(රවින්ද්‍ර ලියනගේ)
කොළඹ හලාවත මාර්ගයේ වයික්කාල දේවස්ථානය අසලදී අද (5) දහවල් වෑන් රථයකින් පැමිණි පිරිසක් කළ වෙඩි තැබිමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව වෙන්නප්පුව පොලිසිය කියයි.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ සිංගක්කුලිය යෝගියානේ පදිංචි සංඛ නැමැත්තෙකු බවට හඳුනා ගෙන ඇත.
හලාවත දෙස සිට කොළඹ දෙසට වැගන් ආර් වර්ගයේ රථයකින් ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඇත. වෙඩි වැදීමත් සමඟම වෑන් රථය නොනවත්වා කොච්චිකඩේ පොලිසියට ගොස් සිද්ධිය පවසා ඇත.
පසුව පොලිසිය විසින් තුවාලකරු මිගමුව මහ රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කර ඇත. වෙඩි තැබු පිරිස පලාගොස් ඇති බවත් මෙම සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd