විවිධ අපරාධකරුවන්ට රටින් පැන යාම සඳහා විදෙස් ගමන් බලපත්‍ර සැකසූ බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

ඔවුන් සන්තකයේ තිබී මත්කුඩු මිලි ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

කඩවත ප්‍රදේශයේ දි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව ව්‍යාජ ගුවන් ටිකට් පත් සකස් කිරීමට අනුබල දුන් බව කියන තවත් අයකු හෝමාගම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත කොළඹ අපරාධ කොට්ටාසයේ රදවා වැඩිදුර විමර්ශන සිදු කරයි.