත්වයක් ලබාදුන්නා රට ආර්ථික වශයෙන් ගරාවැටෙන්න. මෙයාට මොන එහෙකටද ස්තූති කරන්නෙ? මේක හරියට මංකොල්ලකරයා වතුර ටිකක් දුන්න කියලා මංකොල්ලකරයාට සම්මානයක් දෙනවා වගේ කථාවක් නේ. මේ මනාසික වහල්භාවයෙන් දැන්වත් මිදෙන්න. මෙයාට අනගාතයක් නැතුව මෙයා කොහොමද රටට අනාගතයක් හදන්නේ.

:       0       0

pjTuesday, 16 August 2022 07:32 AM

To sharm warn:තමනට අනාගතයක් තිබෙනවා නම් පමණක්ද රට වැටී තිබෙන තත්වයෙන් ගොඩ ගැනීමට ඉදිරිපත් වෙන්න ඕන. ඔය මානසික වහල්භාවයෙන් දැන්වත් මිදෙන්න. සැබෑ වෙනසක් ඕන කියල බෝර්ඩ් ලෑලිවල ලියාගෙන දැඟලුවට හිත්වල තිබෙනදේ එළියට පනින්නේ නොදැනුවත්වම වගේ. 1960 ගණන්වල සිටම බෝර්ඩ් ලෑලි සෙල්ලම් අපි දැකල තියෙනවා . රටට අවශ්‍යදේ ඔබලාට අවශ්‍යදේම නොවෙයි. ශ්‍රී ලංකා මාතාවට කතා කරන්න පුළුවන් නම් එය කියයි. අරගලයට සහභාගී වුණ ලක්ෂ ගණනකගේ කැමැත්ත මිලියන විස්සකට වැඩි හැම මිනිසකුගේම කැමැත්ත කියල හිතෙනවා නම් එය ලොකුම වැරදීමක් කියල වටහා ගන්න අවස්ථාවක් එළඹෙන දිනය වැඩි ඈතක නොවේ.

:       0       0

ravin Sunday, 14 August 2022 05:00 PM

ඒ හින්දනේ දියවන්නාවෙ අයගේ මාසික දීමනා ලක්ෂ දෙක දක්වා වැඩි කළේ. අඩුවෙන් ගන්න ඉන්දන වෙළඳපොලේ තිබදේදි පරණ කොමිස් කාක්කන්ගෙන්ම ඉන්දන ලබා ගන්නේ. රට හූරා කන කට්ටියගේ ගෙවල්වලට වන්දි ලබා දෙන්න හදන්නේ. මේ ටික තව ලියන්න ගියොත් දවස් ගාණක් ලියන්න පුළුවන්.

:       45       109

pakeer Sunday, 14 August 2022 05:04 PM

තාමත් ලංකාවට අසාමාන්‍ය විදිහට බඩු ගෙන්නවනවා.

:       3       84

fairoos Sunday, 14 August 2022 05:10 PM

අරගල කරපු අයටත් විතරක් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව රට මේ තත්වයට වට්ටපු රාජපක්ෂවරුන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්නම්...

:       58       181

Dewa Sunday, 14 August 2022 06:14 PM

මොන දේ වුණත් ජනාධිපතිතුමා කළ එක දේවල් යම් පමණකින් හෝ කරන්නට බලනවා

:       37       7

senaSunday, 14 August 2022 06:39 PM

අනේ මොන බොරුද? ඔය හොරු ටික තාමත් හොඳින් ඉන්නේ...?

:       6       57

හතර හිනා Sunday, 14 August 2022 07:03 PM

විදුලිය පිරිමහන්න කියලා රජයේ සේවිකාවන්ට සාරිය ඇඳන් එන්න කියනවා. මොන තරම් විදුලියක් නාස්ති වෙනවද අයන් කිරිල්ලට සාරි යාර 6ක්.

:       4       38

විපරමා Sunday, 14 August 2022 07:45 PM

රටේ ආර්ථිකය වළපල්ලට ඇදලා දැම්මේ දූෂිත දේශපාලුවෝ. මේ දේවල් කරන්ඩ තිබුණේ මීට කලින්? එහෙම කළානම් අද මෙහෙම වෙයිද?

:       2       32

chandima Sunday, 14 August 2022 07:54 PM

මොකද අපිට ඉතිරි කරන්න වියදම් කපා හරින්න කියන්නේ? මන්ත්‍රී උත්තමයන් අටේ ආර්ථිතය ගොඩගන්න වෙහෙසෛන නිසා දීමනාව වත් වැඩිපුර දෙන්න හිතුනද?

