
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන මිල්ලෑව තක්ෂිලා උයන ප්‍රදේශයේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා ඉඩම් කොටස් 11 ව්‍යාජ ඔප්පු සාදා ඉතා අඩු මුදලකට වෙනත් පුද්ගලයකුට විකුණු සංවිධානාත්මක කල්ලියකට සම්බන්ධ දෙදෙනෙක් මොරගහහේනේ දී අද (13) අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ ව්‍යාජ හැඳුනුම්පත් 2, ජංගම දුරකථන 4 හා බැංකු කාඩ්පත් 4 පොලීසිය බාරයට ගෙන ඇත.
කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක් මීට වසර 18 කට පෙරදී වෙන්දේසි සමාගමකට අයත් පර්චස් 12 සහ 13 අතර ප්‍රමාණවලින් යුත් ඉඩම් කොටස් 13ක් මිලදී ගෙන තිබූ බව පොලිසිය කියයි.
එලෙස මිලදී ගත් ඉඩම් වල ඔවුන් පදිංචිව නොසිටි අතර මාස දෙක තුනකට වරක් එම ප්‍රදේශයට පැමිණ ඒවා සොයා බැලීමට පුරුද්දක් කරගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි
කොරෝනා වසංගතයේ හේතුවෙන් පසුගිය මාස කීපයේ ඔවුන් එම ඉඩම් පිළිබඳ සොයා බැලීමට නොපැමිණි අතර නාඳුනන පිරිසක් පැමිණ එම ඉඩම් සුද්ධ පවිත්‍ර කරන බවට ප්‍රදේශවාසීන් ලබාදුන් දුරකථන පණිවුඩයක් අනුව එම ඉඩම් මිලදී ගත් පුද්ගලයන් ඉඩම් වෙත පැමිණ සොයා බැලීමේදී සුද්ධ පවිත්‍ර කරමින් සිටි පිරිස පවසා ඇත්තේ ඔවුන් ඒවා මිලදී ගත් බවය.
එම ඉඩම්වල නිත්‍ය අයිතිකරුවන් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා හොරණ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ගිය අවස්ථාවේදී ඔවුන්ගේ නමට තිබූ ඔප්පු ඔවුන්ගේ නමින්ම වෙනත් පුද්ගලයන්ට පවරා ඇති බවට බවට දැන ගැනීමට ලැබීමෙන් පසු එම නිත්‍ය අයිතිකරුවන් පිරිස හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණි කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා නම් මොනවද? රටේ අක්කර ගාණක ඉඩම් ප්‍රසිද්ධියේ සින්නක්කර ඔප්පු වලින් චීනයට විකුණපු අය රටේ පාලකයන් වෙලා ඉන්නවා නම්..!!!
මේවා කරන අය පමණක් නොව, මේවට සම්බන්ධ පෙරකදෝරුවෝත් අත්අඩංගුවට ගත යුතුයි...