ව්‍යාජ ඊ-මේල් ලිපිනයන් මගින් එන්.ආර්.එෆ්.සී ගිණුම්වලින් රුපියල් බිලියනයකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි රහස් පොලිසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තාවේ.
පරීක්ෂකයන් පවසන්නේ එම ව්‍යාජ ඊමේල් ලිපිනයන් එන්ආර්එෆ්සී ගිණුම් හිමියන්ගේ නමින් එවා එම ගිණුම්වල මුදල් විදේශ ගිණුම්වලට මාරු කිරීමට කටයුතු යොදා ඇති බවයි.
මුදල් ගැනීමකින් තොරව තමන්ගේ බැංකු ගිණුම්වල මුදල් අඩුවීම සම්බන්ධයෙන් පාරිබෝගිකයන් බැංකුවට දැනුම් දීමෙන් පසු මෙම වංචාව හෙළිවී ඇතැයි කියති.
සැබෑ ඊමේල් ලිපිනයන්ට සමාන ආකාරයෙන් මෙසේ ව්‍යාජ ඊමේල් නිර්මාණය කර ඇති බවත් සැකයක් ඇති නොවන පරිදි ඒවායේ එක් අකුරක් දෙකක් පමණක් වෙනස්කර ඇති බවත් සොයාගෙන ඇත.
මෙසේ මුදල් බැරවී ඇත්තේ මැලේසියාව, තායිලන්තය, නයිජීරියාව හා බෙල්ජියම යන රටවල ගිණුම්වලට බව පරීක්ෂකයෝ කියති.
නිවැරදි ගනුදෙනුකරුවන් හඳුනාගැනීමේ විධිමත් ක්‍රමවේදයක් බැංකුව සතුව තිබිය යුතු බවත් මේ සඳහා ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සම්බන්ධවී සිටීද යන්න පිළිබඳවත් පරීක්ෂණ සිදුකරන බවත් රහස් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික මගේ ජීවිතේටම ඇහුව ඊමේල් වලින් බැංකු ගනුදෙනු කරන්න පුළුවන් කියල. (බ)
මම හිතනවා ගිණුම් හිමියන්ට පාඩු නොවෙන්න බැංකුව වග බලා ගනියි කියල. (බ)
බැංකුවේ ඉන්න නිලධාරීන්ගේ අභියෝගය නැතිව මේ වැඩේ කරන්න බැහැ. (බ)
ලංකාවේ පුද්ගලයන් මේකට අනිවාර්යෙන් සම්බන්ධයි, එහෙම නැත්නම් කොහොමද ,ගිමුම්වල විස්තර පිටවුණේ (බ)
අන්තර්ජාලය හරහා සිදු කරන මෙවැනි වංචා පිළිබද මිනිසුන්ව දැනුවත් කරන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ගොඩක් මිනිසුන්ට මේ ගැන කිසිම අවබෝධයක් නැහැ, නයිජීරියානුවන් අන්තරජාලය මෙවැනි වංචා ගොඩක් සිදු කරනවා. විවිධ ඊ මේල් පණිවිඩ යවමින් ග්‍රාහකයන් නොමග යවමින්, ඔවුන්ගෙන් දත්ත හොරකම් කරගෙන මෙවැනි දේවල් සිදුකරනවා . ඒ බැවින් ඔබ අන්තර්ජාල අවභාවිතයන් පිලිබඳ දැනුවත් වන්න. රජය නිදහස් අන්තර්ජාල කලාප හැදුව එක හොද දෙයක් . ඒ වාගේම අන්තර්ජාලයේ සිදුකරන වංචා වලින් මිනිසුන් මුදවාගන්නත් නිසි ක්‍රමවේදයන් පිළිබඳ අවදානයද යොමුකළ යුතය. (බ)
මෙම සිදුවීම බැංකු වල නොසැලකිල්ල නිසායි. මුදල් ප්‍රේෂණය කිරීමට පෙර අදාළ ගනුදෙනුකරුවන්ගෙන් ඊ මේල් මගින් තහවුරුවක් බැංකු ලබා නොගත්තේ මන්ද කියා සිතා ගැනීමට අපහසුයි. මුර පදයක් (password) වෙනස් කරන සෑම විටම මයික්‍රොසොෆ්ට් සහ ගුගල් වැනි ආයතන, ඉල්ලීම කරන තැනැත්තා ගෙන් තහවුරුවක් ලබාගන්නේ සියළු පාර්ශවයන්ගේ ආරක්ෂාව පිණිසයි. (නදී)