:       0       22

Anura Sunday, 14 August 2022 07:56 PM

මං හිතන්නේ අරගලකරුවන් ජනාධිපති මන්දිරේ, අරලියගහ මන්දිරේ අල්ලාගෙන හිටපු දවස් ටිකේ රටට ලොකු මුදල් ඉතිර්යක් වුණා, මොකද එකේ හිටපු දෙන්නා රටේ සල්ලි නාස්තිකරන්න රුසියෝ, ඒ දෙන්න ඔය මන්දිරවල හිටපු දවස්වල ඒවායේ දවසේ නඩත්තු වියදමම කෝටි ගණනක් වෙනවා.

:       5       36

Nihal S Sunday, 14 August 2022 08:35 PM

Can you ask all Ex-cabinet ministers to return their vehicles and other facilities provided by the Government. What about those unpaid electricity

:       0       27

vinivida Sunday, 14 August 2022 08:58 PM

මේවනවිට ලංකාවේ ජාතික සත්වයා වන දඬුලේනා වෙනුවට වෙනත් සත්වයෙකු තෝරාගැනීමකට යොමුව තිබේ. ඇමතිවරයා කියා සිටියේ දිවියාය. දිවියා වෙනුවට අලියා හෝ ඇතා ජාතික සත්වයා ලෙස නම් කිරීම සුදුසුවේ. අතීතයේ රජදවස සිට අලි ඇතුන් මහජනත්වගේ එදිනෙදා කටයුතු කරගැනීම සඳහාත් පුරාණ රජදවස සිට වර්තමනය දක්වා දළදා පෙරහැරේ දළදා වහන්සේ කරඬුව වැඩමවීම සිට වෙනත් පුජනීය කටයුතු වෙනුවෙන් කරඬුව වැඩමවීම නිසාත් අලියා හෝ "ඇතා" ජාතික සත්වයා ලෙස නම් කිරීම සුදුසුවේ. මේ නිසා අලිවැට ඉක්මනින් ඉදිකිරිම සහ අලින්ට කරන හිරිහැර පවා නවතිනු ඇත,

:       3       8

Priyanka dheerasinghe Sunday, 14 August 2022 09:04 PM

රාජ්‍ය අංශයේ වාහන භාවිතාව මාසයකට නතර කරන්න පාරවල් හිස්ව තැබිය හැකි ය විදුලි වාහන වහාම ගෙන්වීමට පියවර ගන්න

:       1       19

ganegoda Sunday, 14 August 2022 09:10 PM

ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමති කෙනෙකුගේ මාසික වියදම අපි සොයා බලමුකෝ. අද අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අය සහ පාර්ලිමේන්තුව නිසා තමයි ජනතාවට වැඩි හරියක්ම වියදම දරන්න සිදුවෙලා තියෙන්නෙ.

:       0       26

Perera Monday, 15 August 2022 04:11 AM

ජනාධිපතිතුමාගේ V12 වාහනේටයි 225 V8 වාහන වලටයි ප්‍රභූන්ගේ 6 වාහන වලට අසීමිත ලෙස ඉන්ධන ලබගත හැක.

:       0       11

දාස Monday, 15 August 2022 04:57 AM

මේ හොරු 134 දෙනාගේ නායකයා මිස රටේ මිනිසුන්ගේ ජනාධිපති නොවෙයි.

:       2       17

jagath,jaya.ah, Monday, 15 August 2022 06:50 AM

මෙයා බොරුවට කියවනවා.

:       1       13

Willow Drive Monday, 15 August 2022 06:50 AM

පාර්ලිමේන්තු මැති/මන්ත්‍රී වරප්‍රසාද 50%ක් කපන්න, විශාල ඉතිරියක්.

:       0       17

SanthuMonday, 15 August 2022 10:40 AM

ඔව්, අකැමැති කෙනෙක් ඉන්නවා නම් ඇමැති, මන්ත්‍රී තනතුරු ආපසු බාරදිය හැකියි. මේ ක්‍රමයට කැමති අයට බාරදෙන්න...

:       0       4

Rohana Monday, 15 August 2022 07:38 AM

රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට උපදෙස් දෙන්න කලින් රටේ ඉන්න ජනාධිපති ඇතුළු මැති ඇමතිවරු ආදර්ශමත් වෙලා ඉන්න. රටේ මුදල් ඇතුළු සියළු පොදු දේපල නැතිවෙන තැනට පත්කලේ ඔය අවවාද දෙන පාලකයෝමයි.

:       0       11

Jagath Monday, 15 August 2022 09:58 AM

මැති ඇමැති මන්ත්‍රී සැමට දීමනා කපලා වියදම් සීමා කරන්න කියන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 94 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 140 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 128 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 442 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1140 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 550 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1295 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1540 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site