(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
රියදුරු බලපත්‍ර ඇතුළු අනකුත් ලේඛන ව්‍යාජ ලෙස සකස් කරන නාරහේන්පිට ඇල්විටිගල මාවතේ නිවසක් වටලා ව්‍යාජ රියැදුරු බලපත්‍ර සහ තවත් ලිපි ලේඛන තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු සමඟ ව්‍යාජ ලෙස සකස් කර තිබූ විවිධ පුද්ගලයන්ගේ නමට සකස් කර තිබූ ව්‍යාජ රියදුරු බලපත්‍ර 20 ක්, බැංකු කාඩ්පත් 7 ක් , විවිධ කාඩ්පත් 11, ආදායම් බලපත්‍ර 3, පරිගණක පද්ධතියක් සිංහල ව්‍යාජ බලපත්‍ර සකස් කිරීමට යොදා ගන්නා උපකරණ පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්යය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුන ජයසුන්දර , සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහත්වරුන්ගේ උපදෙස් මත බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක පි. බි .රාජනායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදු කර ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල පිටුපස මෙම ව්‍යාජ ලේඛණ සකස් කරන ස්ථානය පවත්වාගෙන ගොස් තිබූ බව පොලීසිය කියයි.
දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන් තැරැව්කරුවන්ට රැවටි ඉතා ඉක්මනින් බලපත්‍ර ලබාගැනීම සඳහා දහස් ගණන් මුදල් ලබාදී මෙම ව්‍යාජ බලපත්‍ර වලට රැවටී ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන කොළඹ 5 නාරාහේන්පිට පදිංචිකරුවෙකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ව්‍යාජ කච්චේරියක් නාරාහේන්පිටින් අල්ලයි