දෙයියනේ ඊ මේල් වලින් බැංකු ගනු දෙනු කරනවා කියල ඇහුවෙත් අද. ලංකාවේ සොයාගැනිමක්ද... ඉ බැන්කින්, ඉලෙක්ට්‍රොනික් ට්‍රාන්සැක්ෂන් වගේ දේවල් ඇරුනම කවුද බොලවූ ඊමේල් වලින් ගනු දෙනු කරන්ට අවසර දුන්නේ. මේවා ලෝකේ හිනස්සන වැඩ (නදී)
මෙය සිදු උනේ අද ඊයේ නෙවේ. දැනට වසරකට පෙර ලංකාවේම බැංකුවක සේවය කරන නිලදාරියෙක් මේ ආකාරයටම විදේශ ගත පුද්ගලයන් කීප දෙනෙකුගේ විදේශ මුදල් ගිණුම් වලින් ව්‍යාජ ඊමේල් යොදාගන හා ඒවාට බැංකුව මගින් යවන ලද ඊමේල් සදහා ඔහුම විසින් පිළිතුරු ඊමේල් යවා විසාල මුදල් කොල්ලයක් සිදු කරන ලදී. අවසානයේ තඹුත්තේගම බැංකු ශාකාවක සිට මෙය කරගන යද්දී රහස් පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගත්තා. ඒ වනවිට ඔහු රුපියල් මිලියන 9 මුදල් වංචාවක් සිදු කර තිබිණා. දැනට රජයේ කිසිම බැංකුවක් ඊමේල් මගින් මුදල් හුවමාරු නොකරන අතර ඒ සදහා ගිණුම් හිමිකරු විසින් ෆැක්ස් පතක් බැංකු කලමනාකරුට ඔහුගේ අත්සන සහිතව යැවිය යුතුය. එසේ තිබියදී මෙය කලේ කෙසේදැයි සැකයක් මතු වනු ඇත. වංචාව සිදුකරලීමට අවැසි පහසුකම් ලබාදී අවසානයේ මුදල් කොල්ලයක් සිදු උනා යැයි පවසන බව මට හැඟේ (නදී)
අපි ඉලෙක්ට්‍රොනික් බෑන්කින් කරනවා. බැංකුවල ඊට අදාල ආරක්ෂක ක්‍රමත් තියෙනවා. මේ කියන ඊමේල් වලින් ගනුදෙනු කරනවා කියන එක කාටවත් හරියට පැහැදිලි නැහැ වගේ. මටත් එහෙමයි. දන්නා කෙනෙක් මේක කියා දෙනවද? (නදී)
මේ වගේ දෙවල් වලට වග කියන්න ඕනි බැංකුව. අපේ සල්ලි වල ආරක්ෂාව ගැන බැංකුව වග බලා ගන්න වෙනවා.(නදී)
ශාන් සෞදි, ඒ කියන්නේ අවුරුද්දකට පෙර ලංකාවේ බැංකුව ඊමේල් වලින් ගනුදෙනු කලා? මේ වැඩේ උනාම දැන් කරන්නේ නෑ? මේ මිනිස්සුන්ගේ තාක්ෂණ දනුමනම් අන්තිමයි එහෙමනම්. ඊමේල් එකක් කොතරම් අනාරක්ෂිතද කියල දැන් ඉන්න අටේ පන්තියේ ළමයෙකුගෙන් ඇහුවත් කියයි. (නදී)
ලංකාවේ බැංකු තාම ඉන්නේ ගල් යුගයේ. (බ)
මේ කියන්නේ ලංකා බැංකුවේ සිද්දිය ගැනද? රාජ්‍ය බැංකුවල ඉන්න වයසක, අකාර්යක්ෂම නිලදරයන් වහාම විශ්‍රාම යැවිය යුතුය (නදී)
රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙහි ප්‍රතිපල තමා මේ.හෙන්චයියන් සුදුසුකම් නොමැතිව රජ්‍යසේවයේ. පලදායකව වැඩක් කරන රාජ්‍ය සේවක් ලංකාවේ නැති තරම්.ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත් ග්‍රීසියට වුණු දේ අපටත් සිදුවෙනවා බොහොම ළඟදීම. (බ)
ලංකා බැංකුවේ අය වෙන බැංකුවක ටික දවසක් වැඩ කරල ඵන්න....(බ)
මගෙත් තියනවා NRFC ගිණුමක් පුද්ගලික බැංකුවක. නමුත් ඊ මේල් හරහා මුදල් ගනුදෙනු කරන්න බෑ. ඊ-බෑන්කින් හරහා පමණයි අන්තර්ජාලයෙන් මුදල් හුවමාරු කරන්න පුළුවන්. බැංකුවේ නම කියන්න ඕන නෑ. ෂුවර් එකටම රාජ්‍ය බැංකුවක් වෙන්න ඇති. (බ)
මේ ඉතාලියේ ඉන්නවා ලංකා බැංකුවේ ගැනියෙක් මෙලෝ වැඩක් දන්නේ නෑ (බ)